ඇලෙක්සා නිවසට පැමිණි සැනින් ඇගේ කාමරයේ ඇඳ අසළ තබා තිබූ බෙහෙත් බෝතල් අතර දැඩි ආතතිය හමුවේ ඇය පානය කිරීමට හුරුව සිටි ඖෂධය සෙව්වාය. සේවිකාවක් ලවා ගෙන්වාගත් වතුර වීදුරුවක් සමඟ බෙහෙත් කරල් දෙක පානය කිරීමෙන් අනතුරුව ඇය සිය පියාගෙ පැරනි කන්තෝරු කාමරයට පිවිසුනේ දොර වසා ඇතුලතින් අඟුලු දමාගනිමින්. පැය කිහිපයක් පියාගෙ ලිපිගොනු හාරා අවුස්සා බැලූ ඇය, කාමරයෙන් පිටතට පැමිණියේ පොලිසියත් සමඟ දුරකතනයෙන් සම්බන්ධවෙමිනි.
" හෙලෝ මිස් ඩාහන් අපි තවමත් විමර්ෂණ කටයුතු කරගෙන යනවා ඒකෙ ප්‍රථිපල ඔබතුමී විශ්වාස කරයිද කියලා සැකයි.. " සිය නිවසට ඇතුළු වී නිවසෙහි තිබු ඇගේම වාහනවල බෝම්බ සවිකල පුද්ගයා ගැන තොරතුරු දැනගැනීමේ අධික වුවමනාවක් ඇයට විය.
" විෂ්වාස කරනවද නැද්ද බලන්න මුලින්ම කියලා ඉන්න කමිෂනර් රැන්ඩොල්ෆ්... " ඈ පිළිතුරු දුන්නාය.
" බෝම්බ තියලා තියෙන්නේ අවතාරයක්.. "
" මොකක්ද කමිශනර් එකේ තේරුම "
" අපි බෝම්බ තියපු පුද්ගලයාගේ මුහුන CCTV වීඩියෝවලින් අඳුරගත්තා අපේ face recognising system එකෙන් අපිට පෙන්නුවේ 2016 ගාසා තීරයෙදි මැරුණු ඊශ්‍රායල් මනුස්සයෙක්. ඌ කොහෙන් ඒ මූණ දාගත්තද කියන්න බෑ. කිසිම වෙනසක් නෑ සමීප චායාරූප අධ්‍යනය කරත්. ප්ලාස්ටික් සර්ජරි එක කරපු කෙනා ලෝකෙ හොඳම අයගෙත් හොඳම කෙනෙක් වෙන්න ඕනේ. අපි සැක කරන්නේ සිරියාවේ ත්රස්තයෝ වුනාට උන්ට එක ඝාතකයෙක්ට ඔච්චර වියදම් කරන්න බෑ. මේක පිටිපස්සෙ ලොකු කතාවක් තියෙන්න ඕනේ. අපෙ දෙසීයක විතර කණ්ඩායමක් ඒ මූණ තියන කෙනාව හොයනවා දැනටමත් ඒ මනුස්සයා මාස දෙකක් තුල ආගිය තැන් කරපු කියපු දේවල් අපි හොයාගෙන තියනවා රටේම හැම කැමරාවකම මිනිහගෙන් මූණ හොයනවා ඉතාම ඉක්මනින් අපිට ඌව අල්ලගන්න පුලුවන් වෙයි... " කමිශනර් රැන්ඩොල්ෆ් තිරසර හඬකින් තත්වය පැහැදිලි කලේය.
" මට ඒ මැරුණ මනුස්සයගෙ නම දැනගන්න පුලුවන්ද ? " ඇලෙක්සා ආචාරශීලීව විමසූ අතර " ඔව් ඒ මනුස්සයගෙ නම හාගර්ස් ඇබ්බාහ් කියලා තමයි තියෙන්නේ 1985 ඉපදුන මනුස්සයෙක්. " කමිශනර් වරයාද නොපැකිල පිළිතුරු දුන් අතර ආචාරශීලී සමුගැන්මකින් ඇමතුම විසන්ධි විය. ඒ සමඟම ඇයව හමුවීමට අග්‍රාමත්‍ය ලේකම් වරයෙක් පැමිණ තිබූ අතර ඔහුව හමුවීමට ඇලෙක්සාද යුහුසුළුව අමුත්තන්ගේ කාමරයට පිවිසුණාය.
" හෙලෝ. ඩාහන් මෙනවිය මම අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඩාහන් මහත්තයගෙ අවමගුල් උත්සවය රාජ්‍ය ගෞරව ඇතුව කරන්න ඒ අදාල දේවල් සංවිධානය කරන්න මම ආවේ ... "
" ඔබතුමා මොකුත් කාලා බීලා එහෙමද... " ඇය වෙනකවරදාටත් වඩා ආචාරශීලී භව නිවසේ සේවිකාවන්ට වැටහී තිබිණ.
