බැරන් මැදුර තුළ ඊශ්‍රායලයේ අගමැති, හමුදාපති ඇතුළු රටේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් සහ ගාඩියන් සංවිධානයේ වංශ හතරෙහි නායකයන් සහ ප්‍රධානීන් රැස්ව සිටියහ. නිවැරදිව පස්වරු තුනේ කණිසමට රැස්වීම ආරම්භ විය. පැමිණ සිටි රූබෙන් නම් රබ්බී වරයාගේ ප්‍රධානත්වයෙන් දෙවියන් සිහි කිරීමෙන් අනතුරුව ඩේමියන් පළමු පහනට සිය කතාව පැවැත්වීම ආරාධනා කලේය. සිය සුදු ලෝගුවට ම සම්බන්ධව තිබූ හිස්වැස්ම පහත හෙලූ ඔහු කොක්කක හැඩය ගය්හ් එඬේර සැරයටිය සමඟ සභාව ඉදිරියට පැමිණ සිය හඬ අවදි කලේය.
"ලැන්ටර්න් වරුන් නියෝජනය කරමින් පළමු පහන ලෙස මගේ පළමු රැස්වීමත් නව ගාඩියන් වරු ලෙස ඔබ ඉදිරියේ සිටින ඩයමන්ඩ්ස් , ක්ලබ්ස් , ස්පේඩ් සහ හාට්ස් වංශ ප්‍රධානීන්ගෙත් පළමු රැස්වීමවන මෙම සභාවට සහභාගී වීමට ලැබීම මට ලොකු ගෞරවයක්. අද දින මෙතැන කතාවකට වඩා මම මගේ රාජකාරියක් සිදු කිරීමට පැමිණි බව මේ සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. හිටපු පළමු පහන විසින් මා වෙනුවෙන් තබා ගිය සටහනක් ඔබට ඉදිරිපත් කිරීමටයි මගේ මේ සූදානම.
මාගෙන් පසු පළමු පහන වන ඔබට තබන සටහනකි මේ....
මෙය කා අතට පත්වේවි දැයි මට සැක ඇති බැවින් මම විශාල රහසක් මෙම සටහනෙන් සඟවමි. ඒ රහස මා සොයා ගත්තේ මීට දින කිහිපයකට පෙරයි. එය දැනුම් දීමට මම නායක ගාඩියන්වරයෙක් වන සිමියොන් බැරන්ව හෙට දින මැලේසියානු ගුවන් යානයකදී හමුවීමට නියමිතව සිටියෙමි. මාගේ නිවස වටා දැන් පැය කිහිපයක සිට සැක කටයුතු අමුත්තන් හැසිරෙනු දැකීම නිසා මම මෙය ලියා තබමි. වැරදීමකින් හෝ මම ඔවුන් හමුවීමට පෙර මියගිය හොත් හෝ හෙට දින සිමියොන් බැරන් හා මම මියගිය හොත් ඔබ කළ යුතු යමක් වෙයි. වහාම ඩේමියන් හමු වන්න ඔහු අප ගැන අපටත් වඩා දන්නා අයෙක්. ඔහුට පවසන්න
ශිෂ්ඨයයි සිතාසිටින , අශිෂ්ඨයින්ගේ වීර කාව්‍යක් යැයි කියන්නා වූ දීන කාව්‍යයේ බුද්ධිමත් නමුත් දීනම සැළසුම උතුම්ම හැඟීමෙහි සඟවා අතුරා ඇත.
තවද යම්හෙයකින් ගාඩියන්වරුන් සියලු දෙනාම මියගොස් තිබුණ හොත් සභාව ඉදිරියේ ඩේමියන්ට මෙය පවසන්න බුද්ධිමත් ඇත්තෝ තේරුම්ගනිත්වා....
