ඇලෙක්සා තුල සිය ගාඩියන් වංශයේ ඉතිහාසය කියැවීමට වැඩි කාළයක් ගතකිරීමට කැමැත්තක් නොවීය. නමුත් 1985 සිට ඉදිරියට ක්‍රමවත්ව යොදා තිබූ සටහන් ඇගේ සිත කුතුහලයෙන් පුරවාලීමට සමත්විය. " කවුරු වෙන්න ඇතිද මේ රැජිණ ? " පැරනි ලිපිගොනු විවරකරන සෑම විටම ඇය සිතුවාය. ඇය අවසානයට කියැවීම නැවැත්වූ ස්ථානයෙන් නැවත කියවීම ඇරඹුවාය.
1985 ට පෙර යුගයේ ගාඩියන්වරු දාවිත්ගේ දරුවා සොයා පැමිනීමේදී එම යුගයේ සිටි රාජ්‍ය උරුමය සහිත තිදෙනෙකු ඔවුන් හඳුනාගෙන දෙදෙනෙක්ව ආරක්ෂාකළද එක් අයෙක් මියගොස් තිබුනේ ගාඩියන්වරුන්ගේ ඇස් ඉදිරිපිටය. එය වෙනුවෙන් පලිගැනීමට එවකට සිටි ගාඩියන්වරු ෆෝලන්ස් සංවිධානයේ සියලු දෙනා අමු අමුවේ මරා දැමූ අතර එම සංවිධානයේ නායක වංශ හතරද මුලුමනින්ම උපුටා දමා තිබිණි. පසු කාලීනව රජ්‍ය උරුමය ඇති අයෙක් යුදෙව් නොවන කාන්තාවක් විවාහ කරගැනීම නිසා රාජ්‍ය උරුමය අහිමි කරගත් අතර අනෙක් උරුමක්කරු ප්‍රංශයේ ගාඩියන්වරුන්ට සම්බන්ධ බලවේගයක ආරක්ෂාව යටතේ සිටි නමුත් හරිහමන් නායකත්වය ඔහුගෙන් අපේක්ෂාකිරීම උගහට විය. මියගිය රාජ්‍ය උරුමක්කරුගේ දියණිය ගාඩියන්වරුන්ට නව අරමුණක් ලබාදුන්නාය. යම් රහසිගත හේතුවක් නිසා එවකට සිටි ගාඩියන්වරුන් ඇයව දැඩිලෙස විශ්වාසකරමින් ඇයගේ සියලු කාර්යන්ට සහය දක්වා තිබිනි.
නමුත් ඇය සියල්ලට පෙර ගාඩියන්වරුන්ට අභියෝග ලබාදී තිබිනි. ඩේමියන්ගේ වංශයේ එවකට උරුමක්කරු වූ ජෙසායාගේ උපකාරයත් සමඟ රෝවාම් නම් ඇලෙක්සාගේ වංශයේ උරුමක්කරුද ප්‍රංශයේ හිටපු පහලොස්වන වන ලුවී රජුගේ භාර්යාවක් සතුව තිබූ රන් කිරිච්චියක් සොයාගෙන රැජිණගේ විශ්වාසය දිනාගෙන තිබිණි. නමුත් විශේෂම කරුණ රැජිණ සමඟ සම්බන්ධ වූ පසු ගාඩියන්වරුන්ගේ සම්බන්ධතා පුළුල් පරාසයක පැතිරී තිබිණි. එය සැක සහිත වුවද ලොව පුරා පැතිරුණු ව්‍යාපාරික දේශපාලනික ජාලයක් බවට ගාඩියන්වරු පත්වූ ආකාරයක් එම යුගයේදී ඇතිවීම ගාඩියන්වරුන්ට මහත් රුකුළක් වී තිබිනි.
