top of page

𝐎𝐫𝐢𝐠𝐢𝐧 𝐎𝐟 𝐓𝐡𝐞 𝐒𝐤𝐮𝐥𝐥 : 𝙻𝙴𝙶𝙴𝙽𝙳 𝙾𝙵 𝚃𝙷𝙴 𝙶𝚄𝙰𝚁𝙳𝙸𝙰𝙽𝚂 : Chapter 07

Writer's picture: DRS COMICSDRS COMICS


පැය කිහිපයක් ගතවූ අතර එක්වරම තරුණ ගාඩියන්වරු තිදෙනා රැගත් ලිමොසීනයේ මග හරස්කරමින් SUV රථ කිහිපයක් මග හරස් කලහ. අනතුරක සේයාවක් දැනුණු ඔස්ත්‍රෝ වෝකි ටෝකි යන්ත්‍රය හරහා පහර දීමට ජේකබ්ගෙන් අවසර ඉල්ලීය.


" එයාලගෙන් කරදරයක් නෑ " ඩේමියන් ජේකබ්ට දැන්වූ අතර පහර නොදී අවධානයෙන් ඉන්න යන අණ ඔස්ත්‍රෝට ලැබිනි.


SUV රථවලින්, සුදුපැහැති හිස පටන් දෙපතුල දක්වා වැහෙන ලෝගුවකින් සැරසුනු පුද්ගලයෙක් සහ ඔහුගේ ආරක්ෂකයින් යැයි සැළකිය හැකි අවිගත් මිනිසුන් දහසයක් පමණ ලිමෝසීනය අසළට පැමිණි අතර ජේකබ්ගේ ආරක්ෂයින් ඔවුන් දෙසට මානාගත් ගිනි අවි සහිතව බලාසිටියහ. එක් ආරක්ෂකයෙක් විසින් විවර කරන ලද දොර තුලින් සුදුපැහැ ලෝගු දරන්නාද වාහනය ඇතුළු විය.


" මමයි අලුත් පළමු පහන , රේ ඔහාරා. හඳුනාගැනීම සතුටක් ආරක්ෂකයිනි. පුදුමයි එක් අයෙක් පැමිණීම ප්‍රතික්ෂේප කිරීම. " ලෝගුවේ හිස්වැස්ම පහත හෙලමින් අමුත්තාද ගාඩියන්වරු අතර අසුන් ගත්තේය.

" මෙතනින් එහාට හැමෝටම යන්න බෑ. මළසිරුරු සහිත වාහනය ජූද් රැගෙන ගියාවේ මේ වාහනය මගෙ ගෝලයෙක් පදවාවි. සියළුම ආරක්ෂකයින්ට මෙතන රැඳෙන්න කියන්න.... " මැදිවිය ඉක්මවා යමින් සිටි පළමු පහන යැයි තමන්ව හඳුන්වා දුන් තැනැත්තා ජේකබ් දෙසට හැරී කීවේය.


" මගෙ අයට මම කියලා තියෙන්නේ ජේකබ් ඔයාගෙ අයටත් නතරවෙන්න කියන්න... " ඩේමියන්ගෙ මුවින් එම වදන් පිටවෙන අතරේදීම රථය මැද්දෙහි වූ මේසය මතට වැරෙන් ජේකබ්ගේ මිට මෙළවූ අත කඩාපාත් විය.


" හැමදේකටම පස්සෙ තවත් තොපිව අපි විශ්වාස කරන්න ඕනෙද... ජේකබ්ගේ දෑස වියරුවෙන් පිරීතිබිණි.

" බලන්න ජේකබ් මට තේරෙනවා.... ඩේමියන් පළමු පහන වෙනුවෙන් ඉදිරිපත් වුවද ජේකබ් තවමත් කතාකරීම නවත්වා නොතිබිනි.


" උඹ කට වහගනිං ඩේමියන්... උඹට මෙතන කතාකරන්න උවමනාවක් නෑ. උඹේ තාත්තට තනියම මැරෙන්න තිබුනා තව ජීවිත තුනක් ඒකට ඇදන් යන්නැතුව. අපෙ ජීවිතේම මේ කාළකණ්නි හින්දා අපායක් වුනා උඹ තව උන්ව සුද්ද කරන්නත් එනවද.... " ජෙකබ් හැසිරීම උන්මත්තකයෙක්ට සමානවෙමින් පැවතිනි.


