බිග් ඩී හෙවත් බිග් ඩැඩී ලෙස හඳුන්වන මෙක්සිකානු පාතාල නායකයාගේ කතන්දරය සතියක් ඇතුළත අවසන් කිරීම සඳහා ඔස්ත්රෝව මෙක්සිකෝව බලා පිටත් කළ ජේකබ් සිය වංශයට අදාල ලිපිගොනුව කියැවීමට පටන් ගත්තේය.
ෆෝලන්වරු සහ ගාඩියන්වරු අතර හැලහැප්පීම් සමඟ කානාන් දේශයෙන් අඩක් ඊශ්‍රායලය ලෙස නව රජයක් ගොඩ නැගූ ආකාරයත් ක්ලබ්ස් ලෙස හැඳින්වූ තමන්ගේ වංශයට පාතාලයේ බලය හිමිවූ ආකාරයත් ජේකබ් අධ්‍යනය කලේය. එයින් ඔහුට වැටහුනු කාරණාවනම් ක්ලබ්ස්වරු යනු ගාඩියන් සංවිධානයේ අඳුරු කටයුතු සිදු කිරීමට සැදූ වංශයක් නොවන බවත් විෂ විෂෙන්ම නසන්නා සේ නපුරට එරෙහිව නපුර මෙහෙයවීමක් බවත් ය. ජේකබ් හට පළමු Jack of clubs ලෙස හැඳින්වූ නේල්ට රැජිණ ලබාදුන් හසුනක් හමුවූ අතර එය ලියා තිබුනේ අපරාධකාරයන් තමා යටතට පත් කිරීමෙන් තමාට අපහාසයක් කරනවාදැයි ඔහු ඇසූ පැනයකට පිළිතුරක් ලෙස බව ලියුම කියැවීමේදී ජේකබ්ට වැටහිනි.
" J of Clubs , ඔබගේ පැනය සහ ඔබගේ හැඟීම සාධාරණ බව මම දනිමි. නමුත් ඔබට මා කිවයුතු යමක් පවතී. මේ බැරෑරුම් රාජකාරිය භාරදීම සඳහා මා ඔබව තෝරාගැනීමට හේතු කිහිපයක් පවතී. ඔබගේ විශ්වාසවන්ත භාවය පරීක්ෂා කිරීමට මා දුන් පරීක්ෂණයේදි මම යමක් තේරුම් ගතිමි.
ඔබ ඉන්දියාවේදී බලකොටුවක් තුළ තිබුණු එංගලන්ත ආණ්ඩුකරුගේ බිරිඳගේ ආරක්ෂාවට ඇය ලඟ තබා ගැනීමට විශේෂයෙන් සකසා දී තිබූ රන් පිස්තෝලය මාහට ගෙනැවිත් දිමට ඔබ අනුගමනය කල ක්‍රියාපිළිවෙත දෙස මම අවධානය යොමු කළෙමි. සිරකරුවන් වෙනමම හමුවී කෝලාහලයක් ඇති කරවීම. වෘත්තිමය හොරෙකු ලවා පිස්තෝලය හොරකම් කරවීම ගණිකාවකගේ උපකාරයෙන් හිරකරුවන් නිදහස් කරවා පලා ඒම දෙස බැලූවිට මා හට වැටහී ගිය කාරණාව නම් ඔබ තුල පවතින සමාජවිරෝධී ක්‍රියාවල නියුතු වූවන් හැසිරවීමේ ඇති හැකියාවයි.
සමාජවිරෝධීන් ගාඩියන්වරු යටතට ගැනීම තුළින් මා අපේක්ෂා කරන්නේ කරුණු කිහිපයයි. ඒ අවශ්‍යම මොහොතේදී අපේ සීමාවෙන් පිට ක්‍රියාකිරීමට සහ නීතියෙන් කටයුතුවලට භාවිතා කිරීම සඳහා පමණයි. ඔඅබව නායකයා ලෙස තෝරාපත් කරගැනීමට මට තිබූ හේතුව ඔබට අවබෝධ වන්නට ඇතැයි සිතමි.