" කමක් නෑ මෙනවිය... ඔබතුමී අවසර දෙනවද මට වැඩ පටන් ගන්න? " ඔහු විමසුවේය.
" සමාවෙන්න. අගමැතිතුමාට කියන්න අම්මා මැරුණට පස්සෙ තාත්තට ඕන වුනේ අම්මා වගේම චාම් මළ ගෙදරක්. ඒ වගේම අම්මගෙ සොහොන ළඟින්ම තාත්තව තැන්පත් කරන්න. තාත්තගෙ හොඳම යාලුවෝ කීපදෙනෙක්මත් මැරුණු නිසා ව්‍යාපාරික ලෝකෙ අමුත්තො ඇරෙන්න වෙන කවුරුත් නෑ. මම මේ ඉවෙන්ට් එක මැනේජ් කරගන්නම් ... "
" හොඳයි ... සමාවෙන්න එහෙනම් ඩාහන් මෙනවිය ඔබතුමියගෙ කාළය නාස්ති වුනා නේද? නැවත හමුවෙමු.... "
" නැන්සි මේ මහත්තයට පාර පෙන්වන්න.. " සේවිකාවකට අමුත්තා නිවසින් ඇරලවීමට ඈ භාර කළාය.
විනාඩි කිහිපයක් ඇතුළත කොරිඩෝවෙන් ඈතට නැගෙන පියවර හඬ නැසී ගිය විගස. ඇලෙක්සා අමුත්තන්ගෙ කාමරේ උඩු යටිකුරු කිරීමට පටන් ගත්තාය. කාමරය මැද තිබුණු වීදුරු මේසය පෙරලා දැමූ ඈ වසර ගාණක් මැදුරේ අමුත්තන්ගෙ කාමරයේ හිටි ඉරියව්වෙන් සිටි විසල් බට්ටා ඔරලෝසුව පොලවට සමතලා කලාය. පුටුවකින් කොනක තිබු රූපවාහිනියට පහර දුන් ඇය, එම පිටුව ද පොළොවේ ගසමින් කඩාදැමීමට උත්සහා කළාය. නමුත් දැඩි ලී වලින් නිමකර තිබුණු පුටුව පොළවේ තිබුනු ලෑලි සිදුරු කිරීමට සමත්විය. බිත්තියේ එල්ලා තිබූ දඩයම් තුවක්කුවෙන් සිවිලිමේ එල්ලා තිබූ විසිතුරු වීදුරු ලාම්පු සැකිල්ල බිම පතිත වීමට වෙඩි තැබුවාය. පසුව කාමරයේ කෙළවරක වැටී තිබුනු අසුනේ අසුන් ගත්තාය.
" තාත්තට මේවා මට කියන්න තිබුනා. " ඇය තමාටම මුමුණනු සේවිකාවන්ට සවන් වැකුනි. පැය බාගයකට පසු පිරිසක් පැමිණ අමුත්තන්ගේ කාමරය නැවත පිළිසකර කල අතර. පසු දින හවස් යාමයේ ඩාහන් පවුලේ සුසාන භූමියේ සිය බිරිඳ අසලින්ම ඩාහන් මහතාගේ සිරුර තැන්පත් කල අතර ලොව ප්රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් ඇයට සිය කණගාටුව පලකර පිටත්ව ගිය අතර සුලු මොහොතකට ජේකබ් සහ ඩේමියන්ද අවමඟුලට සහභාගී වී ඇය අස්වැසුවේ ඇගේම සහෝදරයන් මෙන් වූ අතර දින දෙකකින් මෙලෙස බැඳීමක් ඇතිවූයේ කෙලෙසද යන්නත් ඇයට ගැටළුවක් විය.
නමුත් අවසානයේ ගාඩියන්වරුන්ගේ සම්ප්‍රදායික අවමගුලට සහභාගිවීමට ඔවුන් ආරාධනා කලද එයට සහභාගීවීමට ඇයට මනස සාදාගත නොහැකිවිය. ඔවුන්ව තනිව පිටත් කල ඈ ඉළක්කයට වෙඩි තැබීමේ සංගයමයේ වෙඩිතැබීම් පොළෙහි පැය ගණනක් ඉළක්ක විනාස කරමින් උන්නාය.
*****
" තමුසෙ මුල ඉඳන් කරපුවා කියනවා. " අඳුරේ වැඩිහිටියෙකුගේ කටහඬක් බිම වැටී සිටි හාගර්ස්ට යන්තමින් සවන් වැකුනේ හිස තලා පොඩිකර දැමුවාක් වන් වේදනාවක් මැදින්.
