Beast ( Jacob )
ඇලෙක්සා ඇගේ ලිපිගොනුව සහිතව නිවසට ඇරලූ ජේකබ් ඔස්ත්‍රෝ කැටුව ඔවුන්ගේ මිත්තණියගෙ නමට තිබෙන නිවස වෙතට ගියේ අවමංගල්‍යයේ වැඩකටයුතු එහි සංවිධානය කරන අදහසින්. නමුත් ඔවුන්ගේ පැරනි නිවස දුටුවිට ඔහු වික්ෂිප්ත වුනේ කලකට පෙර සිට ඔවුන්ට අයිති බඩු බාහිරාදිය සමඟ වසා තිබුනු නිවසේ වත්මන් තත්වය දැකීමෙන් .
මෙම නිවස අවසන්වර විවෘත කලේ මීට වසර හයකට පමන පෙරදී බව ඔහුගේ මතකයේ රැඳී තිබිනි. නමුත් වසර ගනනකින් ඔවුන් නැවත නිවසට පැමිනෙනවිට නිවස අලුත්වැඩියා කර නව නිවසක පෙමුනමෙන් නිවස තිබුනා. දොරේ යතුර රැගෙන ඒමට අමතක වූ බැවින් ඔස්ත්‍රෝ නිවසේ අගුල බිඳ දමා නිවස තුලට පිවිසුනේ සැකයක්ද හිතේ ඇතිවයි. නිවස තුල සුලුමොහොතකට කලින් යමෙක් සිටි ආකරයක් ඔවුන්ට දක්නට ලැබුනා. ආලින්දයේ රූපවාහිනීයක් වූ අතර ඒ අසල බිම වැටුනු බිස්කට් කැබලි දක්නට ලැබුනා. ආලින්දයේ මෙතුවක් කල් නොතිබුනු සෝපා කට්ටලයක් සහ තවත් ගෘහ භාන්ඩ කිහිපයක් වූ අතර එක්වරම ඉහළ මාලයෙන් යමක් පෙරලෙන ශබ්ධයක් ඇසීම සමඟ ඉනේ රදවාගෙන සිටි පිස්තෝල දෑතට රැගෙන ඔස්ත්‍රෝ සහ ජේකබ් ඉහළමාලයට දිව ආවා.
නිවසේ හා ඉන්පිට ඇතිවූ ශබ්දයන් නිසා බියට පත්ව තරමක් විශාල පොල්ලක්ද අතැතිව කාන්තාවක් සහ කුඩා පිරිමි ළමුන් දෙදෙනෙක් නිවසේ ඉහළ මාලයේ කාමරයක කෙලවර සිටි අතර කාන්තාවගේ අතේ පොලිසියට ලබාගත් දුරකතන ඇමතුමක් සහිත දුරකතනයක්ද තිබුනා. වහා දුරකතන උදුරාගත් ජේකබ්. " හෙලෝ මේ ජේකබ් ඇග්‍රන් වහාම ඉහළ නිළධාරියෙක්ගෙන් උපදෙස් ගන්න නව ගාඩියන් කෙනෙක් සම්බන්ධ ගැටළුවක් මේක." දුරකතන ඇමතුම ජේකබ් විසන්ධි කර කාමරයේ යහන මත අසුන් ගත්තා.
ඔහුගේ අණක් ලැබීමටත් ප්‍රථම රුසියානු යුදෙව් සම්භවයකට උරුමකම් කියන ජේකබ්ගේ විශ්වාසවන්තම ගෝලයා වූ ඔස්ත්‍රෝ පිස්තෝලය කාන්තාව දෙසට එල්ල කරගෙන ප්‍රශ්න කිරීම් අරඹන්නනට උනා.
" කවුද තමුන් ? කාගෙන් අහලද ඇග්‍රන් ගෙදරකට රිංගුවේ...? " ජේකබ්ට තවමත් සිදුවන දේ සිතාගත නොහැකිවුනත් කුඩා දරුවන්ගේ මුහුණු ඉදිරියේ සිය කෝපය අවුලුවාලීමට අකමැති වූ ඔහු,
" ඔස්ත්‍රෝ තුවක්කුව අයින් කරන්න මේ පොඩි උන් බය වෙනවා.. "යැයි පවසමින් නැගිට කාන්තාව ඉදිරියට ආවා.
" මහත්තයා ඔයා කවුද කියන්න මම දන්නේ නෑ දෙවියන්ගෙ නාමයෙන් අපිට කරදර කරන්න එපා.... " දණින් වැටෙමින් කාන්තාව බැගෑපත්වුනා.
