අසුනේ හරිබරි ගැසී පළමු පහන සිය හඬ අවදි කලේය.
" දාවිත් රජතුමාගේ කාලයට මේ කතාව ඇදිලා යනවා ඔයලා දන්න කොටස් ඇති ඒත් මට බාධානොකර හැම දේම අහගන්න.
දාවිත් රජතුමාගේ ප්‍රධාන සෙන්පතියන් තුන් දෙනෙක් හිටියා කියන්න ඔයාලා දන්නවා ඇති ඒ තමයි ගාඩියන්ස්ලගෙ ආරම්භකයින්. යොෂෙබ් බෂ්ෂෙබෙත් , එලියේසර් සහ ෂම්මා කියන සෙන්පතිවරු තමයි පිළිවට බැරන් , ඇග්රන් සහ ඩාහන් වෙලා තියෙන්නේ. දාවිත්ගේ ආයුධ රැගෙන ගියපු දාවිත්ගෙ විශ්වාසවන්තම ආයුධ ගෙනියන්නාගෙන් තමයි කොහේන් පරම්පරාව ආරම්භ වුනේ. ඒ කාලේ ඊශ්‍රායලේ හොඳම කාළය වගේම වියවුල්ම කාළය. දාවිත්ගේ වැඩිමල් පුතා වුන අබ්සොලොම්ට රටේ පාලණය ගන්න ඕන වුනා. ඒකට දාවිත්ව මරලා දාන්න ඕනේ නමුත් අබ්සොලොම්ගෙ මාර්ගය ඉස්සරහා ලොකු බාධකයක් තිබ්බා ඒ තමයි ගාඩියන්වරු සිව්දෙනා. ඉතින් දාවිත්ට ගාඩියන්ස්ලා වගේ අබ්සොලොම්ටත් ගාඩියන්ස්ලා හතර දෙනෙක් ඕන වුනා එයා ඒකට ඒකාලෙ හිටපු ලොකුම මංකොල්ල කාරයෝ සහ මිනී මරුවො හතර දෙනෙක් තෝරගත්තා. හැම ගාඩියන් කෙනෙක්ම සෙන්පතිවරු නිසා ඔවුන් කුඩා සෙබල කණ්ඩායම් දහයක් ලඟ තියාගෙන හිටියා. ඒ විදිහටම අබ්සොලොම්ගෙ ගාඩියන්ලා හතර දෙනෙත් හොරු මිනීමරුවොන්ගෙන් සෙබල කණ්ඩායම් හදාගත්තා. යුද්ධය ආරම්භ වෙද්දි දාවිත් රජතුමාට තමන්ගෙ පුතාව මරන්න හිතහදාගන්න බැරි උනා. ඒක නිසා ගාඩියන්ලවත් අරගෙන දාවිත් රජු පලාගියා.
ලොකුම ප්රශ්නය ඇති උනේ ඒ වෙලාවේ. දාවිත්ට තියන විරුද්ධතාවය පෙන්නන්න අබ්සොලොම් තමන්ගෙ තාත්තගෙ බිසෝවරු ප්‍රසිද්ධියේ දූෂණය කරා අබ්සොලොම්ගෙ ගාඩියන්ලා හතර දෙනා මිනිස්සුන්ට කරදර පීඩකරන්න ගත්තා. එතකොට තමයි මැදහත් ආගමික සංවිධානයක අවශ්‍යතාවය රටට ඇති වුනේ. ඉතින් ලෙවී වංශික පූජකවරු හත්දෙනෙක් ලැන්ටර්න්ස් සංවිධානය ආරම්භකළා. ඒකට ලැන්ටර්න්ස් කිව්වේ ඒ හත්දෙන්නා දේවමාළිගාවේ තිබුනු සත් පහන් රුකක් ඒකට භාවිතාකරපු නිසා.