අප සංවිධානය අතිශය රහසිගත බැවින් ඔබගේ කණ්ඩායමට මම නමක් තීරණය කළෙමි. අකමැති නම් එය භාවිතා නොකර සිටීමට ඔබට අයිතිය තිබේ. "
ලිපිය එතැනින් අවසන් බව හැඟුනද ජේකබ් නිකමට ලිපියේ අනෙක් පස පෙරළූ අතර එහි ඔහුට දැකගැනීමට ලැබුනේ අමුතුම ආකාරයේ හිස්කබලක රැඳවූ ඔලීව කළඹක් මත ස්කල් හෙඩ් ලෙස ලියා ඇති ආකාරයයි. තම පාතාල කල්ලියට නම ලැබුණු ආකාරය වටහාගත් ඔහු ලිපි ගොනුවේ ඉදිරියට කියවීම නතර කලේ රුසියාවට පැමිණි මයිකල්ගේ බිරිඳ දරු ප්‍රසූතියේදී මිය ගිය ස්ථානයෙනි. එතැනින් එහා ක්ලබ්ස් ඉතිහාසය ගැන සඳහනක් නොවුනද ඔහුට පියාගෙන් ලැබුණු ලිපියක් අවසන් වශයෙන් ඔහුට දක්නට ලැබිනි.
"ස්කල්හෙඩ් හි රජුට" ලෙස ආමන්ත්‍රණය කර තිබූ ලිපිය කියවීම අරඹන විට තම වංශය ගැන තව කරුණු ඔහු දැන ගනීවියයි ජේකබ් සිහිනෙකින්වත් නොසිතුවේය.
" ජේකබ් පුතා ඔයා දන්නවනේ මම ලියන්න කම්මැළි කියලා. මම කියනකොට මේක මේ ලියන්නේ හයිටේබල් එකේ තොරතුරු පිටට දීපු එකෙක්. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මයිකල් ඒ කියන්නේ අපේ වංශයේ අවසන් ශ්රේෂ්ඨතමයාගෙන් පස්සෙ වෙච්ච දේවල් ටිකක් ඔයා දැන ගන්න ඕනි.
මයිකල් තමන්ගෙ බිරිඳව රුසියාවට එවුවා වැඩි ආරක්ෂාවට නමුත් රුසියාවෙදි දරුවා ලැබිලා ටික දවසකින් ඇය මියගියා. ඒ දරුවා ගෑනු ළමයෙක් නම Sia කියලා විතරයි අපි දන්නේ. ඉතින් මයිකල් තමන්ගේ වංශයේ අනාගතය වෙනුවෙන් තවත් කාන්තාවක් එක්ක විවාහ වෙලා ඇගේ දෙවනි දරුවා විදිහට පිරිමි ළමයෙක් ඉපදුනා. නමුත් අභිරහස් විදිහට මයිකල් මියගියා. මයිකල්ගේ වැඩිමල් ම දියණියට ක්ලබ්ස් හී බලය ලැබුණා. ඇයට බලය හිමිවෙද්දි ගාඩියන්වරුන්ගේ කාර්යන් ගැන එයාට ගාණක් තිබුනේ නෑ. කෙල්ලට කවුරු හරි කියලා තිබුනා පාතාල කාරයෙක් තමයි තාත්තව මරලා තියෙන්නේ. අම්මවත් එහෙමයි. ඒකට වගකියන්න ඕනේ රුසියාවේ පාතාල කල්ලියක් කියලා.
ලේ වලින්ම එන කේන්තිය නිසාම තමන්ගේ ගාඩියන් බලය පාවිච්චි කරලා එයා මුලු රුසියානු පාතාල කල්ලියම සමතලා කරලා දාලා ඒකෙ නායකයන්ව මරලා දාලා තියනවා. ඒකෙන් තමයි ස්කල් හෙඩ් එක මුලින්ම පාතාල ලෝකෙට අත තිබ්බේ. එතකන් ක්ලබ්ස් වංශය තුළ මැරයෝ, මිනීමරුවො හිටියත් ස්කල්හෙඩ් නමින් කරේ යුදෙව්වන් වෙනුවෙන් කරපු දේවල් විතරයි. වටේ තිබ්බ අරාබි ප්‍රහාර වලදි එහෙම.
