" හෙලෝ D ඊස් ස්පීකින් මට ඔතන තත්වය පැහැදිලි කරන්න.... "
" සර් උන් මූව් වෙනවා අපෙ ස්නයිපර්ස්ලා ලෑස්ති වෙන ගමන්...."
" ඉක්මන් කරන්න අපිට වැඩිවෙලාවක් අල්ලන් ඉන්න බෑ... "
ඩේමියන් ඇමතුම විසන්ධි කර වාහනයේ එක් පසකින් ඉදිරිය දෙස එබී බැලුවේය. පුදුමයකට කරුණනම් කිසිදු පාතාල ක්‍රියාකරිකයෙක්ට පහර එල්ල නොවුනි. ඔවුන් ආරක්ෂිතව සිටි අතර ස්නයිපර් උණ්ඩ ජේකබ්ගේ කල්ලිය දෙසට පියාඹමින් තිබුනු අතර ඔවුන්ද ආරක්ෂාව පතා වාහනවලට මුවා වී සිටියහ. මුලින්ම ඉම්රාන් අක්බර් සහ ඔහුගේ කල්ලිය එතැනින් පිට වුනු අතර තවත් කණ්ඩායම් තුනක් පමණ ආරක්ෂාව පතා එතැනින් නික්මුනෝය.
" ඉළක්කය බිම හෙලුවා ඊළඟ අදියර මොකක්ද? " ඩේමියන්ට නැවත පණිවිඩයක් ලැබින. ඒ අතර වාරයේ ජේකබ් සිය පාතාල සාමාජිකයෙකුගෙන් ගිනි අවියක් ඉල්ලාගෙන තිබිනි.
" මට ඔයාවත් කරදරේ දාන්න බෑ ඩේමියන්. මේක ෆෝලන්ස්ලගෙ වැඩක් කියලා මම හිතන්නේ නෑ. ස්කල්හෙඩ් එකේ මොකෙක් හරි මාව මරන්න හදනවා... ඉක්මනට මෙතනින් පැනගන්න මම මේක බලාගන්නම්... " ජේකබ් යන්තමින් වචන කිහිපයක් අමුණාගැනීමට සමත් වුනු අතර ඩේමියන් කෙරේ ගෞරවයක් ඔහු ගේ සිතෙහි ඇතිවෙමින් තිබිනි.
" ඊශ්‍රායලේ අස්සට ස්නයිපර් ගේන්න එළියෙ එකෙක්ට බෑ... මේක පිටිපස්සෙ ෆෝලන්ස්ලා ඉන්නවා තව තැන්වල ස්නයිපර්කාරයෝ ඉන්නවද බලන්න කට්ටියව යවලා තියෙන්නේ. " ඩේමියන් පැවසුවේ රාජකාරි කටයුතුවලට භාවිත කරන දුරකතනයෙන් ඇස් අහකට නොගනිමිනි.
" D ආයෙ ඈතින් ප්‍රශ්නයක් වෙන එකක් නෑ " පණිවිඩය ආ සැනින් බිමදිගේ පිම්මක් පනිමින් ඩේමියන් සිය ගිනි අවිය අතට ගත් අතර එසැනින්ම ඩේමියන් සහ පිරිස අතර මැදින් ජූද් වෙඩි නොවදින ලිමොසින් රථය නැවැත්වූවේ එක්වරම මෙක්සිකන් කාට්ල් මැර පිරිස දෙසින් පැමිනි වෙඩි වරුසාවකින් ඩේමියන්ව යන්තමින් මුදවා ගනිමින්.
" f*&%ing Cartels " ජේකබ් ගේ ගිනි අවිය සහ ජේකබ්ගේ ආරක්ෂකයින්ගේ ගිනි අවි එකවැර කාටල්වරුන්ගේ වාහන සිදුරුකිරීමට පටන් ගත් අතර " කාටල් කාරයෝ අතුගාපල්ලා.... " කැස්පර්ගේ කටහඬ ගිනිඅවි හඬ පරයා නැගුනු අතර ප්‍රංශ , රුසියානු , ඉතාලි , එංගලන්ත ස්කල්හෙඩ් නියෝජිතයින්ගේ ගිනි අවි මෙක්සිකානුවන් පෙනේර කළේ ය. ශොට් ගන් එක අතැතිව ඩේමියන් සහ ජූද් උන්ඩ වරුසාව අතරින් J සහෝදරයින් සිටි SUV රථයට වෙඩි තබමින් සම්පූර්ණ විවෘත යුධ පිටියේ ඉදිරියට ඇදුනු අතර ඩේමියන් පසුපසින් ජේකබ් , ඔස්ත්රෝ ද ඒ පසුපසින් ජේකබ්ගේ පිරිසද ඉදිරියට ඇදුනි.