ඒවගේම ඩේමියන්ගේ වංශය ඩයමන්ඩ්ස් ලෙසත් ගැල්ගේ වංශය හාට් ලෙසත් ජේකබ්ගේ වංශය ක්ලබ්ස් ලෙසත් ඇලෙක්සාගේ වංශය ස්පේඩ් ලෙසත් හැඳින්වීම ඒ යුගයේදී ඇරඹා තිබුනු අතර කාඩ්කුට්ටමේ වංශ හතර යටතේ මුලු ගාඩියන් සංවිධානයම කොටස් හතරකට බෙදා ඔවුන්ගේ හැකියාවන් සහ ගතිලක්ෂණ අනුව එක් එක් වංශයට අනුයුක්ත කර තිබිනි. ඒ අනුව ඩයමන්ඩ් වංශයට විනයක් ඇති සෙබළුන් ලබාදී ක්ලබ්ස් වංශයට විනයෙන් පිරිහී සිටි සෙබලුන්ද ස්පේඩ් වංශයට දේශපාලණික කටයුතුවලට සහය විය හැකි ආකාරයේ මිනිසුන් ව්‍යාපාරිකයින් ඇතුලු පිරිසද හාට් වංශයට බුද්ධිමතුන් විද්‍යාඥයින් සහ රබ්බීවරුන් (ආගමික නායකයින්/ගුරුවරුන්) අනුයුක්ත කර තිබිනි.නමුත් වංශ හතරම එකම ඉළක්කයකට යොමු වී සිටියහ. ඒ නිදහස් කානාන් දේශයයි.
රැජිණගේ නායකත්වය යටතේ ලෝකයා ඉදිරියේ හොර රහසේ සියොනිස්ට් වරුන් පෙලගස්වා කානා දේශය ලබාගැනීමට ඔන්න මෙන්න තිබියදී ලෝක යුද්ධ හේතුවෙන් සැලැස්මට දැඩි බලපෑමක් ඇතිවිය. වයෝවෘද්ධ ගාඩියන්වරු ඔවුන්ගේ රාජකාරිය ඊළඟ පරපුරට පැවරීම එම කාළයේදී සිදුවී තිබිනි. ඒ අනුව මයිකල් සහ එනොක් යුදෙව්වන් වෙනුවෙන් යුධ කටයුතු මෙහෙයවා තිබුනේ ක්ලබ්ස් සහ ඩයමන්ඩ් වංශ දෙකෙහි නව නායකයින් ලෙසය. ඇලෙක්සාගේ වංශයට දේශපාලනික කාරණා භාර වී තිබිනි. ඇලෙක්සාට නැවත කියැවීම තිබුනේ ක්‍රි.ව. 1945 සිටයි.
" අපි අපේ උපරිමය දෙමින් සිටියෙමු. ඩයමන්ඩ්ස් සහ ක්ලබ්ස් වරු අවතැන් වූ යුදෙව්වන් එක්රැස් කල අතර ඔවුන්ට සහන සැපයීමේ සහ ඇමරිකාව මූලිකත්වය ගෙන කානාන් දේශය ඊශ්‍රායලය ලෙස නැවත පිහිටු වීමේ සාම සාක්ච්ඡා මෙහෙයවීම යන රාජකාරී අතර මම හිර වී සිටියෙමි. මා හට දෙකෙන් එකක් තෝරාගැනීමට ඉතිරි වී තිබිනි. වෙන විකල්පයක් නොවුනු බැවින් මම ගාඩියන් රැස්වීමේදී මෙම කාරණා ඉදිරිපත් කල සැනින් ඇමරිකාවේ ජනපති හමුවී ආයුධ ඉල්ලා සිටියයුතුයි යන ගාඩියන්වරුන්ගේ සම්මුතිය අනුව ඉල්ලාගත් ආයුධද ඇමරිකාව සහ තවත් රටවල් කිහිපයක් තුල යම් කණ්ඩායමක් විසින් පරිත්‍යාගකල ආයුධ සන්නද්ධව මැද පෙරදිග කානාන් දේශය තුල රැඳී සිටියෙමු.
බ්‍රිතාන්‍යයන් ඊශ්‍රායලය යුදෙව්වන්ට භාරදීමට එරෙහිව ප්‍රාදේශීය වශයෙන් සටන් ඇවිලෙමින් පැවතිනි. ඒනොක්ට වඩා මෙහිදී මයිකල් ක්‍රියාත්මක වූ අතර රටට ඇතුල්වෙන යුදෙව්වන්ට මරාදැමීමට යෙදෙන උත්සහයන් මැඩපැවැත්වීමට ඔහු කැප වී ක්‍රියාකලේය. ඔහුගේ බිරිඳද ඒවාටම කැපවූ කාන්තාවක් ලෙස යුදෙව්වන් ආරක්ෂාකිරීමේ කැපවී සිටියද ඇයගේ ගැබ්ගැනීම හේතුවෙන් ඇයව රුසියාව බලා අප පිටත් කලේ වැඩි ආරක්ෂාව සඳහාය.