කතාව අවසන් කිරීමටත් මත්තෙන් ජේකබ්ගේ මුහුණ මතට ඩේමියන්ගේ පාපහරක් එල්ලවූ අතර බලාපොරොත්තු නොවූ පහරදීමක් හේතුවෙන් වැඩියමක් කරගැනීමට ජේකබ්ට නොහැකිවිය. නමුත් ඔහු නොසිතාම මුහුණ මදක් ඇල කල අතර පාපහර කෙලින්ම නාස් දණ්ඩ බිඳිමින් මුහුණ මැදට එල්ලවීම ඉන් වැලකුනද ඔහුගේ එක් ඇසක් නිලංකාරකරවන තරමටම එම පහර දරුණු විය. ඉදිරියට නැවුණු ඩේමියන් ජේකබ්ගේ පැලඳ සිටි ටයි පටයේ ගැටයෙන් ඔහුව තමා දෙසට ඇදගනිමින් යමක් පැවසීමට උත්සහකරන අතරවාරයේ ළඟ තිබුනු වයින් බෝතලයකින් මේසයට පහරදී ඉතිරි බෝතල් කටුවෙන් ඩේමියන්ගේ ගෙල පෙදෙසට පහරදීමට ජේකබ් උත්සහ කලේය. නමුත් දෙදෙනාම වික්ෂිප්ත කරවමින් ගැල් කොහේන් සිය අත්බෑගයෙන් එකට සමීපව තිබුණු තරුණයින් දෙදෙනාගේම මුහුණුවල පහර දුන් අතර.

" මොකක්ද මේකේ තේරුම තමුන්ලා දෙන්නා ඉස්කෝලෙ යන පොඩි උන් කියලද හිතන් ඉන්නේ.... " යන වදන් මුවින් පිටකලාය.


නොසිතූ මොහොතක කාන්තාවකගෙන් එල්ල වුනු ප්‍රහාරය නිසා තරුණයින් දෙදෙනා වික්ෂිප්තව සිටි අතර වාහනයෙන් පිට සිටියවුන් අසාමන්‍ය චලනයන් දක්වන ලිමෝසීනයට තුවක්කු මානාගෙන බලාසිටින්නට විය.

සියල්ලන්ම කැළඹී සිටියද පළමු පහන තුලින් දිස් වූයේ තැන්පත් පෙනුමකි. සිය අසුනෙන් නැගිට ඔහු තවමත් බෝතල් කටුවක් අතේ රඳවන් ගැල් දෙස බලාසිටින ජේකබ් සහ ජේකබ්ගේ ටයි ගැටයෙන් අල්ලාගත්ගමන් ගැල් දෙස බලාසිටින ඩේමියන් සහ කෝපයෙන් තරුණයින් දෙස බලසිටින ගැල් ඉදිරියේ දණ නැමුවේය.

" මම පිළිගන්නවා වැරැද්ද සිද්දවුනේ අපේ පාර්ශවයෙන්. ඔයාලගෙ ජීවිත මේ විදිහට විනාස උන එකේ වගකීමත් මම භාරගන්නවා.... ඒත් මම කියන දේ අහගන්න. කලින් හිටිය ගාඩියන්වරුන්ට වඩා දේවල් ඔයාලගෙ දෙමාපියන් කැපකලා ඒ මිනිස්සුන්ට මෙහෙම අගෞරව කරන්න එපා... " ඩේමියන් ජේකබ්ව අතහැර අසුනේ පසුපසට වී නැවත අසුන් ගත් අතර ජේකබ්ද වීදුරුව බිම අතැහැර අසුනේ පිටුපසට වෙමින් " ඔස්ත්‍රො කට්ටියව මෙතන තියාගන්න " යැයි අණ කළේය. කිසිවෙක් තමාට නැගීසිටීමට නොකියන බව තේරුම්ගත් රේ සිය අසුනේ නැවත අසුන්ගත් අතර රියදුරු අසුනට වෙන අයෙක් ඇතුළු විනි.


ජූද් සහ ලැන්ටන්වරු කිහිප දෙනෙක් , තරුණ ගාඩියන්වරු , පළමු පහන සහ නව රියදුරා තවත් පැයක පමණ කාළයක් ගමන් කල අතර ඊට පෙර වාහනවල GPS උපාංග ක්‍රියාවිරහිත කර තිබුනි. සියලු දෙනා ඊශ්‍රායලේ කඳුකර ප්‍රදේශයකට පැමිණ තිබූ අතර පැය භාගයක පමණ දුරක් නැවත කන්දක් දිගේ නැගි ඔවුන් කුරු ගල්ගුහාවක් දිගේ නැමී ගමන් කරමින් එක්වර විශාල ගුහාවකට ඇතුල් වූවෝය. ගුහාවේ එක් පෙළට සොහොන් හතර බැගින් පේලි විසිපහක් පමණ තිබූ අතරම අවසන් සොහොන් කොත් පේලි පහෙහි වංශ හතරට අදාල කාඩ්කුට්ටමේ සංකේත කැටයම් කර තිබිනි.