ගිනි අවිය බිම හෙළා JJ සහ RJ අත් ඔසවා යටත්වූ බවක් දක්වමින් ඉදිරියට පැමිනි අතර ඔවුන් තමා දෙසට ඇදී ආ වෙඩි පහරවල් වලින් ගැලවීම සඳහා තවත් ඔවුන්ගේ ආරක්ෂකයින්ගේ ශරීර පලිහක් ලෙස භාවිත කර තිබිණ. JJ සහ RJ ගේ පිට පෙදෙස ඔවුන් භාවිතා කළ ශරීරයේ මස් කැබලි ඇළවී අප්‍රසන්න දසුනක් මැවූ අතර ගලා ගිය මෙක්සිකානුවන්ගේ රුධිරයෙන් ඒ රථය අසළ බිම පෙඟී තිබිනි.
ඩේමියන් වියරු වැටී සිටි අතර ඔහුගේ ගිනිඅවි බඳ JJ ගේ හිස සිඹගත් අතර ඒසැනින් ඉදිරියට පැන්න ජේකබ්ගේ දණහිස RJ ගේ නාස් දණ්ඩ බිඳදැමූවේය. තරුණ ගාඩියන් වරුන් දෙදෙනා Cartel J Brothers ලෙස තමාව හඳුන්වාගත් දෙදෙනාගේ අස්ති දෙතුන් පොළකින් බිඳ අවසන් වනතුරු නතර කිරීමට කිසිවෙකුට හැකියාවක් නොවිනි. නමුත් ජූද් ඩේමියන්ගේ දරුණු මුෂ්ටි ප්‍රහාරයක් JJ ගේ තවත් ඉළ ඇටයක් බිඳීමට ඔන්න මෙන්න තිබියදී නවතා දැමීමට සමත්විය.
" මේක කරන්න කිව්වේ කවුද කියපන් " JJ ව SUV රථයේ හේත්තු කරමින් ජූද් විමසීය. කෙලින් සිටගැනීමට හැකියාවක් නොවූ JJ වාහන බිත්තිය දිගේ ලිස්සා ගොස් බිම ඉන්දවුනු අතර ජේකබ් RJ ට එල්ල කල කික් බොක්සින් පහරකින් ඔහුද JJ අසලින් ම බිමට වැටුනේ සිහිය මදක්වත් නොමැතිවය.
" උඹ කතාකරනවද නැද්ද...? " ඩේමියන්ගේ හඬ අසමාන්‍ය ලෙස සන්සුන්විය.
තත්පර කිහිපයක් යනතුරුම අපායක් බඳුව තිබුනු ස්කල්හෙඩ් යුධපිටියේ නිහඬතාවය රජකලේය.
" උඹලා දන්නවද උඹලා ඉන්නේ ඉශ්රායලේ සාපලත්ම තැන කියලා. මේ ජෙරිකෝවේ එක ගඩොලක් උස්සන්න එකෙක්වත් එන්නෑ අවුරුදු ගාණක් තිස්සේ. ඇයි කියලා දන්නවද...? එහෙම කරන්න ආපු කිසි කෙනෙක්ට පණ පිටින් ඉන්න ලැබුනේ නෑ. උඹලට මනස්ගාත වගේ උණාට ඒක ගැන මේ පොළව සාක්කි දෙයි. උඹලා දෙන්නවත් තව ටිකකින් මම මෙතන පණපිටින් වළලලා දාන්නම්. උඹලට සමාදානෙන් සැතපෙන්න පුලුවන් මේවා හාරන්න මොකෙක්වත් එන එකක් නෑ.... "
ඩේමියන්ගේ ගිනි අවිය එක්වරම ක්‍රියාත්මක වුනු අතර සිහිසුන්ව සිටි RJ ගේ දකුණු කකුළෙහි ඇටකටුවක් පෑදෙන සේ සම කඩාගෙන ගොස් තිබිනි.
" එපාහ්හ්හ්හ්...... " JJ සිය සොයුරා දෙසට බඩ ගෑ අතර " මම කියන්නම් මම කියන්නම් " යැයි එක දිගට මුමුනන්න විය.
" කියපන් ඉතින්.. ජේකබ්ගේ පාපහරක් JJ ගේ මුහුණ සිඹින්න හදදි ඩේමියන් එය නැවැත්විය. "
" උඹට දැන් තේරෙනවද මුට මොකක් හරි වුනොත් මට කොහොම දැනෙයිද කියලා. කට ඇරපන් නැත්තන් ආයෙ උඹේ සහෝදරයට උඹට කතාකරන්න ආයෙ බැරිවෙයි. "
ඩේමියන් සිය ගිනිඅවිය බිම වැටී සිටි RJ ගේ හිසට එල්ල කලේය.