" මට කමාන්ඩ් එකක් අවුරුදු දාහතරකින් ලැබුනේ නෑ ... ඉතින් මට තේරුනා කමාන්ඩර් අනිවාරෙන් ගාඩියන්ස්ලගේ පාටියට ඇටෑක් කරද්දි මැරෙන්න ඇති කියලා. මට ඕන වුනා උන්ගෙන් පලිගන්න. මම උතුරු කඳවුරෙන් එළියට ආවා ස්පයි කෙනෙක් අඩුවුනා කියලා අදටත් උන්ට තේරිලා නෑ. මම A ෆැමිලි එක ෆලෝව් කරන්න ගත්තා ඉතින් මට උන්ගේ ප්‍රයිවට් සිකියුරිටි ස්කොඩ් එකට එකතුවෙන්න පුලුවන් වුනා. A මෝඩයාට ඕනේ වුනා මාව ඔත්තුකාරයෙක් කරන්න මට කරන්න තිබ්බේ ගෙදරෛන් පිට ඉදන් ගෙදර දිහාට මොනවහරි තර්ජනයක් තියනවද බලන්න. ඔය අතරේ තමයි මම උන්ව මරන්න ප්ලෑන් කරේ. මම ෆෝලන් ආමි මෙම්බර්ස්ලා කිහිප දෙනෙක් හරහා සිරියාවෙන් බෝම්බ පන්නගත්තා. මගෙ මුල්ම ප්ලෑන් එක වුනේ ගෙදර ඒ ටික හයි කරලා සුයිසයිඩ් කරගන්න. ඒත් ප්ලෑන් එක දවසෙ උදේ කට්ටියක් ආවා A ව එක්කන් යන්න. එතන මම දැක්කා මාත් එක්ක එකට ට්‍රේන් උනු හය දෙනෙක්ව මට උන් කිව්වා උන්ටික ගාඩියන්ස්ලව මරන්න ඉන්නේ කියලා අපේ ජෙනරාලුත් ෆ්ලයිට් එකට එනවා ජෙනරාල් සිග්නල් එක දුන්න ගමන් ලැන්ටන්කාරයයි ගාඩියන්ලයි ඉවරයක්ම වෙයි කියලා. ඉතින් මට අරගෙන ආපු බෝම්බවලින් කරන්න දෙයක් මතක් උනේ නෑ. මම ඒවා ඔක්කොම එතන වාහනවලට හයි කරා. අන්වාරෙන් ඔතන ගාඩියන් ආමි එකේ එකෙක් දෙන්නෙක් ඇති මේ වෙද්දිත් උන් මැරිලා ඇති... මම මගෙ ගෙදරට ආවා CCTV වලට පේන්න ඊටපස්සෙ ෆ්ලැට් එකේ AC සිස්ටම් එක දිගේ ෆ්ලැට් එක උඩට නැගගත්තා එතන ඉදන් බිල්ඩින් එකෙන් එකට පැන පැන ඇවිත් CCTV මගඇරලා මම මූලස්තානෙට ආවේ රටින් පැනගන්න බලාගෙන."
ඔහු වේදනාව අතරින් පැවසුවේ හුස්ම ගැනීමේ අපහසුතාවයකින්. ඔහුගේ හිස තුවක්කු මිටකින් පහර දීමෙන් පැලීගොස් තිබුනු අතර එතැනින් නොනවත්වා රුධිරය වහනය වූන්ද කිසිවෙක් එය ගණනකට නොගැනීම මෙතරම් වීරක්‍රියාවකට පසුව සිදුවීමත් ඔහු පුදුම නොකලේ ඔහුව පසසමින් සිටි සගයෙක් තමා රූපවාහිනිය නරඹන අතරවාරයේ තුවක්කුවෙන් සිහි විසඥ්ඥ වන ලෙසටම හිසට පහර දීම ඊට වඩා පුදුමයක් වූ බැවින්.
උඹ දන්නවා අපෙ නීති රීති. අණක් ආවේ නැත්තන් උඹ ඒ විදිහට ඉන්න ඕනේ... උඹ දන්නෑ උඹ කරපුවගෙ ප්‍රතිඵල නඩුව ත්‍රස්තවාදි මර්දනයට ගියොත් ෆෝලන්ස්ලවත් ත්‍රස්තවාදියො විදිහට නම් කරයි අවුරුදු එකසිය පනහක හැටක සැලැස්මක් උඹ විනාස කරේ. උඹ වගේ එකෙක් නැති වෙන එක පාඩුවක් ඒ උනාට අනිත් උන්ටත් මේක පාඩමක් වෙන්න ඕනේ ....
පිස්තෝලයක උණ්ඩ ආලෝකය පමණක් විහිදුවමින් නිහඬවම හාගර්ස්ගේ හිස් කබල හරහා ගිය අතර නැවත අයෙක් සිය හඬ අවදි කළේ නිහඬතාවය බිඳිමින්. අපේ තුන් දෙනෙක්ව ගාඩියන්ස්ලා පණපිටින් අල්ලගෙන ඕකුන් මොකුත් වැමෑරුවෙ නැත්තන් හොඳයි.
" උන් ගැනත් හොයලා බලපන් උන් එලි කරන්න වැඩි දෙයක් දන්නෑ .... " වැඩිහිටියා පැවසුවේ කාමරයෙන් පිටව යමින්.
Comments