1948 මැයි මාසයේ 15 වන දින නිල වශයෙන් එංගලන්තය , ඊශ්‍රායලය යුදෙව්වන්ට භාරදී සිය පාලන කටයුතුවලින් ඉවත්වූ දින මාගේ දිවියේ වැඩිපුරම සතුටු වූ දිනයයි. රැජිණ වගේම වැඩිහිටි ගාඩියන්වරුන්ගේ ඇස් ඉදිරියේ ඔවුන්ගේ හීනය හැබෑ කිරීමට හැකිවීම අප ලද විශාලතම ජයග්‍රහණයයි. ජෙසායා සහ මගේ දීර්ඝකාලීන සැළසුම් සියල්ල එක වර හැබෑ වුවද දින පහක් තුළ අරාබි රටවල් පහක් අපට විරුද්ධව යුධ ප්‍රකාශ කලහ. වසරක් පුරා මයිකල් සහ ඒනොක් යුධ පෙරමුනේ සටන් කළ අතර ඩයමන්ඩ්ස් සහ ක්ලබ්ස් වංශවල පිරිසෙන් 30% ක් පමණ යුද්ධයේදී මිය ගිය අතර අප යටතේ ඊශ්‍රායලයේ රැස්වූ ජනතාවගෙන් සියයට එකක් මියගියද ඔවුන්ගේ මරණ අපතේ නොයවා වසරක් ඇතුළත වසර 2000කට පසු ඊශ්‍රායලය තනි රාජ්‍යක් ලෙස අප ගොඩනැගුවෙමු. යුරෝපීයන් ඇමරිකානුවන්ගේ ඇස් ඉදිරියේ රටවල් පහක් එකවැර පරාජය කර අරාබියේ රජුව මුහුණට මුහුණ හමුවී තර්ජනය කිරීමට තරම් බලයක් ගාඩියන්වරුන් යටතට රැස්කලෙමු.
නමුත් යුද්ධයේ අවසාන කාළයේදී රැජිණගේ අසනීපය දරුණුවූ අතර ඇය මරනාසන්න වූවාය. ඇය ඉදිරියේ රැස්වූ නායක ගාඩියන්වරුන්ගේ පරම්පරා දෙක ඉදිරියේ යුද්ධය දිනා අතුරුදන්වූ ඊශ්‍රායලයේ ගෝත්‍ර දහයත් කෙසේ හෝ නැවත ගෙන්වා මේ රටෙහි පදිංචිකරවන ලෙසත් , ඇය ඇරඹූ සියල්ල යහපත වෙනුවෙන් පවතින ලෙසත් රාජ්‍ය උරුමය ඇතත් නැතත් ඇගේ ඉදිරි පරම්පරාව රැකගන්නා ලෙසත් කල අවසන් ආඥාවෙන් දින දෙකකට පසු ඇය මෙලොව හැරගියාය.
................. ........... ....... ... .. .
එතැනින් එහා කතාව ලිපිගොනුව තුළ නොවීය ඒ වෙනුවට ඇයගේ පියාගෙ ලියුමක් ඇලෙක්සාට හමුවූ අතර මෙය කලින් නොදැකීම පිළිබඳ ඇය පුදුම වූවාය.
ආදරණීය බෝටේන්,
මෙච්චර දුකක් දීපු එක ගැන සමාවෙන්න. කුඩා කාලය සිහිකරන්න. ඉතිහාසය යුතුකම් හෝ වගකීම් වලට ඔබගේ අවධානය වෙනතක හරවන්න දෙන්න එපා. මම හැම දේම කරේ අම්මා වෙනුවෙන් මම විශ්වාසකරපු දේවල් මම දීපු පොරොන්දු හැමදේම මම අමතක කලේ ඔයාගෙ අම්මා නිසා.
ඔයා මුද්ද හොයාගනීවී එදාට ඔයා දැනගන්න දේවල්වලින් ඔයා ආඩම්බර වේවිද මට ශාපකරාවිද මම දන්නේ නෑ. නමුත් එතැනදි ඔයා හැසිරෙන ආකාරය ඔයාගෙ අනාගතය තීරණය කරාවි. ඔයා නැතුව පාලු හිතෙයි.
මීට ආදරනීය තාත්තා.
ඇලෙක්සා පුදුම වූවාය. "මොකක්ද මේ මුද්දෙ කතාව". ඇය ඩේමියන්ට දුරකතන ඇමතුමක් ගත්තාය. දුරකතනයට සම්බන්ධවූයේ ජූද් ය.