මගේ දුරකතන සම්බන්ධතාවය කපා ඇති බව මම දැන් දැන ගත්තෙමි. සියල්ලෙහි අවසානය ලඟාවෙමින් පවතී. යහපතෙහි ජයගැන්ම ඇරඹී ඇත. මා මියගොස් නම් එයට වැරැද්ද මගේ පමණක් නොවේ සිමියොන් බැරන්ද මරණයට වගකිව යුත්තෙක් වනු ඇත. නමුත් මම මගේ ප්‍රාණයටත් වර්ථමාන වංශ නායකයින්ටත් වඩා ඩේමියන් සහ ජේකබ් යන අනාගත වංශවතුන් විශ්වාස කරමි. ඔවුන්ට අපේ උපරිම සහය ලබා දෙන්න. අපේ පුද්ගලික සහ පොදු ණය සියල්ල පියවන්න.
ජය වේවා..... "
මට මේක ලැබුනේ ඊයේ. එතුමගෙ පෞද්ගලික බඩුබාහිරාදිය අස්සෙ තිබිලා. අපේ එක්තරා රහස් ස්ථානයල මේක සඟවලා තිබුනා. ලැන්ටන්වරුන් ලෙස අපේ සංවිධානයේ එක වගකීමක් තමයි සියලු දේ ගැන අවධානයෙන් සිටීම සහ සියලු සිද්ධීන් පුරෝකතනය කිරීම හා සටහන් කිරීම. ඒ අනුව සිදුවුණු ඝාතන ගැන අපේ අනුමාන කිරීම මෙයයි.
පළමු පහන යම් වැදගත් රහසක් දැනුම් දෙන්න සිමියොන් බැරන් හමුවීමට තීරණය කලා. නමුත් ඊට දවසකට කලින් පළමු පහන පැහැර ගැනීමකට ලක් වෙලා තියනවා. ඔහු විදිහට වෙස් වලාගෙන ෆෝලන්කෙනෙක් ගුවන් යානයට ඇතුල් වෙලා තියනවා. ඒවගේම ගුවන් නියමුවන්ගෙන් කෙනෙක් ෆෝලන් වරයෙක්. උඩු ගුවනේදි යම්කිසි සටනක් සිදුවෙලා තියනවා. එතැන ගාඩියන්වරු රැගෙන ගියපු සහ ෆෝලන්වරු රැගෙන ගියපු සටන් කරුවන් ඉඳලා තියෙන්න ඕනේ. මොකද ගුවන් යානය ඇතුලත වෙඩි හුවමාරු වෙලා තියන විදිය අනුව ඒක අපේ නායකවරු තනියෙන් සටන් කරා වෙන්න බෑ. ඒ වගේම ආරක්ෂක අංශවල ඇස්වහලා ආයුධ අරන් යන්න දෙගොල්ලොන්ටම පුළුවන් වෙලා තියනවා.
නමුත් ගුවන් යානය තුල පුපුරන ද්‍රව්‍ය වලින් කරපු හානියක් නෑ. එන්ජින් පුපුරා යෑමෙන් තමයි අනතුර වෙලා තියෙන්නේ. ඒවගේම කලු පෙට්ටිය අතුරුදහන්. මේක හොඳටම සැලසුම් කරලා තියනවා මොකද ගුවන් යානය බිම වැටිලා ගින්දර නිවෙන්නත් කලින් කලු පෙට්ටිය හොරකම් කරලා තියනවා.
