ඊශ්‍රායලයට අයත් ජෙරිකෝ ප්‍රදේශයේ රාත්‍රී දහය පමණ වන විට පන්දම් ආලෝකයෙන් දිලෙන්නට විය. සාමාන්‍යයෙන් එම ප්‍රදේශය පාළු ස්වභාවයක් ගන්නා නමුත් රාත්‍රී දහයේ කණිසම වන විට සමාජයේ විවිධ ස්ථරවල මිනිසුන් විවිධ රැකියා දරන මිනිසුන්, කාන්තාවන්, පිරිමින් සියයකට වැඩි පිරිසක් එතැන රැස්ව සිටියහ. එක්වරම සියළු දෙනා නිහඬ කරවමින් කාල වස්ත්‍රයෙන් සැරසුනු මිනිසුන් තිදෙනෙකු පැමිණියේ තවත් මුහුණ කළු රෙදි කඩකින් වසාගත් වයෝවෘද්ධ මිනිසෙකු හිඳ සිටි රෝද පුටුවක් තල්ලු කරමින්. රැස්ව සිටි අය පොළවේ අසුන් ගත් අතර ඉන් අයෙක් ඉදිරියට පැමිණ දණනමා පැමිනි පිරිසට ආචාර කර නැගී සිට පිරිස ඉදිරියේ කතාවක් ඇරඹුවේය.
" 2013 වසරෙන් පසු පළමු වරට පවත්වන ෆෝලන්වරුන්ගේ නායකයින්ගේ රැස්වීමට සාදරයෙන් පිළිගන්නවා... ඔබ දන්නවා වසර ගණනක සැළසුමකින් පසුව අපි 2013 දී ගාඩියන්වරුන්ට එල්ල කළ පහරි සියලුම ගාඩියන් නායකයින් දිවි රැකගන්න සමත් වුනා. ඔවුන්ගේ පවුල් සහ ඔවුන්ගේ මානසිකත්වයත් ඔවුන්ගේ සැළසුම් සියල්ලත් විනාශ කරන්න එම ප්‍රහාරය සමත් වුනා.ඒත් ඉන් අපිට සිදුවිය හැකි ලොකුම පාඩුව සිදුවුනා අපේ නායකතුමිය එදා අපිට අහිමි වුනා. අපි නායකතුමියගේ ජීවිතය ගත්ත කාන්තාවගෙන් එදින ම පලි ගත්තත් ගාඩියන්වරු පලි ගන්න තවත් වසර පහක් බලන් හිටියා. ඔව් එදා ප්‍රහාරයට සම්බන්ධ වෙලා ජීවිතය බේරගත්ත හැම කෙනෙක්වම 2018 වසරේදී මරලා දාලා තිබුනා. ලන්ඩන් , බර්ලින් , පැරිස් , මෑන්හැට්න් වගේ ප්‍රධාන නගර වල ඉඳලා ගම්බද ප්‍රදේශවල පවා සැඟවී හිටපු හැම ෆෝලන් සෝල්ජර් කෙනෙක්ම මරලා දාලා තිබුණා. ඉතින් අපි තීරණය කරා ඒකට ආපහු ගෙවන්න. සරල ගෙවීමක් නෙවේ උන්ට කරන්න වුනේ... එක්දාස් අටසිය ගණන් කියන්නේ අපේ සංවිධානයට නරක හීනයක් වගේ... උන් අපේ හොඳම අයව මරලා දැම්මා අපේ නායකයින් තුන් දෙනෙක් එයාලගේ දරුවෝ වචනයක් වත් නොතේරෙන අත දරුවෝ පවා මරලා දැම්මා. එතනින් ඉතුරු වුනේ අපේ නායකයෙක්ගේ බිරිඳ විතරයි එයාගේ පුතා නැවත ෆෝලන්ස්ලා නැගිට්ටෙව්වා ඔව් අපිව මරණෙන් නැගිට්ටෙව්වා... අපි ජර්මනියට උදව් කරගෙන අපේ පළිය ගන්න උත්සාහ කරා අපි සාර්ථක වුනා. ලෝක යුද්ධයක් පිට දාලා හරි අපි ගාඩියන්ලගෙ අවුරුදු ගාණක දේපල උන්ගේ අවුරුදු ගානකට තිබ්බ සැලසුම් විනාසකරා. උන්ගේ හොඳම සෙබළු මැරිලා ගියා... එයාගෙන් පස්සෙ හරි හමන් නායකත්වයක් අපිට ලැබුනේ අපේ නායකතුමියගෙන්. ඇය මරුවා ඉදිරියේ ඉඳන් සෙල්ලම් කළේ. ගාඩියන්ලගෙ නහය යට ඉඳන් ගාඩියන්ලා එක්ක එක මේසේ කන ගමන් ඇය සෙල්ලම් කලේ. ඇගේ මරණයට හරිහමන් පළිය ගන්න ලැබුනා අපිට.... අපි ගාඩියන්වරු සියලු දෙනා ගුවන් යානා අනතුරක් පිට දාලා මරලා දැම්මා. අපේ නව නායකයා හඳුනාගෙන පාවා දෙන්න උත්සහා කරපු ලැන්ටර්න් කාරයාව මරලා දැම්මා. මෙච්චර කාලෙකට කිසිම ෆෝලන්ස් ජෙනරේශන් එකකට කරන්න බැරි උන දේ අපි කරලා පෙන්නුවා..."