ඉතින් එතැනින් පස්සෙ රුසියාවේ වෙනත් පාතාල කල්ලියක් හිස එසෙව්වා නමුත් ඒ ස්කල් හෙඩ් එකට පක්ෂපාතීව උන්ට තර්ජනයක් වුන පාතාල කාරයෝ මර්ධනය කර කර ස්කල්හෙඩ් එක යුරෝපය පුරා මාෆියා කල්ලි තමන් යටතට අරන් මේ හයිටේබල් එක හැදුවා. පස්සෙ කාලෙක හයිටේබල් එක ඇමරිකාවට දකුණු ආසියාවට නැගෙනහිර ආසියාවටත් ව්‍යාප්ත උනා.
ඒත් ඒ ඔක්කොම එනොක් හම්බවෙනකන් විතරයි. එනොක් වයසක මනුස්සයෙක්ලු. සියාව හම්බෙද්දි එනොක් සියාගේ කණ රත්වෙන්න දෙකක් දීලා ඇහුවලු මේකද තාත්තා උඹෙන් බලාපොරොත්තු වෙනවා ඇත්තේ කියලා. එහෙම කියලා මයිකල්ගෙ ඩයරියක් සියාට දුන්නලු. ලෝක යුද්ධ කාලෙදි එනොක් මයිකල් දෙන්නා සහෝදරයෝ වගේ ඉඳලා තියෙන්නේ. ඉතින් ඩයරියේ ලියලා තිබ්බෙ මොනවද කියලා මම දන්නේ නෑ ඒත් සියා සම්පූර්ණයෙන් තමන්ගෙ අවධානය ගාඩියන්ලා වෙනුවෙන් යෙදෙව්වලු නමුත් ඇය ඊට ටිකකාලෙකට පස්සෙ ජපානයෙන් ස්කල්හෙඩ් එකට එකතුවුන ගෑන්ග් එකෙන් වෙඩිතියලා මරලා තියනවා.
කෙසේවෙතත් ඊටපස්සෙ බලය හම්බවුනේ මගේ තාත්තාට එයා ලොකු කාළයක් හිටියේ එයා මට බලය දීලා මැරුණා. දැන් ඉතින් මම උඹට මේ ඔක්කොම භාරදීලා යනවා. මට දැනෙනවා මමත් යන්න ළඟයි කියලා පුතා.ආ තව දෙයක් ආච්චිගෙ නමට තියන ගෙදර මම කෙල්ලෙක්ට දුන්නා ඒ වෙන කවුරුත් නෙවෙයි සියා(Zia) ගේ මිනිපිරී ඒවගේම මගේ අක්කත් දැන් මැරිලා එතකොට ඔයාට ලෝකෙ ඉතුරු එකම ලේ ඥාතියා තමයි ඒ. මට ඒක ඒ කෙල්ලට කියන්න ගියේ නෑ. ඒ ළමයව මගෙ අතින් , මගෙ තාත්තගෙ අතින් මඟහැරුන එකට මට සමාවගන්න බැරි වුනා. සියා මැරුණම ඒ ළමයගෙ අම්මා අනාත නිවාසෙක අනාථයෙක් වගේ හැදිලා තියෙන්නේ දැන් ඒ කෙල්ලට දරුවොත් ඉන්නවා ලෝක විනාසෙ සිද්ද උනත් උන්ට අනාථයො වගේ හැදෙන්න දෙන්න එපා. උඹ රූබි කෙල්ලට සහෝදරයෙක් වෙයන්.