ඒවගේ ම ගාඩියන්වරු විසින් නව ගාඩියන්වරුන්ට බලය පවරද්දී ඉටු කරන චාරිත්‍රයක් තියනවා ඒ තමයි ඔවුන්ට යමක් සොයා යෑමේ අභියෝගයක් ලබා දෙන එක. ඒක ගාඩියන්වරුන්ගේ නව ආරම්භයේ ඉඳලා කරගෙන ගියපු කාරණාවක්. ඒ අනුව ඊශ්‍රායල් රජය විසින් වසරකට රටේ ශුද්ධ ආදායමෙන් ලබාදෙන සීයට පහක කොටස වගේම වංශ නායකයින් වසරකට සිය ආදායමෙන් සීයට දහයක් තැන්පත් කරන ස්තානයට යාමේ යතුර ඒකියන්නේ වංශ හතරේ මුදු හතර සඟවලා තියනවා, ඒක සොයා ගැනීම ඔබේ වගකීමක්. ඒකට නව වංශවතුන්ට දවස් 84ක් තියනවා. අසූ පස්වෙනි දවසෙදි අදාල ධනස්කන්දය තැන්පත් කරන්න අසමත් වුනොත් ගාඩියන්වරුන්ව සංවිධානය විසින් ප්‍රතික්ෂේප කරනවා ඒ වගේම ඒක මේ සංවිධානයේ අවසානය වේවී. මොකද කියනවනම් 2013 වසරෙදි අපේ වැරැද්දක් විදිහට එලියට ගියපු තොරතුරු නිසා නායකත්වයට උරුමකම් කිවහැකි හැම කෙනෙක් ම මේ වෙද්දි මියගිහින්. ඉතින් සුබ පැතුම් නව ගාඩියන් නායකයිනි. ඒවගේ ම මම ඩේමියන් සහ ජේකබ් ඔබ දෙදෙනාගේ ඉදිරිය ගැන විශේෂයෙන්ම බලා සිටිනවා මොකද අපේ පැරණි පළමු පහනගෙ අවසන් වචන මම මටත් වඩා විශ්වාස කරනවා....
ස්තූතියි.... "
ඔහුගේ කතාවෙන් පසු ඩේමියන් සභාව ඉදිරියට පැමිනියේ සුපුරුදු සැහැල්ලු සහ තැන්පත් පෙනුමෙන්.
" හිතපු නැති විදිහට ලැබුනු වර්ණනා ගැන ස්තුතියි.. මේ රැස්වෙලා ඉන්න අය අපිව හරියටම අඳුරන්නේ නෑ. නායකයා අඳුරන්නේ නැතුව අනුගාමිකයන්ටත් අනුගාමිකයෝ අඳුන ගන්නෙ නැතුව නායකයන්ටත් ගමනක් නෑ. මම පෞද්ගලිකව මේ හැමෝටම කතාකරලා තියන නිසා අනිත් අයට මම මේ අවස්ථාව ලබා දෙනවා එකිනෙකා හඳුන ගන්න. ඊට පස්සෙ අපි සභාවේ ඉතුරු වැඩටික කරගෙන යමු.
ඩේමියන් නැවත ඇලෙක්සා ගැල් සහ ජේකබ් වෙත පැමින ඔවුන් සියලු දෙනා කැටුව අමුත්තන් එකිනෙකා ලඟට ගොස් ඔවුන්ව හඳුන්වා දුන් අතර කණගාටුව ප්‍රකාශ කිරීම්, සුබ පැතීම්, ගෞරව දැක්වීම් සහ අතරින් පතර දේශපාලනික ව්‍යාපාරික තොරතුරු හා වෙනත් වල්පල්ද හමුවේ තවත් පැයක් ගෙවුනු අතර ගාඩියන් සෙබලියන් සහ සෙබලුන් කිහිප දෙනෙක් අමුත්තන්ට වයින් සංග්‍රහ කිරීමෙන් පසු නැවත රැස්වීම ක්‍රමවත්ව ඉදිරියට කරගෙන යාම ආරම්භ වූයේ වගකීම්වල බර මොහොතකට නිදහස් වී සියලු දෙනා එක සමාන හැඟීමකට සභාවම පත්වීමෙන් පසුවයි.