" ශ්ස්ශ්ශ්ශ්ශ්ශ්... " උල් කල දෙතොල මත ඇඟිල්ලක් තබාගනිමින් නිහඬවෙන්න යැයි සන් කල ජේකබ් සිය දුරකතනයේ කටහඬ පටිගතකරන යෙදවුමක් විවෘත කර, " අයිසැක් ඇග්‍රන් ඒ කියන්නේ මගෙ තාත්තා ගුවන් යානා අනතුරකින් මිය ගිහින් තියනවා. මම ආපහු එන්න ටික දවසක් යයි. හෙට දවසේ අවමඟුල් උත්සවය අපි ගන්නවා කැමති කෙනෙක්ට සහභාගි වෙන්න පුලුවන් හැබැයි ඊශ්‍රායලය ඇතුලේ රඟපාන්න බලාගෙන එක එකා මෙහෙ රිංගන්න තියාගන්න එපා. මේක ඇතුලේ මරාගන්න ලෑස්තිවෙලා මගෙ යකා අවුස්සගන්නත් එපා. ඒ වගේම මම නෑ කියලා වැඩ වල වෙනසක් වෙන්න බෑ හයි ටේබල් එකේ අයව පුලුවන් විදිහට දැනුවත් කරන්න. ස්තූතියි. මම The Young King , ජේකබ් ඇග්‍රන් " පටිගත කිරීම නවත්වා, " මේක හයිටේබල් එකේ හැමෝටම යවන්න. අපෙ අයවත් දැනුවත් කරන්න. මම මෙතන ප්‍රශ්නෙ බලාගන්නම් ඔස්ත්‍රො...අපෙ අයට කන්න බොන්න ඉන්න තැන් තියනවද කියලා එහෙම බලන්න. මම මේක විසඳගන්නම්... " යැයි පවසමින් තම දුරකතනය ඔස්ත්‍රෝගෙ අතේ තැබීය.
ඔස්ත්‍රෝ කාමරයෙන් පිටවුනු සැනින් ජේකබ් නැවත සිය කටහඬ අවදිකලේය.
" මේකයි නෝනා අයිසැක් ඇග්‍රන් ඒ කියන්නේ මගෙ තාත්තා.... එයාගේ අම්මගේ නමට තිබුනු ගෙයක් මේක... මට මේ ළමයි භය කරන්න ඕනේ නෑ. මම ආවේ මගෙ තාත්තගෙ අවමඟුල මෙහෙ පවත්වන්න ඕනේ නිසා.... ඔයා මේ ගෙදර මොනවද කරන්නේ කියලා මට දැනගන්න පුලුවන්ද.....? " ඉවසීමේ සීමාවේ කෙළවර සිටින විට ජේකබ්ගේ ඇති සංයමයෙන් පිරුණු කටහඬ කාමරයේ රැව් දුනි.
" අපිට මේ ගෙදර දුන්නේ අයිසැක් මහත්මයා ඒ මීට මාස කිහිපයකට කලින්.මේ දරුවන්ගේ තාත්තා ගාසා තීරයේ ගැටුමකදි මැරුනා. මම මෘදුකාංග ඉංජිනේරුවරියක්. අනේ අපිට කරදරයක් කරන්න එපා.... " නැවත ඇය පිංසෙන්ඩු උනා.
" තාත්තා මට එහෙම එකක් කියලා නෑ මට සමාවෙන්න කරදර කලාට. මම ටික දවසක් මෙහෙ නතර වෙන්නද අපි ඊශ්‍රායලයෙන් යද්දි අපෙ නමට දේපල මෙහෙ තියන්න බැරි නිසා හැමදේම අපි එක එක්කෙනාට භාර දීලා ගියේ..... " ජේකබ්ට යම්කිසි කණගාටුදායක හැඟීමක් දැනෙමින් තිබුනා.
" අපි අසරණවෙලා ඉන්න වෙලාවක අයිසැක් මහත්මයා තමයි අපිට උදව් කරේ. අපිට වන්දි ලැබුනම අපි මේ ගෙදර අලුත්වැඩියා කරගත්තා. මට රැකියාවක් තිබුනේ නෑ දැනුම තිබුණට. හැමදෙයක්ම හොයලා බලලා එතුමා කරලා දුන්නා කිසිම ප්‍රතිලාභයක් නැතුව. මේක ඔබතුමාගෙ තැනක්නේ අපි ටික දවසකට කොහෙ හරි යන්නම්..... " ඇය පැවසුවා.
" නෑ යන්න ඕනෙ නෑ. දවස් දෙකකින් අවමඟුලෙ වැඩ ඉවරවෙයි. මට හොටෙල් එකක නතර වෙන්න පුලුවන් ඒත් අපෙ තැනක් විදිහට මෙහෙ උත්සවය අපි ගන්නවා කමක් නෑනේ.... " ජේකබ් විමසුවා.
" හෝටලයක නතර වෙන්න ඕනේ නෑ. තවත් කාමර හතරක් තියනවා වහලා දාලා තියන. කැමති එකක් ඔබතුමා භාවිතාකරන්න හැබැයි අපිට ගෙදර දෙනකොට ගෘහභාන්ඩ කිහිපයක් ඇර කිසිම දෙයක් මෙහෙ තිබුනේ නෑ.... " ඇයගේ කතාව නිම වීමට පෙර පොලිස් සයිරන් හඬක් නිවසේ එලියෙන් ඇහුනා. මම ඒක ගැන බලාගන්නම් සමාවෙන්න නෝනා. මට ඔයාගෙ නම අහගන්නත් බැරි උනා. " ජේකබ් ආචාරශීලීව පැවසුවා.