හොඳම දේ තව ටිකෙන් අමතක වෙනවා මුද්ද හොයාගන්න ඕනෙනම් ස්කල්හෙඩ් එක ටික කාළෙකට අමතක කරලා උඹ ගැන මතක් කරපන්. මම දන්නවා අපි ඉන්නේ ලෝකෙ අඳුරු රාජධානියේ කියලා. හැබැයි උඹ මට වඩා හොඳ රජෙක් වෙයි. ස්කල්හෙඩ් එක උඹෙ අතට මම භය නැතුව දෙනවා.
තව දෙයක්.... ඩේමියන් කොල්ලා ටිකක් අමුතුයි වගේ පෙනෙයි. ඒත් කොල්ලා අවුරුදු ගාණක් තිස්සේ තනියම අපෙ නෑයො වෙනුවෙන් පලිගත්තා. අනික කොල්ලගෙ අම්මා ගැන දන්නේ සිමියොනුයි මිනිහයි විතරයි අපිටවත් ස අඩුම හොඳම යාලුවා උන මටවත් සිමියොන් කියලා නෑ තමන්ගෙ ගෑනි ගැන. උන්ගෙ පෞද්ගලික ජීවිතේ මොන දේ තිබ්බත් කොල්ලා එක්කම හිටපන්. මොකද ක්ලබ්ස් ඇන්ඩ් ඩයමන්ඩ්ස් කියන්නේ එකම කාසියේ දෙපැත්ත. ඒවගේම ක්ලබ්ස්ලට ඕනම වෙලාවකදි උදව් වෙන්නේ ඩයමන්ඩ්ස්ලා. ඒවගේම මෙච්චර කාලෙකට ඒ උදව් වලට ප්‍රතිඋපකාර කරන්න අපිට හම්බෙලා නෑ...
දැන් භය වෙන්න ස්ට්‍රෙස් ගන්න ඕනේ නෑ ලියුම ඉවර උන ගමන් මට මූව එලොව යවන්න තියනවා ඒක හින්දා මම ලියන එක නවත්තනවා දැන්.
දෙවියන් වහන්සේ මට මගෙ වැරදිවලට සමාව දෙයි නේද?
ආදරණීය තාත්තා..
ඒ මොහොතේදීම සිය කාමරයේ දොරට යමෙක් තට්ටු කරන හඬ ඇසීම නිසා පිස්තෝලයද රැගෙන ජේකබ් දොර අසලට ගොස් "ඔය කවුද ? "යැයි විමසීය..
" මම මේ.... රූබි... මේ.... ඔයා කන්න කැමති මොනවද කියලා දැනගන්න ආවේ.. " තරමක් වේලාව ගනිමින් ඇයගේ හඬ ඇසුනු අතර සිය පියාගෙ ලියුමේ තිබුනු වචන ඔහුගේ කන තුළ දෝංකාර දෙන්න විය.
"ඒ කෙල්ලව මගහැරුන එක ගැන සමාව ඉල්ලනවත් මට බැරි උනා.... "
ඔහු තුවක්කුව ඇඳට විසිකර දොර විවර කර ඇයව වැළඳගත්තේ රූබිව සලිත කරවමින්.
ජේකබ් ගෙන් තමන්ට අනතුරක් වේයයි සිතූ රූබි ඒ වැලඳගැනීමෙන් මිඳීමට ඉවතට පැනීමට උත්සහකල අතර උදව් ඉල්ලා කෑගැසීමට ඔන්න මෙන්න තිබියදී ඇයට ජේකබ්ගේ සිහින් ඉකිබිඳුමක් ඇසුණේ ඇයව අන්දමන්ද කරමින්.
"සමාවෙන්න අක්කේ.... " ඔහු වචන ගැට ගසාගත් අතර රූබිව බලෙන්ම කාමරය තුළ වූ සයනයේ වාඩි කෙරෙව් ඔහු ඇයට ඉදිරියේ යම් පරතරයක් ඇතිව දණින් හිඳ ගත්තේ රූබිව වික්ෂිප්ත බවේ උපරිමයට ලංකරමින්.