" මේක අපෙ තාත්තගේ අණ. අපිට බෑ කියන්න බෑ. කාටත් වඩා හොඳට අපෙ නීති ගැන කින්ග් දන්නවනේ. අපි කින්ග් දිහා බලාගෙන හැදුනේ අපෙ වීරයා උනේ බීස්ට් ඔයා. ගිය අවුරුද්දෙ තාත්තගෙ බර්ත්ඩේ එකට Young King ආවම අපි දෙන්නට ඕන උනේ තාත්තගෙන් අපිට බලේ හම්බුනාම ඒ විදිහට හැදෙන්න හැසිරෙන්න ඕනෙ කියලා. අපෙ තාත්තට මෙහෙන් කෝටි සීයක් එක්ක ඕන කරන සප්ලයිස් දෙන්නම් කියලා කින්ග්ව මරන්න කිව්වා. මේක අපිට තාත්තා දීපු පළවෙනි වැඩේ අපිට වෙන කරන්න දෙයක් නෑ කින්ග්. මෙයාට යන්න දෙන්න මාව මරලා දාන්න ඒක කමක් නෑ."
ඩේමියන් ගිනි අවිය RJ ගේ හිස මතින් ඉවතට ගත් අතර " මුන්ව අපෙ හොස්පිට්ල් එකකට ගිහින් දාන්න ජූද්. ස්තූතියි ඕනම වෙලාවේ ආවට. " යැයි පැවසූවේ ජූද්ව වැලඳගනිමින්.
" හෙට රෑවෙලා මම කතාකරන්නම්. දැන් ගිහින් මේවා අමතක කරලා විවේකයක් ගන්න. මීට වඩා පරිස්සම් වෙන්න පුරුදුවෙන්න. දැන් Young King නෙවේ King වෙලානේ ඉන්නේ. අනික නිකන් King වෙලා නෙවෙයි උඹ තමයි ඊයෙ ඉදන් Gurdians ලගෙ සම නායක C... " ඩේමියන් පැවසුවේ අවුල්ව තිබුනු ජේකබ්ගේ කොලර් එක සහ ටයිපටිය නැවත සකස් කරමින්.
" මට සමාවෙන්න ඩේමියන්. හැමදේකටම ස්තූතියි. කොහොමද අර වෙලාවේ වෙඩි තියයි කියලා දැනගත්තේ අනික ජූද් එන කොටම ගන් එක ගන්න පැන්නේ.... " ජේකබ් ඇසුවේ ඩේමියන්ගේ කරකට අත දමමින්.
" වෙඩි තියන්න උන් වෙලාව ගත්ත එක අපෙ වාසනාව. තනිකරම ඒක දෙවියෝ අපි දිහා බලලා දීපු අවස්ථාවක්. මම මැරයොන්ව දැක්ක ගමන් ගාඩියන් සෝල්ජර්ස්ලව ගෙන්නුවා එයාලා තමයි ස්නයිපර්කාරයොන්ව දැකලා මට කිව්වේ. ඊටපස්සෙ ජූද් ආපු එකත් වාසනාව කවුද හිතුවේ J ලා වෙඩි තියයි කියලා. මම සැක කරේම කැස්පර්ව. ඒක නිසා මම ගන් එක ගත්ත ගමන් ඉන්දියන් කාරයොන්ගේ වෙහිකල් එක පැත්තට පනින්න හිතන් හිටියේ වැරදිලාවත් ජූද් ආවෙ නැත්නම් කුඩු තමා ඇහිඳින්න වෙන්නේ... " මද සිනාවක් නගමින් ඩේමියන් පැවසූ අතර ඔවුන්ගේ කතාවට බාධකරමින් දැල්වූ පයිප්පයක් අතැතිව කැස්පර් එතැනට ඩේමියන්ගේ හිස පටන් දෙපතුල දෙස බලමින් පැමිනියේ ..
" මම දැනන් හිටියේ නෑනේ බීස්ට් ජේකබ්ට බීස්ට් බ්‍රදර් කෙනෙක් ඉන්නවා කියලා.. " යැයි පවසමින්.
" මම දැනන් හිටියෙත් නෑ හිටියා කියලා... "
ජේකබ් සිනාවෙමින් පැවසූ අතර තමාව හඳුන්වා දෙමින් ඩේමියන් කැස්පර්ට අතට දී පිරිසගෙන් සමුගත්තේය.
මේ අතර ගැල් කොහේන් සියලු රාජකාරිවලින් සතියක් නිවාඩුවක් ඉල්ලා සිටි අතර නිවසේ සෑම සේවකයෙක්ම සතියක් කාළයක් සඳහා නිවාඩු ලබා දී පිටත් කළාය. නිවස සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම ඇගේ අරමුණ වූ අතර ඇය සිය පියාගේ කාමරය අස්පස් කිරීම ඇරඹුවේ දින කිහිපයකින් නිවස වෙනස් කිරීමට පෙර ඒ ලිපිගොනු පිලිවලක් කළයුතු බැවින්.
ඇලෙක්සාද සිය ආරක්ෂකයින් සැපයූ ඒජන්සියට කතාකර රැස්වීම යොදාගෙන තිබූ අතර ෆෝලන්වරු සිය නායකයා මුල්වතාවට මුහුණට මුහුණ සමුවීමට සුදානම් වෙමින් සිටියහ.
Comentários