ඉතින් ඔවුන් හත්දෙනා අබ්සොලොම්ගෙ ගාඩියන්ලගෙන් මේ විනාශය කරන්න එපා කියලා ඉල්ලුවා. ඔවුන් ඒකට ඉඩ දුන්නේ නෑ ඔවුන් ලැන්ටර්න්ස්ලට නිග්‍රහ කරලා පලවා හැරියා. ඉතින් ලැන්ටර්න්වරු දාවිත්ගේ ගාඩියන්වරු හමුවෙලා දිනන විදිහක් කල්පනාකළා. ඉතින් ඒ සැලැස්මේ ප්‍රථිපලයක් විදිහට ගහක එල්ලලා කපලා කොටලා අබ්සොලොම්ව මරලා දැම්මා. ඒකට ලැන්ටර්න්ස්ලවත් ගාඩියන්ලවත් නොගෑවෙන්න හැමදේම වුනා. නමුත් අබ්සොලොම්ගෙ ගාඩියන්වරු දේව මාලිගාවේ තිබ්බ අපේ රටේ වටිනාම වස්තු කිහිපයක් පැහැරගත්තා දාවිත් රජතුමාගෙ හිතවතුන් කිහිපදෙනෙක් ප්‍රාණ ඇපේට ගත්තා. ඉතින් නැවත් ලැන්ටර්න්ස්ලා මැදිහත් වෙලා අබ්සොලොම්ගෙ ගාඩියන්ස්ලව මරන්නේ නෑ කියන පොරොන්දුවත් එක්ක ප්‍රාන ඇපකරුවන් නිදහස් කරගත්තා. නමුත් නිදහසේ ප්‍රසිද්ධියේ හැසිරෙද්දි අබ්සොලොම්ගෙ ගාඩියන්ස්ලට ෆෝලන්ස්ලා කියන්න මිනිස්සු පුරුදු උනා.
පියාගෙන් පුතාට හෝ උරුමක්කාරයාට විදිහට ගාඩියන්ලත් දිගින් දිගටම ඉස්සරහට ආවා ඒවගේම ෆෝලන්ස්ලත් ආවා දිගින් දිගටම පොරොන්දු රැකගෙන දෙපිරිස කටයුතු කරද්දි සංවිධාන තුන ගැනම මතකය මිනිස්සු අතින් ගිලිහිලා ගියා. දාවිත්ගේ පරම්පරාවෙ මනුස්සයෙක් නිසා නාසරෙත්වල ජේසුස්ව නිදහස් කරගන්නත් ෆෝලන්ස්ලා ඉදිරිපත් වුනා. ඔහු වෙනුවෙන් මුලු රෝමෙම අතුගාලා දාන්න ගාඩියන්ස්ලා ලෑස්ති වෙද්දි නාසරෙත් හි ජේසුස් ඒක ප්‍රතික්ෂේප කරපු නිසා ඔවුන් ඒක කළේ නෑ. නමුත් එතුමාගේ භූමාදානය සඳහා අවසර ගන්න එහෙමත් ගියේ ගාඩියන් කෙනෙක්, ඉතිහාසයෙ සඳහන් නොවුනට.
ඒත් රෝමෙට ඊශ්‍රායල යට වුනාට පස්සේ එවකට හිටපු දාවිත්ගේ දරුවා සටන් කිරීම ප්‍රතික්ෂේප කරපු නිසා ගාඩියන්ස්ලා හතර දෙනා ඊශ්‍රායලයෙන් යන්න ගියා. ඒ රටවල් හතරකට අරාබියට ඊජිප්තුවට ඉතාලියට සහ ප්‍රංශයට. ඔහොම කාළයක් ගිහින් 1850 දි මෙච්චරකාලෙකට හිටපු තරුණම ගාඩියන්වරු හතරදෙනා පත්වුනා. ඔවුන් හතරදෙනා ආපහු එකතු වුනා ප්‍රංශෙදි. ඒ ඒකාලෙ ලෝකෙ හිටපු ලොකුම සල්ලිකාරයෝ විදිහට ඒ වගේම ඔවුන්ගේ දේශපාලන සහ සමාජීය සම්බන්ධතා ඉතාම ශක්තිමත්ව තිබුනා. ඔවුන්ගෙන් එක්කෙනෙක් හොයාගත්තා ඊශ්‍රායලය විනාස වෙන්න ෆෝලන්ස්ලා දායක් වුනා, ඒ විතරක් නෙවේ ඒ කාලේ හිටපු දාවිත්ගේ දරුවා මරලා දාන්න උත්සහ කරනවා කියලත් ඔහු දැනගත්තා. නමුත් ඔවුන් පරක්කුවෙලා වැඩීයී ඔවුන් එද්දි දාවිත්ගේ උරුමක්කාරයාව ෆෝලන්ස්ලා මරලා දාලා. නමුත් ඔහුගේ දුව ආරක්ෂිතව ඉඳලා තියනවා. ඔවුන් ඇයව ආරක්ෂා කරලා නමුත් තමන්ගෙ පොරොන්දුව ඉටුකරන්න බැරි වුන නිසා ඇති වුන තරහා, දුක, වේදනාව ඔක්කොම නිසා ගාඩියන්ලා හතර දෙනා ලෝකෙ පුරා පීරලා ෆෝලන්ලව දඩයම් කළා. ගාඩියන්ස් සංවිධානයේ නායකයො හතරදෙනා විදිහට ඔයාලා ඉන්නවා වගේ ඒ කාලේ හිටපු ෆෝලන්ස්ලාගෙ නායකයො හතරදෙනාගෙන් තුන්දෙනෙක්ම මරලාදාන්න ඔවුන් සමත්වුනා. එක්කෙන්කෙන් සහ මුලු ෆෝලන්ස් සංවිධානයෙන්ම සීයට හතරක් විතර බේරුණා.