" හෙලෝ ඇලෙක්සා මෙනවිය කොහොමද මම උදව් කරන්නේ ඔබතුමීට."
" මට ඩේමියන්ට කතාකරන්න ඕනේ මුදු වගයක් ගැන දැනගන්න."
" සමාවෙන්න මාස්ටර් ඩේමියන් මේ වෙලාවේ කාර්යබහුලයි. නමුත් එතුමා ඉක්මනින්ම හමුවක් කැඳවාවි එක් එක් වංශයේ අනිත් අයව හඳුන්වලා දෙන්න. එදාට කතාකරන්න පුලුවන් වේවී..."
" හොඳයි ජූද් මට තව දෙයක් දැනගන්න ඕනේ.... " නැවත ඇලෙක්සා පැවසුවාය.
" මම දන්න දෙයක්නම් කියන්නම් මෙනවිය " ජූද් පිළිතුරු දුන්නේය.
" 1948 න් පස්සෙ විස්තර ස්පේඩ් J ෆයිල් එකේ නෑනේ... ඒකට හේතුව දන්නවද... " ඇලෙක්සා විමසුවේ සඟවා ගත් කුතුහලයෙනි.
" මෙනවිය ඔය ගොනු සියල්ල ගාඩියන්වරුන්ගේ මරණයෙන් පස්සේ අපි ලැන්ටර්න් වරුන්ට යවනවා ගබඩාකරන්න. එහෙම ගබඩාකරපු තැනකට තමයි ෆෝලන්ස්ලා පහර දුන්නේ. එදා විනාශ වුනු කොටස් හැර ඉතිරි සියල්ල නැවත අපි ගෙන්නගෙන හැකි උපරිමයෙන් නැවත සකස් කරලා තමයි මේ තැන්පත් කරේ. ඉතින් ඔබ තුමීගේ වංශයට අදාල කොටසක් ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශවෙන්න ඇති. " ජූද් පිළිතුරු දුන්නේය.
" ස්තූති ජූද් මේ ලැන්ටර්න්ස්ලා මහා කාළකන්නියොනේ වගකීමක් නැති එවුන්... මම තියන්නම්. ශාලොම් " ඇලෙක්සා පැවසූ අතර " ශාලොම් ඇලෙක්සා මෙනවිය. " ලෙස රිසීවරයෙන් ඇසුණු සැනින් ඇය ඇමතුම විසන්ධිකලාය.
ඉතිහාසයේ ඉතිරිය දැනගැනීමටනම් ඩේමියන් කතාකරනතුරු ඉවසීමටවන බව තේරුණු ඇය සිය ව්‍යාපාර කටයුතු ගැන අවධානය යොමු කිරීමට තීරණය කලාය.
*****
පුස්තකාලයේ සිට වංශ හතරෙහි නායකයින් යටතේ සිටින යුදෙව් විද්‍යාඥයන් , වෛද්‍යවරුන් , දේශපාලකයන් , ව්‍යාපාරිකයන් සෙබළ නායකයින් ආදී විශාල පිරිසක් හා දුරකතනයෙන් සම්බන්ධවෙමින් ඊළඟ රැස්වීම සංවිධානය කිරීමට වෙහෙස වූ ඩේමියන් පැමිණ සිය සයනයේ වැතිරුනේය. ඔහුට සිය ජීවිතයේ දින කිහිපයක් තුළ සිදුවූ විශාල සිදුවීම් එකිනෙක ඔහුගේ සිහියට නැගිනි. ලැන්ටර්න්වරුන්ට අදාල තොරතුරු වගයක් සොරාගත් පිරිසක් හඹාගොස් ඔවුන් ඝාතනය කිරීම , පියාගෙ හදිසි ගමන සහ ඔහුගේ මරණය , නව පළමු ලැන්ටර්න්වරයා හමුවීම , සිය මව ගැන සැබෑ විස්තර හෙළිවීම, ජේකබ් සමඟ සටන සහ මාෆියා කල්ලි අතර ගනුදෙනුව සිය ජීවිතය අනූනමයෙන් බේරීම වාගේම කාන්තාවකගෙන් කෑ පළමු පහර ඔහුගේ සිතට නැගිණි.
මොහොතක් යාමට ප්‍රථම ජේකබ්ගෙන් දුරකතන ඇමතුමක් ඩේමියන්ට ලැබිණි. දුරකතනයේ එහාකෙලවරෙන් ජේකබ්ගේ හඬ ඇසිනි.
" සප්රායීස්... අරූ කට ඇරියා.... "
Comments