" මෙතැනට අද රැස්කරලා තියෙන්නේ මට විශ්වාසවන්ත ම අය කියලා හිතුන අයව. ඒ වගේම ඔය ලියකියවිලි වල ඔයාලගෙ අලුත් වගකීම් තියනවා ඒවගේ ම ඒවගේ පිටපත් මම හාට් වංශයේ නායිකාව විදිහට ගැල්ටත් ලැබෙන්න සලසලා තියෙන්නේ. ඒක එතකොට නිළලත් විදිහට ම සිදු වෙනවා. එතකොට අදාල වංශවල නායකයින්ට ඔයාලට දැනුම් දෙන්න තියන දේවල් දැනුම් දෙන්න පුලුවන් ලිඛිතව තවටික වෙලාවක පස්සේ.... ඒවගේම අපි අලුත් නිසා අනිත් තණතුරුවල කිසිම වෙනසක් කරන්නේ නෑ ඔයාලට ඕවා කියවලා බලන්න දැන් වෙලාව තියනවා. ඒවා කියවලා අදාල නායකයින්ව හමුවෙලා කට්ටියටම පිටත්වෙන්න පුලුවන්...අපි ලෑස්ති කරලා තියන සමරුවක් ඔයාලට මේ මැදුරෙන් එළියට යද්දි ලැබෙයි... හොඳයි අගමැතිතුමනි ලබා දුන්න වෙලාව ගැන ස්තූතියි. ඒවගේ ම පොලිස්පති සහ හමුදාපති ජේකබ්ව සහ මාව පොඩ්ඩක් හමුවෙලා යන්න."
ඩේමියන් නැවත ජේකබ් වෙත පැමිණ හමුදාපති සහ පොලිස්පති තනතුරු දරන්නන් වෙනුවෙන් රැදී සිටි අතර ඔවුන් පැමිණි සැණින් ඩේමියන් සිය හඬ නැවත අවදි කලේ නිතැතින් එන නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරමින්.
" හොඳයි අපිට විශ්වාසවන්ත මූලාශ්‍රයකින් දැනගන්න ලැබුනා ෆෝලන්ස්ලට හමුදාවේ සහ පොලීසියේ උදව් වෙනදට වඩා ලැබෙනවා කියලා. ඒක ගැන මොකක්ද මේ. මහත්වරුන්ට කියන්න තියෙන්නේ. "
නිලධරයන් මුහුණට මුහුණ බලා ගත් අතර එක් අයෙක් දෙදෙනා වෙනුවෙන් ම සිය අදහස් ප්‍රකාශ කලේය.
" සමාවෙන්න මොකක් ගැනද මේ කියන්නේ...? "
එ අවස්ථාවේ දීම ජේකබ්ද මුව විවර කිරීමට තීරණය කලේය.
" ඊශෙම් රෙක්සාක්, ලාබන් සේම්රෙත් කියන දෙන්නා කාට්ල් මැරයොන්ට ඊශ්‍රායලය ඇතුලෙදි ආයුධ දීලා තියනවා. ඒ හමුදාවෙන්. ඒවගේ ම පොලිසිය අපිව ලුහුබැඳලා ෆෝලන්ස්ලට තොරතුරු දීලා තියනවා... "
" මොකක් ????? " නැවත උසස් නිලධාරීන් විස්මය ප්‍රකාශ කලහ.
" ස්කල්හෙඩ් ගෑන්ග් එක කියන්නේ ගාඩියන්ලගෙම කොටසක් ක්ලබ්ස් වංශෙ කොටසක්... ඒක අස්සේ රිංගන් හිටපු ෆෝලන්ලා එකා දෙන්නා මේ වෙද්දි අපි අල්ලන් ඉන්නවා. ඒකෙන් හම්බුන පොඩි තොරතුරක් ඔය. උන් ගැන හොයලා බලන්න..... අපිට ඔයාලට අගෞරව කරන්න එහෙම උවමනාවක් නෑ. එහෙම එකක් වුනා කියලා හිතනවා නම් සමා වෙන්න.... " නැවත ජේකබ් කීවේ උසස් නිලධාරීන්ගේ හිතත් දිනා ගැනීමේ අරමුණින්.