ඒත් යුදෙව්වෝ මුහුණ දීපු ලොකුම ගැටළුව ආවේ තවත් කාළයකට පස්සෙ ඒ ලෝක යුද්ධ යුදෙව්වෝ පොකුරු පිටින් ගිනි ගනිද්දි විෂවායුවලින් මැරිලා යද්දි වේදනා විඳිද්දි තවත් ගාඩියන්ස්ලට අතපය අකුලන් ඉන්න බැරි වුනා. ඔවුන් ඇමරිකාවට බලපෑම්කරලා යුද්ධයට ඇදලා ගත්තා රුසියාවට යුධ ආධාර දුන්නා. ජර්මනිය ඇතුලට පැනලා ජනතාව ආරක්ෂා කළා ජර්මනියේ කෑමබීම ආයුධ ගබඩා විනාස කළා කොහොම හරි යුද්ධ ඉවර කරන්න ලොකු දායකත්වයක් දුන්නා.
එතනදි ඔවුන් තේරුම් ගත්තා තව දුරටත් රටක් නැතුව යුදෙව්වෝ ආරක්ෂිත නෑ කියලා. ගාඩියන් සංවිධානයේ නායකයො විදිහට එළියට පෙන්නන්නේ නැතුව උගත් බුද්ධිමත් යුදෙව්වෝ කිහිප දෙනෙක් යටතේ සියොනිස්ම් සංකල්පය සියොනිස්ට් සංවිධානය හැදුවා හෙවනැලිවල ඉදන් ඒකට උදව් කළා. ඇමරිකාවෙනුත් ඔවුන්ට හඳුනානොගත් පිරිසක් උදව් කළා. ඒත් එතනදි ෆෝලන්ස්ලගෙ ඉතුරු පිරිස ගාඩියන්වරුන්ට උදව් කරන්න ඉදිරිපත් වුනා. ඉතින් මැදිහත්කරුවො විදිහට ලැන්ටර්න්ස් අපි ඔවුන්ව සමගි කළා...
සංවිධාන දෙක එකිනෙකා එක්ක සටන් කරන්නේ නැතිවෙන්න නැවත පොරොන්දු කරගෙන ගාඩියන් සහ ෆෝලන්ස් සංවිධානවල සෙබළුන්ගේ ඉඳලා නායකයොන්ට යනකන් තොරතුරු අපි ගත්තා ලැන්ටර්න් වරු තුන්දෙනා බැගින් බෙදිලා ඒ සංවිධාන දෙකේ මුදල් තොරතුරු කළමණාකරනය කරා එක ලැන්ටන් වරයෙක් ඒ කියන්නේ පළමු පහන කියන තනතුර දරන්නා දෙපැත්තම ගැන හොයලා බැලුවා.
මේ හැමදේම දීර්ඝකාලීන සැළසුමක කොටසක් කියලා තේරුම්ගන්න අපිට සෑහෙන කල් ගියා. එතකොට අපි පරක්කු වැඩියි. එකම දවසක් ඇතුළත් ෆෝලන්ස්ලා ලැන්ටර්න්ස්ලට පහර දුනා ඒ වගේම අපි සතුව තිබුණු ෆෝලන්ස්ලගෙ ධනය ආපහු උන් අරගත්තා ඒ වගේම ගාඩියන්ස්ලා ගැන අපි ගබඩා කරන් හිටපු තොරතුරුවලින් සැළකිය යුතු කොටසක් උන් පැහැරගත්තා. වාසනාවකට ගාඩියන්වරුන්ගේ ධනය ගැන කිසි දෙයක් ඔවුන් දැන ගෙන හිටියේ නෑ.
