ජේකබ් වාහනයෙන් බැස ඉදිරියට එන අතරම එතැන එක් රැස්ව සිටින්නන් හදුනා ගැනීමට උත්සහකලේය. ප්‍රංශයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමෙ පුරෝගාමියා වූ කැස්පර් , මධ්‍යධරණි මුහුදේ නීත්‍යානුකූල නොවන වෙළඳාම් සිදුකරන ඉම්රාන් අල් අක්බර් , මෙක්සීකානු කාට්ල් නියෝජිතයින් සහ තවත් ආයුධ , මත්ද්‍රව්‍ය සහ ගැහැනු හෝ දරුවන් තම ව්‍යාපාරය කරගත් මැර නායකයින් සහ මිනීමැරීම විනෝදාංශය කරගත් ඔවුන්ගේ හෙංචයියන් රැසක් නිමේශයක් තුළදී හඳුනාගැනීමට ජේකබ් සමත්විය.
" King ගේ සමුගැනීම ගැන අපිට කණගාටුයි " මෙක්සිකානු නිවුන් සහෝදරයින් දෙදෙනෙක් පැවසුවේ ජේකබ් ඉදිරියට පැමිණ අතට අත දෙමින්. " අපි බිග් ඩීගේ පුතාලා දෙන්නා තාත්තට පස්සෙ අපි තමයි දැන් බිස්නස් හැන්ඩ්ල් කරන්න. තව දුරටත් අලුත් King ගේ හයිටේබල් එකේ ඉන්න අපි කැමතියි. ජේමිගෙ කල්ලියත් එක්ක තිබ්බ යුද්ධෙ ඉවර කරගන්න දීපු උදව්වලට අපි ස්කල්හෙඩ් ගෑන්ග් එකට ණයයි අපි කිසිම වෙලාවක ද්රෝහිවෙන්නෑ කියලා පොරොන්දුවෙනවා.... "
" ස්තූතියි හයි ටේබල් එකට පිළිගන්නවා ජේකබ් හිස්තැනක් තැබුවේ නමක් නොදන්න නිසා ඔවුන්ගේ නම් දැනගැනීමේ අපේක්ෂාවෙන්. "JJ " මෙතෙක් වේලා කතාකළ තරුණයා තමාව හඳුන්වා දුන් අතර " RJ " අනෙක් තරුණයා තමන්ව හඳුන්වා දෙමින් ජේකබ්ගේ මගින් ඉවත්වුනේ ඔහුව ජනකායට නිරාවරණය කරමින්.
පසෙකටවී ඩේමියන් අවධානයෙන් බලාසිටියේ ශොට්ගන් වර්ගයේ ගිනිඅවියක් අතැතිව අවශ්‍ය වුවහොත් මෙතැන සියළු දෙනාම වුවත් මැරුම් නොකා මරා දමන ආකාරය සැළසුම් කරමින්. " ඉම්පොසිබල් " ඔහුගේ හිත පැවසූ එකම දේ එයවූ අතර ඔහු දුරකතනයෙන් ගාඩියන් සංවිධානයේ අසළ විසිරී සිටින සෑම සෙබලෙක්ටම තමා සිටින ස්ථානය යැවු මීටර පන්සීයක දුරින් සැක නොසිතෙන සේ සන්නද්ධව රැදී සිටින ලෙස ඔවුන්ට දැනුම් දුන්නේය.
ඒ අතර ජේකබ් එතැන නවතා තිබූ SUV රථයක වහලය මත හිඳගත් අතර ඒ ඉදිරියෙන් තවත් SuV රථ අටක් පෙළට නවතා ඒවායෙ වහල මතද තවත් පිරිසක් හිඳගත්තේ බැරෑරුම් යමකට සූදානම් වෙන අයුරෙන්.