" අපි අනිවාරෙන් බලන්නම්. පුළුවන් තරම් අපේ රටෙන් ඩ්‍රග්ස් ඈත් කරලා තියන්න පුතා හමුදාපති ජේකබ්ගේ උරහිසට තට්ටුවක් දැමූ අතර ඔහු අනුගමනය කරමින් පොලිස්පතිද ඔවුන්ට සුඛ පතා බැරන් මැදුරෙන් පිටව ගියහ.
සභාවේ එකිනෙකා සිය පෞද්ගලික දැනුම් දීම් ලියුම්වල ලියා තබා සමු ගෙන යෑම ඇරඹී තිබිණි. ඩේමියන්ට අතට අත දී අවසාන තැනැත්තාත් පිටවුනු පසු ගාඩියන් සෙබලුන් කැඳවා ඔවුන්ට මිතුරන් සේ කතාබහ කර ත්‍යාග ද ලබාදී ඩේමියන් ඔවුන්වත් පිටත් කලේ සියලු දෙනා සමඟ රහස් කාමරයට යන අදහසින්.
හුරු පුරුදු වට මේසයෙහි හිඳ ගැනීමෙන් පසු ඩේමියන් සිය ටයි පටිය බුරුල් කර සිය කමිසයේ ඉහළ ම බොත්තම් කිහිපය ගලවා සැහැල්ලුවෙන් අනෙක් අය දෙස බැලූ අතර කතා කිරීමට නො ඉවසිල්ලෙන් සිටින කතුන් දෙදෙනාගේ මුහුණු ඩේමියන් දුටුවේ එවිටයි.
" මොකද ? " ඩේමියන් ඇසුවේ කන්න වගේ තමා දෙස බලා සිටින ඇලෙක්සා සහ ගැල් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බලමින්.
" මට කියනවද කාගෙන් අහලද මෙච්චර දේවල් තොගයක් ලියන්න කියන්න මට බාරදුන්නේ? "
" කවුද ගාඩියන්ලව අලුතෙන් හදපු රැජිණ.. "
ගැල් සහ ඇලෙක්සා එකවර ම විමසූ අතර ඉන් පසු කෙටි නිහඬතාවක් ඇති වුනේ නැවත මුව විවර කිරීමට කතුන් දෙදෙනාට ඉඩ වෙන් කරමින්.
" අනික මොනවද මේ මුදු? කොහෙන්ද අපි මේවා හොයන්න ඕනේ...? "
ඇලෙක්සා විමසූ අතර " අපිට මෙච්චරයි අඩුවෙලා තිබ්බේ තව කරන්න රාජකාරී.. " ගැල් පැවසුවාය.
තරුණයින් දෙදෙනා ම එකවර මුහුණට මුහුණ බලා ගත් අතර දෙදෙනා ම එක්වර කොක් හඬලා සිනාසෙන්න වූයේ තරුණියන් දෙදෙනා කෝපයෙන් රත් පැහැ ගන්වමින්.
" ඕක නවත්ත ගන්නවා " නැවත තරුණියන් දෙදෙනා ම එකවර කෑ ගැසූ අතර එය ඔවුන් දෙදෙනාගේ සිනාවට ද හේතු වී නායකයින් සිව් දෙනා දින ගණනකට පසු අවංකව සිනහවක් නැගූහ.
" අපි රාජකාරි වැඩ ටිකකට අමතක කරලා පොඩ්ඩක් අපි ගැන කතා කරමු ද? " සිනහව නතර කර ජේකබ් විමසුවේ බැරෑරුම් මුහුණකින්.
අන් අය කතා කිරීමට පෙර නැවත ඔහුම සිය හඬ අවදිකලේය.