පහර දීමෙන් පැය දෙකකට පස්සේ ඔවුන් එච්චර ඉක්මනට අවශ්‍ය තොරතුරු අරගෙන ගාඩියන්ස්ලටත් පහර දුන්නා. එතනදි ලොකු සංහාරයක් උනා. විශේෂයෙන් ගාඩියන් නායකයොන්ගෙ ලඟම ඤාතීන් සෑහෙන පිරිසක් මැරුනා. ඒවගේම සෙබලගෙ ඉදන් ඉහළට ලොකු පිරිසක් මැරුණා.
ඒවගේම අපේ ඒකාලෙ හිටපු පළමු පහන ඇතුලු ව සිව්වෙනි පහනට යනකන් ලැන්ටර්න් නායකයින් එක්ක ෆෝලන්ස්ලා ගැන තිබුනු හැම තොරතුරක්ම ඔවුන් ගිනිතියලා දැම්මා. එතනදි මට මගෙ තාත්තා නැති වුනා... " රේ මොහොතක් සුසුමක් හෙළමින් විවේකයක් ගත් අතර නැවත සිය කතාව ඇරඹුවේ කණගාටුවෙන් පිරි මුහුණකින්.
" ඒත් එතනදි ඉතුරුවුනු ලැන්ටර්න්ස්ලා දන්නේ ගාඩියන්ස්ලා ගැන විතරයි. ෆෝලන්ස්ලා ගැන මොනවත්ම දන්නේ නෑ ඒත් අලුත් පළමු පහන මොකක් හරි හොයාගත්තා. ඒක දැනුම් දෙන්න යද්දි තමයි ගුවන් යානා අනතුරු සිද්ද වුනේ. තොරතුරු පිට ගිහින් තියෙන්නේ එල්ඩර්ගාඩියන් කෙනෙක් අතින් වෙන්න ඕනේ. ..."
" ඔයාලත් පරිස්සම්වෙන්න.... " ඔවුන් ගමනාන්තයට ඇවිත් තිබුනේ නොදැනුවත්වම වන අතර ඔවුන් එන තුරු රුසියානු, ඉතාලි මාෆියා කල්ලිවල නායකයින් සහ හෙන්චයියන් රැසක් බලා සිටියේ ජේකබ්ව හමුවීමේ අරමුණින්.
පළමු පහන සිය ආරක්ෂකයින් සමඟ පිටව ගියේ ගාඩියන්වරු පාතාල කල්ලි අතර තනිකරමින්.
" ඔයාලා යන්න මුන් ඇවිත් තියෙන්නේ මට කතාකරන්න" ජේකබ් වාහනයෙන් බැසයාමට උත්සහා කළේය.
" ජේකබ්, මට සමාවෙන්න.. අවුලක් නම් මමත් ඉන්නද ...? " ඩේමියන් විමසුවා.
" මටත් සමාවෙන්න ඩේමියන් ගැටළුවක් වෙන්නෙ නෑ මෙතන. " ජේකබ් පැවසුවේ වාහනයෙන් බැසයාමට සූදානම් වෙමින්.
" මේක ගන්න " ඩේමියම් ලිමෝසීනයේ වහලයෙ කැබින් එකක් විවර කර පිස්තෝලයක් ඔහුගේ අතට දුන්නේ ගෞරවයක් දක්වන ලීලාවෙන්.
පිස්තෝලය අතට ගෙන ජේකබ් වාහනයෙන් බැසගිය අතර ඩේමියන් ස්තූතිය පළකරන දෑසකින් ගැල් දෙස බලා. " තැන්කිව් හැමදේකටම අලුත් විදිහ ලස්සනයි.. " පැවසූවේ ගැල් ලැජ්ජාවට පත් කරමින්.
" ඒක සුලු දෙයක් " ගැල් පවසද්දි ඩේමියන්ද ශොට් ගන් එකක් අතැතිව වාහනයෙන් බැස " මෙයාව පරෙස්සමෙන් එක්කන් යන්න " යැයි රියදුරුට අණකර ජේකබ් අසළට පියමැන්නේය.
Komentáře