" මම තමයි ජේකබ් ඇග්රන් අයිසැක් ඇග්රන්ගෙ පුතා. ඔව් මෙතන බහුතරයක් Young King කියලා හැදුන්නූවේ මාව. හිටපු King මට වැඩ පවරලා අවුරුදු කිහිපයක් වෙනවා. අපේ තාත්තට තිබුනු ගෞරවය නිසා හරි භය නිසා හරි මේ කාළය පුරාවට ස්කල්හෙඩ් ගෑන්ග් එක යටතේ ගෑන්ග් දාසයක් එකම මාෆියා එකක කොටස් කාරයෝ වෙලා හිටියා. මගෙ නීතිවලට හරි මට හරි අපේ ගෑන්ග් එකට හරි ගරු කරන්න බැරි කෙනෙක් ඉන්නවනම් මේ විරුද්ධත්වය පෙන්වලා ඉවත්වෙන්න තියන අවස්ථාව. මගෙ වැඩවලට හරි ස්කල්හෙඩ් එකේ වැඩවලට හරි ඇඟිලි ගහන්නැතුව ඉන්නකන් අදින් ඉවත්වෙන අයට මම විරුද්ධවෙන්නේ නෑ හැබැයි පස්සේ ස්කල්හෙඩ් එකෙන් ගැලවිලා යන්න ස්කල්හෙඩ් ගෑන්ග් එක බෙදන්න හැදුවොත් මගෙ මේ අත් දෙකින්ම උන්ව මම මරලා දානවා... " තවත් රථයක වහල මත හිඳ සිටි J සහෝදරයන් " අපි අලුත් King සහ Skullhead ගෑන්ග් එක්ක ඉන්නවා " යැයි පැවසූ අතර ඉම්රාන් අක්බර් නැගීසිටිමින් සිය හඬ අවදිකලේය.
" King මම විරුද්ධයි ගෑනු සහ ළමයින්ව විකුණන්න ස්කල්හෙඩ් එක අනුමැතිය දෙන්නැති එකට. අපිට විශාල ධනස්කන්දයක් මේ මෝඩ නීතිය හින්දා නැතිවෙනවා. අනික ගණිකාගාර පවත්වන්න පුලුවන්නම් ඇයි මුන්ව ප්‍රවාහනේ කරන්න දෙන්න බැරි.... "
" ගෑනියෙක් ළමයෙක් බලෙන් උස්සන් ඇවිත් කාළකන්නියෝ වගේ විකුණන එක වෙනයි. තමන්ගෙ කැමැත්තෙන් ගෑනියෙක් ඇවිත් ඇඟ විකුණනවනම් ඒක වෙනයි. ඒක උන්ගෙ කැමැත්ත. ස්කල්හෙඩ් එක කුඩු , ආයුධ විකුණනවා ඇති ඒකෙන් මිනිස්සුන්ගෙ ජීවිතත් විනාස වෙනවා ඇති හැබැයි ඒක උන්ගෙ තීරණය උන් තමයි තීරණය කරන්නේ කරන්න ඕනෙ මොකක්ද නැත්තෙ මොකක්ද කියලා. ඒකාලෙ ඉඳන්ම මම මේ නීතියට කැමතී මේවා තමයි අපි අනිත් මාෆියා කාරයොන්ගෙ වෙනස් කරලා තියන කාරණා. අපිට ගවර්මන්ට් වලින් පවා උදව් හම්බෙනවා අපි මෙච්චර කාළයක් අනුගමනය කරපු නීති නිසා. ලාභය වගේ නෙවෙයි ඒක. ... " පැරණි මාදිලියේ සුරුට්ටුවක් අතේ රඳවාගෙන උජාරු අයුරින් සිටි එතැන වැඩිමහල්ම තැනැත්තා වන කැස්ත්‍රෝ පැවසූ අතර කොල්ලා මම උඹෙ ක්‍රමේට කැමති උඹෙ තාත්තට තිබුනට වඩා ගෞරවයක් උඹගැන මට තියනවා. හරි තීරණයක් ගන්න. ඔහු එයට තවත් යමක් එකතු කළේය.
" හොඳයි අක්බර් ගෑනුන්වයි ළමයිවයි විකුණන්න ඕනෙ නම් විකුණන්න හැබැයි ස්කල්හෙඩ් එක යටතේ නෙවේ මේකෙන් අයින් වෙලා... අපේ එම්පයර් එකේ කිසිම තැනක හැබැයි ආයෙ බිස්නස් කරන්න උඹට බෑ. මේ ඒකාලෙ ඉදන්ම තිබ්බ නීතිය. නැව් දෙකක කොකේන් ට්‍රාන්ස්පෝට් කර කර ඉද්දිනේ ගෑන්ග් එකට එකතු වුනේ ඒ දවස්වල මේ මෝඩ නීති දැනන් නෙවේද එකඟ උනේ. සල්ලි ලැබුනම ඕනවට වඩා උඩයන්න එපා අක්බර්. උඹව ඔය ලෙවල් එකට එන්න අවුරුදු පහළොවක් විස්සක් ගියාට හිටපු තැනින් පල්ලෙහාට යන්න විනාඩි විස්සක් හොඳටම ඇති."