" මාව මැරෙන්න යද්දී ඩේමියන් මාව බේරගත්තා ෆියුනරල් එක දවසේ... මාව මරන්න එවපු කාට්ල් කාරයින්න්ව එවලා තිබ්බේ කොල්ලෝ දෙන්නා මරන්න කෙල්ලන්ට කරන්න පුළුවන් දෙයක් නෑ උන් නැතුව කියලා. අපි නැති වුනත් මේවා ඉස්සරහට කරන්න ඔයාලා ශක්තිමත් වෙන්න ඕනේ. "
" මාව නම් අවතක්සේරු කරන්න එපා කියන්න ඔයාගේ කාටල් යාළුවන්ට " ගැල් පැවසුවේ කතාවට බාධා කරමින්.
" මම හොයලා බැලුවා ඇලෙක්සා ඔයාගෙ පිටිපස්ස හැමවෙලේම එළියේ.... " ජේකබ් පැවසුවේ ගැල්ගේ බාධාව මධ්‍යයේ.
" මොකක්? " ඇලෙක්සා විමසුවේ රතූ වූත් ප්‍රශ්නාර්ථයක් දැන්වෙන මුහුණකින්.
" ඔයා යන එන තැන් හැම දේ ම පිළිවල වැඩී කාලසටහනක් තියනවා... හතුරන්ට ඕන වෙලාවක ඔයා කරන දේ හිතන්න පුළුවන් ඔයාගේ පිටිපස්සෙන් ඇවිත් පහර දෙන එක සාමන්‍ය වීදී මැරයෙක්ටත් කරන්න පුළුවන්... එතකොට ගැල් ඔයා... ඔයා ඉන්නේ ගෙදරමයි උදේට ව්‍යායාම කරන්න එලියට ආවම දවසක දෙ පාරයි හෝ තුන් පාරයි ගෙදරින් එළියට එන්නේ. ඔයත් ඕනවට වඩා එළියේ ඉන්නේ. ඩේමියන් ගැන කියන්න ඕනේ ඒයා හැම වෙලේම සැලකිල්ලෙන් ඉන්නේ එයා සැලකිල්ලෙන් නැති වෙලාවට එයා ගැන සැලකිල්ලෙන් ඉන්න ජූද් ඉන්නවා... ඔයා දෙන්නා ඔයාලගේ ආරක්ෂාව ගැන ඔයිට වඩා හිතන්න ඕනේ.."
" ඔය තුන් දෙනා " ඩේමියන් ද කතාව මැදට පිවිසියේය.
" ඔව් ඔව් අපි තුන් දෙනා කියලම කියමුකෝ ඔයාලා මොනවා නැතත් තමන් ගැන හිතන්න ඕනේ.... මොකද ඔයාලා දිහා ගොඩක් අය බලා ගෙන ඉන්නවා.... " ජේකබ් පැවසුවේ ඇලෙක්සාගේ ඇස් දිහා ඍජුව බලමින්.
" හොඳයි.... ඊශ්‍රායලය ඇතුලෙ දී ඩයමන්ඩ්ලාගේ හොඳම සෝල්ජර්ස්ලා මම දෙන්නම් ඔයාලගෙ ආරක්ෂාවට " ඩේමියන් පැවසූ අතර " අපේ රටෙන් එළියට යනකොට මට කියලා තියන්න මම ඒක බලාගන්නම් " ජේකබ්ද වගකීම බාරගත්තේය.
" එතකොට මුදු ? " ගැල් විමසුවාය.
අසුනින් නැගිට කාමරයේ කෙලවරකට ගොස් ඩේමියන් නැවත පැමිණියේ සිතුවම් කිහිපයක් සහ රන් ආභරණ සෑදීමේදි භාවිත කල අච්චුවක් ද සහිතවයි.