වටෙන්ම ජය ඝෝෂා නැගෙන්න විය.
" ඒ හැමදේකටම අපිව ගෙන ගියපු නායකතුමාව ඔබලාට හඳුන්වා දෙන අවස්ථාවයි මේ ... අපේ නායකතුමිය මියයන මොහොතේ මෙතුමාව අපේ නව නායකයා ලෙස පත් කරේ මේ ඔබ ඉදිරියේ ඉන්න මිනිසුන්ගේ හොඳම යහළුවෙක් පියෙක් හෝ බිරිඳක් ඉදිරියේ. නමුත් ඔවුන් සියලු දෙනා මරා දැමුනු නිසා අපිට සාක්ෂි ඉදිරිපත් කළ නොහැකියි. නමුත් නායක තුමියගේ ස්වාමිපුරුෂයා ලෙස පෙන්වීමට අපිට සාක්ෂි තියනවා.... " ඔහු ලියවිල්ලක් සහ මංගල ඡායාරූපයක් සියලුදෙනාට පෙනෙන සේ දිග හැර එකිනෙකා අතින් අතන යවන ලෙස දන්වමින් ඉදිරියේ උන් අයෙක්ට ලබාදී තම කතාව ඉදිරියට ගෙන ගියේය.
" ඉදිරියට පැමිනෙන්න උතුමාණනි.... හඳුනා ගන්න අපේ නායකතුමා ලී ඩියේබල් ...... "
මිනිසා සිය මුහුනේ තිබුනු කළු රෙදිකඩ ඉවත් කරේ රැස්ව සිටියවුන් නිහඬ කරවමින්... එක්වරම සභාව ඇවිස්සුනු මී වදයක් මෙන් වූ අතර මිනිසෙක් නැගිට සිය හඬ අවදිකලේය.
" මූ..... මූ කොහොමද අපේ නායකයා වෙන්නේ උඹලා තමයි හැම දේකටම වගකියන්න ඕනේ. තොපි.... "
ඔහුගේ හඬ නතර වූයේ සයිලන්සරයක් සවිකල පිස්තෝලයකින් පියාඹා ආ මූණිස්සමක් නළල පසාරු කරන් ගිය පසුව ය.
වයසක මිනිසා පසුපස සිටි මිනිසා සිය අත පහළ හෙළීය.
" මම මගෙ ජීවිතේ විශ්වාස කරපු හැම දෙයක්ම.... මම ආරක්ෂා කරපු හැම දෙයක්ම..... මගෙ ධනය බලය.... මගෙ ජීවිතේ නිස්කලංකයේ ඉන්න තිබ්බ කාළය...... හැම දේම කැපකරා අද උඹලව මේතැනට ගේන්න. ඒ හැම දේම කරේ මොන මඟුලක් හින්දවත් නෙවේ... මගෙ බිරිඳට මගෙ හිතේ තිබ්බ ආදරේ නිසා.... උඹලා තවත් මාව ප්‍රශ්න කරනවා.... වයසක මිනිසා කට කොනින් සිනාසුනේය. මෙච්චර කාලෙකට අල්ලනවත් බැරුව හිටපු ගාඩියන්ලා බුරුතු පිටින් මැරිලා ගියාට පස්සෙ. දැන් උන්ගෙ දේපල අනතුරේ.... උන්ගේ ළමයි තමයි දැන් ගාඩියන්ලා උන්ගෙන් එකෙක්ව මරන්න මම ඔන්න මෙන්න තිබ්බේ එකෙක්ව නෙවේ දෙන්නෙක්ව... කණාවට ඒක මිස් වුනා....