" මේ මිනිහා සම්පූර්ණෙන් ඕපන් ඉඳගෙන රණ්ඩුවක් ඇතිකරගෙන මැරෙන්න දඟලනවද... ?" ඩේමියන් කනස්සලු වූවේය. " මුට දුර ඉදන් ගැහුවොත් " ඩේමියන්ගේ සිතට නැවත පැනයක් නැගිනි.
" හැමෝම කඳු උඩ පරීක්ෂා කරන්න දුර ඉදන් අපි ඉන්න තැන්වලට පහර දෙන්න පුලුවන් තැන් ගැන අවධානය දෙන්න... " නැවත ඩේමියන් පණිවිඩයක් යැවුවේය.
හැම අමුත්තෙක්ම ජේකබ් ඉදිරියෙන් රැදී සිටි අතර ඔවුන්ගේ පිටුපස ඔවුන්ගේ ආරක්ෂකයින් වූ අතර ජේකබ්ට පිටුපස ඔහුගේ යතුරුපැදි ධාවක ආරක්ෂකයින් පෙළට සිටගෙන සිටියෝය. " හදිස්සියක් උනොත් ජේකබ්ව වාහනය පිටිපස්සට පැනගන්න පුලුවන් උනොත් හරි " දෙදෙනාගේම පණ රැකගැනීමට ඇති හොඳම අවස්ථාව ලබාගැනීමට ඩේමියන් සූදානම්ව සිටියේය.
අක්බර් සිය කට පියාගෙන බුම්බගෙන සිටි අතර එකිනෙකා ජේකබ් සමඟ කටයුතු කිරීමට සිය එකඟත්වය පළකලෝය. නමුත් කේරලයේ සිට පැමිණ තිබූ ශේකර් නම් තැනැත්තා ස්කල්ගෑන්ග් එකෙන් තමා ඉවත්වෙන බවත් දකුණු ආසියාවේ ස්කල්හෙඩ් එකට ඇති බලය අල්ප බවත් ස්කල්හෙඩ් ගෑන්ග් එකට කිසි අහිතකර බලපෑමක් නොකරන බවත් දිගටම ස්කල්හෙඩ් ගෑන්ග් එකට උපකාර අවශ්‍යනම් ඒ වෙනුවෙන් ඉදිරිපත්වන බවත් පවසමින් ගෑන්ග් එකෙන් නිල වශයෙන් ඉවත් විය.
" D , උතුරේ ඉදන් හතේ කඳු උඩ කීපදෙනෙක් ඉන්නවා අපි ලඟට යන්න ගියේ නෑ ස්නයිපර්ස්ලා ටිකක් වගේ. අපි ස්නයිපර්ස්ලාව ගෙන්නුවා ටේක් ඩව්න් කරන්න විනාඩි කීපයක් යයි හැම තත්පරයක්ම අන්තුරක්... " ඔය අතරේ ඩෙමියන්ගේ දුරකතනයට පණිවිඩයක් ලැබිනි. උතුරු දිශාව ඔරලෝසුවේ දොළොස ලෙස සළකා ඔරලෝසුවේ හතට අදාල දිශාව දෙසට ඩේමියන් සිය අවධානය යොමුකලේය. කඳු මුදුනේ කිසිවක් පැහැදිලි නොවූයේ ඝන අඳුරේ තවමත් ලෝකය ගිලී තිබුනු බැවිනි.
හැමෝම ආවරනෙකට යන්න ඩේමියන් කෑගසමින් ජේකබ් දෙසට දිව ආවේ තමා සතුරෙකු නොවන බව පෙන්වීමට ශොට් ගන් එක පසෙකට විසි කරමිනි. හතේ දිශාව හරියටම ජේකබ්ගේ ඉදිරියෙන් වූ අතර ඩේමියන් පිමි දෙකෙන් SUV රථය මතට නැග ජේකබ්ගේ දෙසට වේගයෙන් පැන්නේ ජේකබ්ගේ උදර ප්‍රදේශය සිය උරහිසින් තල්ලු කරමින්.
ජේකබ් සහ ඩේමියන් රථයෙන් පිටුපසට පෙරලීගොස් වහලයෙන් වැටුනු අතර ඒ සමඟම වාහනය සිදුරුකරමින් උන්ඩ කිහිපයක් ඈත සිට පියඹා ආ අතර අනෙක් පාතාල ක්‍රියාකාරීන් කලබල වී විවිධ භාෂාවලින් කෑගසන ආකරය ජේකබ්ට සහ ඩේමියන්ට සවන් වැකුණු අතර වහාම පණිවිඩය එවූ තැනැත්තා හා ඩේමියන් දුරකතනයෙන් සම්බන්ධ වීමට තීරණය කලේය.
تعليقات