" මම කරදරයක් කරන්නේ නෑ මට විනාඩි පහක් දෙන්න හැමදේම පැහැදිලි කරන්න... " ලෙස ඇරඹී ගතවුනු ඊළඟ විනාඩි පහ තුළ ඇයගේ සහ ඔහුගේ සම්බන්ධයත් එය දැනගත් ආකාරයත් ගාඩියන්වරු ගැනත් සැකවින් විස්තර වූ අතර ලොව ඉදිරියේ කෙතරම් දරදඬු වූවත් සිය දුරින් නෑයකු වන සහෝදරිය ඉදිරියේ ඔහු බිඳී තිබිණි.
මොහොතකට පෙර ඔහු රූබි දෙස බලන විට ඔහු ඉදිරියේ තිබුනේ සිය පියාගේ නිල් පැහැ දෑස වුවද එකම පවුලේ එකම පරම්පරාවේ දෙදෙනෙකු ලෙස ඔවුන් දෙදෙනාගේ පැරණි ජීවිත හාත්පසින්ම වෙනස් බව සිහියට එත්ම ඔහුගේ සිත සොවින් බරවිය. දැනටමත් ඇයගේ දිවියෙන් බාගයක් අවසන්ව ඇත. කෝටිපති මිත්තනියගේ උරුමයෙන් සීයට එකකවත් වත්කමක් නැතිව සිය සැමියාද නොමැතිව ඇය සිය දරුවන්ව රකින්නීය. නමුත් ඇගේ මිත්තනිය දැල්වූ පහණේ ආලෝකයෙන් ජේකබ් නොවිඳි සැපතක් නැතිතරම්ය. මෙතුවක් වේලා තමා තනිවී ඇති සෙයක් දැනුනද ඇය කෙතරම් කළක සිට මේ පීඩාව විඳින්න ඇත්ද යන්න ඔහුගේ චිත්ත පීඩාවට හේතුවිය.
නමුත් ඔහුගේ හිස මත එකවරම ඇගේ උණුසුම් අතෙහි ස්පර්ශය දැනෙන්න විය. ඔහු හිස ඔසවා ඇය දෙස බැලූ අතර කඳුලු පිරි ඇසින් ඇය සිනාසෙන ආකාරය ඔහු දුටුවේය.
" මොකද මේ ඇත්ත පිස්තෝල වලින් සෙල්ලන් කරන ළමයෙක් පොඩි එකෙක් වගේ අඬන්නේ "ඇය ඇසුවාය.
" ඇත්තටම මේ පරම්පරා තුන වෙනුවෙන්ම මට සමාව දෙන්න පුලුවන්ද..? ජේකබ් විමසුවේ නැවත පොළවට සිය දෙනෙත හරවමින්.
" ඔය ඇඬිල්ල නවත්ත ගන්න.... සමාව ඉල්ලන්න දෙයක් මෙතන නෑ... මට එක උදව්වක් කරන්න. මම නැති කාලෙක මගෙ කොල්ලො දෙන්නා ගැන බලන්න.... "
" භය වෙන්න එපා ඔයාගෙ බාල සහෝදරයා ඔයාලා වෙනුවෙන් ඕන වෙලාවක ඉන්නවා.... " ඇයව වැලඳගන්නා අතර ජේකබ් පැවසුවේය.
තවත් කුඩා කතාබහකින් පසු රූබි කාමරයෙන් පිටවූ අතර ඔස්ත්රෝ දුරකතනයෙන් ජේකබ් හා සම්බන්ධ විය.
" බොස් වැඩේ ඉවරයි .. "
" මෙච්චර ඉක්මනට??? "
" ඔව් බොස් මිනිහා ඇත්ත දිග ඇරියා.... වීඩියෝ කෝල් එකක් ගන්නම් බොස්ම කතාකරන්න.... "
" ඉන්න තව එක් කෙනෙක් ඉන්නවා ඌට කතා කරන්න.. "
ජේකබ් වහාම ඩේමියන්ට ඇමතුවේය.
" සප්රායීස් අරූ කට ඇරියා.... "
תגובות