උන්ගෙ ළමයිට අර මහා ධනස්කන්දයට යන්න පාර හොයා ගන්න බැරුව ඉන්නේ.... මම ලඟ ඒකටත් වරදින්න පොඩිම ඉඩක්වත් නැති සැලැස්මක් තියනවා. උන්ගේ ධනය හංගපු සේප්පුවේ යතුර ළඟට යන්න උන්ට මුදු හතරක් ඕනේ. ඒ මුදු හතර තාම උන් ළඟ නෑ. උන් මුදු හොයාගත්ත ගමන් මම උන්වත් මරලා දානවා.... ඒ මුදු අපේ අතට ආවට පස්සෙ මුලු ගාඩියන්වරු ඔක්කොම මකලා දාලා අපි අලුත් ඉතිහාසයක ආරම්භ කරනවා. හැබැයි ඒක පාලනය කරන්නේ මම නෙවෙයි වෙන නායකයෙක් හැබැයි එතනට මම උඹලව අරන් යනවා..... "
මිනිසුන් අත්පොලොසන් හඬක් දුන්නේ ලී ඩියේබල් පසුපසට තම රෝදපුටුව රැගෙන යමින් සිටියදී.
" හොඳයි මේ රැස්වීම කැඳෙව්වේ අපේ ජයග්‍රහණය මේ හැමෝටම නිල වශයෙන් දැනුම් දෙන්න. ඒ වගේම කට ඉස්සර කරන් මැරිලා ගියපු මේ සහෝදරයා ගැනත් මම කණගාටු වෙනවා... අපිට හොඳ නායකයෙක් ඒවගේම හොඳ ආදායම් මාර්ග දැන් තියනවා... අපි අනිවාරෙන් ගාඩියන්වරුන්ගේ ඉතුරු කට්ටියවත් මරලා දානවා... ඒවගේම ඊශ්‍රායලයේ ඉතුරු ගෝත්‍ර දහය මෙහෙට ගේන්නේ අපි... මේ රටේ අනාගතය තීරණය කරන මිනිස්සු අපි. නමුත් මෙතැනින් එහාට දැනුම් දිය යුතු කාරණා කිහිපයක් තියනවා. අපේ සැලසුම් සියල්ල විනාස වෙන්න ගියා අපේ එකෙක් තනියෙන් වැඩ කරලා...ආයෙ එහෙම වෙන්න බෑ කිසි කෙනෙක් ඉහළින් එන උපදෙස්වලට පිටින් වැඩ කරන්නෑ.... ඒවගේ ම තමන්ගෙ තැන්වල තමන්ගෙ රාජකාරි හරියට කරන්න... ඔයාලා යටතේ ඉන්න අයගෙ වැඩ හරියට වෙනවද බලන්න. අපේ අලුත් අය සූදානම් කරන්න..
අපේ රැස්වීම ඉවරයි.... හැමෝම කණ්ඩායම් විදිහට අපේ හෝටලයට යන්න... කට්ටියට ම කාලා බීලා යන්න පුලුවන් ස්තූතීයී..... "
ලී ඩියේබල්ව ඔහුගේ වාහනයට රැගෙන යනතුරු සියලු දෙනා සැරදේවා ලී ඩියේබල් ලෙස හේබෲ භාෂාවෙන් ඔල්වරසන් දුන් අතර ඔහු පිටත් වූ පසු සියලු දෙනා විසිරී ගියේ ජෙරිකෝව නැවත පාළු ගුප්ත ස්වභාවයට ගෙන එමින්.
***********************************
ගැල් කොහේන් සිය නිවසෙහි දැනට වෙනස් කර ඇති දේවල් අධ්‍යනය කරමින් සිටිය දී දුරකතන ඇමතුමක් පැමිනියේ ඇය පුදුම කරමින්.... මේ වෙලාවේ කවුද... ඇය දුරකතන ඇමතුමට සම්බන්ධ වූයේ එලෙස සිතමින්.
" හෙලෝ ගැල්... මම ඩේමියන්.. "
" කියන්න ඩේමියන් "
"හෙට හවස ඔයා වැඩක්ද...."