ජූද් සමඟ පැමිණි ලැන්ටන්වරුන් විසින් ඔසවාගෙන පැමිණි මළසිරුරු රැගත් පෙට්ටි පිළිවලට වංශ තුනේ සොහොන් කොත් ඉදිරියෙන් තබා විවෘත කල පළමු පහන තවත් අයෙක් විසින් ගෙන දුන් රන් කරඬුවක් තුලින්ගත් සුවඳ තෙලක් රැගෙන මළ සිරුරු වලට ඉසින්නට විය.


" දෙවියන්වහන්සේගේ සහ යුදෙව් ආදි පියවරුන්ගේ නාමයෙන් සහ තම රුධිරයේ නාමයෙන් රජු , රට , ජාතිය , ආගම වෙනුවෙන් ආරක්ෂකයින් ලෙස දිවුරුම් දුන් ජෙරමායාගේ පුත් සිමියොන් බැරන් , යෝවාශ්ගේ පුත් මාර්කස් කොහේන් , කැමරන් ගේ පුත් අයිසැක් ඇග්‍රන් යන අය අද දින සිට සිය ආදි ආරක්ෂකයින් සිය ආදි පියවරු සමඟ සමාදානයෙන් සැතපෙත්වා ඔවුන්ගේ ආත්මයට සැනසීම ලැබේවා දෙවියන්වහන්සේගේ පාරාදීසයේ සදාකල්ම වැජඹේවා.... " යනුවෙන් පිරිසිදු හේබ්‍රේව් බසින් මැතිරූ ඔහු විසින් රිදි හෙල්ලක් සහ සහ අසිපත් බැගින් ගෙන සෑම මිනීපෙට්ටියක් තුළම තබා වසා ඉදිරියෙන්වූ සොහොන් කොතෙහි ගල්වැස්ම ඉවත් කර ඒතුළ මිනී පෙට්ටි තැන්පත් කලේය.


" මේ සමුගන්න වේලාව "රේ පැවසූ අතර නව ආරක්ෂකයින් සිය පියවරුන්ගේ මිනී පෙට්ටි අසළට ගමන් කලේ ඔවුන්ගෙන් සමුගැනීම සඳහායි.


" තාත්තේ මේ දේවල් කරපු හැම එකාගෙන්ම මම පලිගන්නවා " අවසන් වතාවට ජේකබ් සිය පියාගෙ මළ සිරුර ඉදිරියේ මිමිනූ අතර ඩේමියන් නිහඬව පෙට්ටිය ඉදිරියේ දණගසා සිටි අතර ඔහුගේ දෑසින් එකම එක කඳුළක් රූරා හැලුනද බිම වැටෙනු නොදී ඩේමියන් එය පිසදාගත් අයුරු පළමු පහනට දක්නට ලැබින.

නමුත් ගැල් කොහේන් සිය අත්බෑගයෙන් ගත් කතුරක් රැගෙන සිය කොන්ඩය උරහිස අසළින් කපා දමා. සිනාමුසු මුහුනින් මේක මාව මතක් වෙන්න තියාගන්න යැයි පවසමින් සොහොන තුල තැන්පත් කර නැගී සිටිනු ඔහුගේ දෑසට අසුනොවුනා.


ගල් පියන්වලින් සොහොන වසා දමා විදුලි පන්දම් ආලෝකයෙන් කන්දෙන් බැස නැවත් ලිමෝසීන් රථයට නගින තුරු කිසිවෙක්ගේ මුවින් වදනක් පිටනොවුනේ ගවු ගණනක නිහැඩියාව රජකරවමින්. නමුත් එය පැවතුනේ වාහනය පණ ගන්වා මදක් දුර ගමන් කරනතුරු පමණයි. " මට එකම එක නමක් දෙන්න " ජේකබ් ගේ මුවින් පිටවුනු වදන් ඇසී සියල්ලෝ ඔහු දෙස නෙත් යොමු කල නමුත් ඔහුගේ නෙත් රේ දෙස ආයාචනාත්මකව යොමුවී තිබිනි. " හොඳයි මම දන්න හැමදේම කියන්නම්.... " ඔහු පැ‌වසුවේ ය.

1 view0 comments

Comments


bottom of page