" මම රූබි ඔබතුමා ජේකබ් ඇග්‍රන් හරිනේ... " අතට අත දීමෙන් අනතුරුව ජේකබ් පහළ මාලයට පැමින නිවස ඉදිරියේ රැදීසිටි ඊශ්‍රායල් පොලිස්පති හමුවුනා.
" මම ඊශ්‍රායල් පොලිස්පති රේ ඕඵෙත් , ඔබතුමා සම්බන්ධ ප්‍රශ්නයක් කියලා ආරංචි වුන ගමන්මයි මම මේ ආවේ... "
පොලිස්පති අතට අත දෙන ගමන් ජේකබ්ට තමන්ව හඳුන්වා දුන්නා.
"හරි හරි ඒ ගැටළුව විසඳුනා... අද රෑ ඉදන් යූරෝපීය මාෆියාවල නායකයෝ ඊශ්‍රායලයට එන්න ඉඩ තියනවා අපෙ තාත්තගෙ අවමඟුල වෙනුවෙන් ඔවුන්ට ඊශ්‍රායලය ඇතුලේ ප්‍රශ්නයක් වෙන්න දෙන්න එපා. හැබැයි උන් මේක ඇතුලේ වැරැද්දක් එහෙම කරලා තියනවනම් ඒවට සම්බන්ධනම් අත් අඩංගුවට ගන්න. පුලුවන්නම් ඊට කලින් මාව දැනුවත් කරන්න. මම හිතන්නෑ උන් අපෙ රටට විරුද්ධ වැඩ කරලා ඇති කියලා.... "ජේකබ් පැවසුවා.
" හොඳයි මිස්ට ඇග්‍රන් මාව කලින්ම බුද්ධි අංශවලින් දැනුවත් කරලා තියෙන්නේ. අපේ පොලිසිය වැරදිකාරයෝ ආරක්ෂාකරන්නේ නෑ. නමුත් ඇග්‍රන් මහත්මයා හින්දා එක්වරකට උන්ට අවස්තාව දෙන්නම්... " රේ ඕඵේත් නම් අවංක පොලිස් නිළධාරියා ගාඩියන්වරයෙක් වුවත් වැරදිකරුවෙක්ට ගරුකිරීමට මැලිකමක් දක්වමින් පැවසුවා.
මෙය ජේකබ්ට අලුත් දෙයක් වුනේ නෑ. " ඔව් මම දන්නවා. ස්තූතියි දුන්න අවස්ථාව ගැන " මද සිනහවක් නගමින් ජේකබ් පවසා පොලිස්පතිවරයාගෙන් සමුගෙන නිවස තුළට පැමිනෙන විට නැවත අයිසායා ඔහුගේ ඉදිරිපිටට පැමිණියේ තුවායක්ද අතැතිවයි.
" එන්න මම කාමරය පෙන්වන්නම් " ඇය ජේකබ්ව ඉහළමාලයේ කාමරයක් වෙත කැටුව ගිය අතර එය කුඩාකල තමා සිටි කාමරය බව ඔහුට අමතක වී නොතිබුනා.
" මේ තුවාය ගන්න. මම බැලුවා ඔයාගෙ ගමන් මල්ලක්වත් තිබුනේ නැති නිසා මම මේ ඇඳුම දෙන්නද කියලා බැලුවේ. ඔබතුමාට ප්‍රශ්නයක් නැත්නම්..." තවම ඇසුරුමෙන්වත් ඉවත් නොකල කමිසයක් හා කලිසමක් ජේකබ්ගේ අතේ තබමින් ඇය පැවසුවා.
" මොකට කරදර උනාද මම ඔස්ත්‍රොට කියන්නම් ඕන කරන දේවල් ගේන්න කියලා. මට මේ කාමරේ යතුර ගන්න පුලුවන්ද... " ජේකබ් විමසුවේ කරුණාවන්ත සහ උණුසුම් හැඟිමැති කාන්තාවක් වූවත් කුමක් හිතේ ඇතිව සිටිනාවා ඇත්දැයි ඔහු නොදන්නා බැවින්.
" ආ සමාවෙන්න.... " කාමරයෙන් පිටතට දිව ගිය ඇය ඔහුට යතුර භාරදී කාමරයෙන් ඉවතට ගියේ ඔහුට නිදහස ලබාදෙමින්. ඇය දුන් ඇඳුම සහ තුවාය අතට ගත් ජේකබ් නානකාමරයට පියනැගි අතර නැවත සැක සිතී කාමරයේ මෙට්ටය යට තබා ආ සිය පවුලේ ලිපිගොනුවද, සිය ජීවිතය ඉහේ කෙස්ගානටත් වැඩි අවස්ථා ගණනකදි බේරාදුන් ගිනි අවියද නානකාමරයට රැගෙන ගියේ කාමරයේ දොරද අඟුලු දමමින්.
Comments