" මේ ටිකේ මම ගෙදර අලුත්වැඩියා කරනවා ඩේමියන් ඒත් මට එහෙම ලොකුවට කාර්යබහුල නෑ.... "
" හෙට අපේ රැස්වීමක් ගන්න බැලුවේ.. මම අනිත් අයගෙන් අහලා ඔයාට මැසේජ් එකක් දාන්නද.....? "
" රැස්වීමක් ඒ මොකටද....?. "
" අලුත් අයව සහ පරණ අයව හඳුන්වා දෙන්න... ඔයා දැනටමත් ඔයාගේ රාජකාරි දන්නවා ඇති නේ.... "
" අම්මෝ ඔව් මට මේවා විතරයි මදි වෙලා තිබ්බේ.... මම දැන් හෙට ඇවිත් ඒවා කරන්න ඕනෙද...?. "
" ඔව් අනිවාරෙන්ම. ඔයා හරියට ගාඩියන්ලගෙ ලේකම් සහ භාණ්ඩාගාරික වගේ.... "
" වාව්... එතකොට ඔයා සභාපති... "
" ඔව් ටිකක් විතර.... "
ගැල්ට සිහින් සිනහවක් නැගුනු අතරම කියන්න කිසිවක් හිතාගැනීමට නොහැකි තත්වයකට පත් වුනේ සැනකින්...
" කෙටි නිහඬ තාවයකට පසු ඩේමියන් නැවත හොඳයි මම අනිත් අයගෙන් අහලා මැසේජ් එකක් දාන්නම් ගැල්.... බායි... "
" ඕකේ ඩේමියන් සී යු "
....... මොකක් ඇත්තටම ඩේමියන් එක්ක මෙහෙම කතාකරාද ඇය දුරකතනය තරයේ තද කරන ගමන් සිතූ අතර " සමාජශීලී කෙල්ලෙක් " යැයි සිතින් කියමින් ඩේමියන් දුරකතනය විසන්ධි කලා.
ස්වල්ප වේලාවකින් 'හෙට පස්වරු තුනට අපේ ගෙදරදි ' ඩේමියන්ගෙන් කෙටි පණිවිඩයක් ගැල්ට ලැබුනි.
***********************
ජේකබ් රූබිගේ දරුවන් දෙදෙනාගේ නොයෙක් ගැටළුවලට පිළිතුරු දෙමින් සිටියේය.
" ඔයා ඇත්තටම අපේ මාමාද... "
" දැන් මම විසිපාරක් විතර කිව්වේ මම ඔයාලගේ මාමා කෙනෙක්.... "
"ඒත් ඔයාට එච්චර වයසක් නෑනේ... " කුඩාම දරුවා කීවේ ජේකබ්ගේ මුහුණේ සහ රූබිගේ මුහුනේ සිනහවක් අඳිමින්.
" ඔව් ඒත් මම ඔයාලගේ මාමා.... "
ඩේමියන් ජේකබ්ට දුරකතන ඇමතුමක් ලබා දුන්නේ ඔවුන්ගේ කතාවට බාධාකරමින්.
" හෙලෝ මම. බැලුවේ හෙට හවස තුනට කට්ටිය ගෙන්නන්න එන්න පුලුවන්නේ..."
" ඔව් අව්ලක් නෑ ඩේමියන් "
" පොඩ්ඩක් ඉන්න මම ඇලෙක්සාගෙන් අහලා මැසේජ් එකක් දාන්නම්... "
" ඇලෙක්සාට වැඩක් නෑ මම හිතන්නේ.. "
" ඈ ඈ ඒක කොහොමද ඔයා දන්නේ... ? "
"දන්නැද්ද ඉතින් පොඩ්ඩක් හොයලා බැලුවා.... "
" ම්ම්ම් හරි හරි මමත් කෝකටත් අහලා බලල කියන්නම්. නැතත් එන්න හෙට හවස තුනට..... "
ඔවුන්ගේ ඇමතුම විසන්ධි වුනා.
*******************************
" ඇලෙක්සා හෙට හවස තුනට විතර වැඩක්ද....? "
" නෑ මම හවස්වරුව ෆ්‍රී ඩේමියන්.... "
" අපේ මීටින් එකක් ගන්නවා හවස තුනට එන්න අනිවාරෙන්.... "
" ඕකේ මටත් දේවල් වගයක් අහන්න තියනවා... "
" එහෙනම් හෙට හමුවෙමු. බායී.... "
" මේ.... " ඇමතුම විසන්ධිවුනේ ඇලෙක්සා නැවත යමක් විමසාට පෙරයි....
Comments