" මේ තියන අච්චු වලින් තමයි මුදු හතර හදලා තියෙන්නේ. ඒත් මේ කඩලා දාලා තියන කොටසෙනුත් මුද්දට යම් යම් කොටස් එකතු වෙලා තියනවා.... ඒවගේ ම මේ පින්තූරයේ තියන විදිහේ අඟුලක් තමයි සේප්පුවට තියෙන්නේ සේප්පුවක් කිව්වට ඒක දූපතක පොළොව යට තියන විශාල ගබඩාවක්.... මම දන්න විදිහට ඒක තියන තැන දන්නේ පස්වැනි පහන විතරයි.... අපි තව දවස් අසූ පහක් යන්න කලින් ඒක හොයා ගන්න ඕනේ. ඒ හතරෙන් එකක්වත් අඩු වුනොත් ලොක් එක අරින්න බෑ ඩේමියන් පැවසුවේ මේසය මත දිග හල අඟුලක චිත්‍රයක් සහ කාඩ්කුට්ටමේ වංශ හතරෙහි සළකුණු විශේශ ලෙස කැටයම් කරන ලද මුදු හතරක් සෑදීමට භාවිත කල අච්චුද පෙන්වමින්.
" එතකොට ඒකද කරන්න තියෙන්නේ ඊලඟ මාස දෙක තුනේ? " ගැල් ඇසුවේ වෙහෙස හඟවන මුහුණක් පෙන්වමින්.
" සරලවම ඔව්... තාත්තා මට හින්ට් එකක් දීලා තිබ්බේ ලියුමක " ඩේමියන් පැවසූ පසු අන් අයගේද මුහුණේ ඉරියව් වෙනස් වූ අතර මුලින්ම ජේකබ් ගේ හඬද නැගුනේ ඒ අතරමයි.
" ඒ කියන්නේ ඒක තමයි තාත්තා මටත් මන් ගැන බලන්න කිව්වේ "
"මම හිතන්නේ හැමෝටම හින්ට් එක ගානේ ලැබෙන්න ඇති " ඇලෙක්සාද පැවසුවේ තමාට ද ඉඟියක් ලැබී ඇතිබව නොකියා කියමින්.
" වෙලාව හයයි නේ කට්ටියම මෙහෙන් කාලා යමු.... ඩේමියන් නැගීසිටිමින් පැවසුවේ සාක්ච්ඡා කරන්න කිසිවක් නැති හෙයින්.
" මට දැනගන්න පුලුවන්ද කවුද රැජින කියලා මම එයාගේ ෆෑන් කෙනෙක්... " නැගී සිටින අතරම ඇලෙක්සා පැවසීය.
" මම හිතන්නේ කවුරුත් ඒක දන්නේ නෑ..." ඩේමියන් පැවසුවේය.
" සොරි කොල්ලා, මම එනකන් අක්කයි පොඩි උන් දෙන්නයි කන්න බලන් ඉන්නවා... "මම යන්න ඕනේ ජේකබ් පැවසුවේය.
" ඉතින් එයාලාටත් එන්න කියමු මම වාහනයක් යවන්නම්.... ගැල් කන්න වෙලාව එනකන් තාත්තගේ තෙල් සිතුවම් එකතුව බලන්නත් පුළුවන්.... ඇලෙක්සා කන්න කැමති මොනවා හරි තියනවනම් එහෙම කියන්න... " ඩේමියන් පැවසුවේ ජේකබ්ගේ කරට අතක් දාමින්.
" කොහොමද මෙයා මම තෙල් සිතුවම් වලට කැමතියි කියලා දන්නේ...? පළවෙනි දවසෙ ඉඳන් හොරෙන් බලන් ඉඳලා ද කොහෙද... " ගැල් සිතෙන් සිතමින් රහස් කාමරයෙන් පිටතට පැමිනියාය.
*****
𝙻𝙴𝙶𝙴𝙽𝙳 𝙾𝙵 𝚃𝙷𝙴 𝙶𝚄𝙰𝚁𝙳𝙸𝙰𝙽𝚂 නම් කතා සමය මෙතැනින් නිමාවෙන අතර ස්කල්වර්ස් හී ගාඩියන්ස් කතාමාලාවේ ඊළඟ කතා සමය ලෙස මුදු සොයා තරුණ ගාඩියන්වරු යන ගමනත් සමඟ නැවත හමු වෙමු.
תגובות