top of page

𝐎𝐫𝐢𝐠𝐢𝐧 𝐎𝐟 𝐓𝐡𝐞 𝐒𝐤𝐮𝐥𝐥 : 𝙻𝙴𝙶𝙴𝙽𝙳 𝙾𝙵 𝚃𝙷𝙴 𝙶𝚄𝙰𝚁𝙳𝙸𝙰𝙽𝚂 : Chapter 04



Angel ( Alexa )


ඇය රහස් කුටියට පැමිණි මොහොතේ පටන් ඩේමියන්ගේ සහ අන් අයගේ මුහුණේ ඉරියව් ගැන පූර්ණ අවධානය දුන්නාය. ගැල් කොහේන්, ඇයගේ මුහුණේ හැඟීම් රෝලර්කෝස්ටරයක් විය. විටෙක කුතුහලය , බිය , බලාපොරොත්තු සහගත බව වැනි හැඟීම් ඇයගේ මුහුණින් මාරුවෙන් මාරුවට දිස්විය. ඇයගෙ මුහුනේ කණස්සලක් නොතිබීම ඇලෙක්සාට ගැටළුවක් විය. බොහෝ දුරට ඇයට හෝ ඇගේ කිසිවෙක්ට හානියක් නැතුව ඇති යන්න ඇලෙක්සාගේ නිගමනය විය.


ජේකබ් ඇග්‍රන්ව ඇලෙක්සා මුලින්ම දුටුවේ බැරන් මැදුරේ විසිත්ත කාමරයේදි බව මුලින්ම ඇය සිතාගෙන සිටියාය. නමුත් ඇයගේ නිකටෙහි ගෑවුනු පිහිතුඩක් සහිතව ජේකබ්ගේ තියුණු දෑස් දුටු සැණින් ඇයට මේ පළමුවතාව නොවන බව සිහිවිය. එක්සත් රාජධානියේ ඇය උසස් අධ්‍යාපනය ලබන සමයේ ඇයගේ විශ්වවිද්‍යාලය තවත් යුරෝපීය විශ්ව විද්‍යාල දහසයක් සමඟ එක්ව සංවිධානය කරන ලද තරඟ මාලවක එක් කණ්ඩයක ඔහු යුරෝපයෙන්ම පලවෙනියා වූ බව ඇයට මතකය. කාණ්ඩය කුමක්ද වග අමතක වූවත් දින දහහතරක් පුරා යුරෝපයේ විශිෂ්ඨයන් අතර තිබූ තරඟය අතරතුර ඇයගේ මිතුරියන් තිදෙනෙකුම ඔහුගේ පහස ලැබ සිටි බව මිතුරියන් අතර ඇති වු විශාල ආරවුල නිසාම ඇයට හොඳාකාරවම මතකය. නමුත් ඒ කාළයේ ඔහුගේ තිබූ සෙල්ලක්කාර පෙනුම මෙදින නොතිබිනි. ඔහුගේ මුහුණින් දිස් වූයේ පරිණත හා වගකීම් දරන්නෙකුගේ සේයාවක් වන අතර මෙතන සිදුවන සියල්ල ගැන ඔහු කලින් දැනුවත්ව සිටින බව ඇයට හැඟිනි.


නමුත් ඩේමියන් , ඔහු වයින් බෝතල් එකහමාරකට පමණ වගකියා ඇති බවක් ඔහු ලඟ හමන වයින් සුවදින් තේරුණ නමුදු ඔහු සිටියේ මනා සිහියෙනි. ඒ වගේම ඔහු හැඟීම් සැඟවීමෙහි කෙළ පැමිණියෙක් බව ඇයට වැටහුනේ ඔහුගේ මුහුණ කිසිම හැඟීමක් නොපෙන්වූ බැවිනි. නමුත් කිසිවක් වැරදී ඇතිබව ඇයට වැටහුනේ ඩේමියන්ගේ මනා පාලනයෙන් ඔහුගේ මුහුණ මිදුනු ආකාරය දැකීමෙනි. යමක් ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් පැවතිනි. ඒ කුමක්ද යන්න ඇය සිතීම පවා ප්‍රතික්ෂේප කලේ මේ වන විටත් ඇයගේ සිත තුල හොල්මන් කල කාරණා ඇයට බරවැඩි බැවිනි.


" අපේ තාත්තලා ගියපු ගුවන් යානය අනතුරකට ලක්වෙලා... මගීන් පනස් දෙදෙනා එක්කම අපේ තාත්තලත් මිය ගිහින් තියනවා."


ඒ වදන් සවනට වැටෙත්ම ඇයට මහා අසරණකමක් දැනුනේ අහේතුකව නොවේ. වයස අවුරුදු පහලවක් දහසයක්ව තිබියදි ඇයගේ පියාගේ වයසේ පුද්ගලයන්ව පවා මෙහෙයවීමේදි පසුබට නොවූ ඇයගේ ධෛර්යය සම්පන්න භාවය ඒ මොහොතේ ඇය හැරගියා සේ ඇයට හැඟෙමින් පැවතුනාය.


" මගේ කජුඇටේ (බොටේන්) ඔයත් අම්මා වගේමයි ඔයා පුරාවෘත්තයක් වේවි දවසක "


" ඇලෙක්සා ඔයා තවදුරටත් පොඩි නෑ.. ඔයා පොඩි කාලෙදිවත් පොඩි විදිහට හිටියේ නෑ... මට සමාවෙන්න මේ බර ඔයාට දෙනවට ඒත් ඔයා මීටවඩා දේකට ලෑස්තිකරවන්න ඕනේ... "


" මට සමාවෙන්න ඔයාගෙ අම්මව ඔයාට නැති උනේ මම නිසා.... "


" කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ කියලා මම හිතන් හිටියේ දුවේ... ඒත් මේ ඔත්පල ජීවිතය අතාරින්න කාළේ ලඟයි කියලා මට හිතෙනවා.... "


" මම කවමදාකවත් ඔයාට බරක් වෙන්න හිතුවේ නෑ මගෙ දරුවෝ.... "


ඇලෙක්සාගේ මනස තුළ පියාගේ කටහඬ දෝංකාර දෙමින් පැවතුනු අතර ඇයගේ ආරක්ෂකයින් ඇයට දහනම වතාවක් දුරකතනයෙන් අමතා තිබුනද ඇයට එය නෑසුනාය.

නමුත් ඇය ඉදිරියේ ජේකබ් සිටින බවත් ඇය බැරන් නිවසේ ආලින්දයටම පැමිණ ඇති බවත් එක් නිමේෂයකදි ඇයට වැටහුණාය.


" ඔයා කොහොමද ගෙදර යන්නේ කොච්චර දුර තියනවද.... "


ජේකබ් ඇයගෙන් විමසුවාය. හැතැක්ම තිහක් විතර යන්න ඇයගේ පිළිතුර වූ අතර ජේකබ් නැවත " ඔයා කොහොමද දැන් යන්නේ " යැයි විමසූ විට ඇයට තමා මේ මොහොතේ මුහුණ පා සිටින තත්වය සිහිවිය. හෙලිකොප්ටරයකින් ඇය පැමිණියද ඈ පැමිණි හෙලිකොප්ටරය අංගනයේ නොවීය. ඩේමියන්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තවම පැය බාගයක්වත් ගෙවී නැති හෙයින් ඔහුටද කරදර කිරීමේ හැකියාවක් ඇයට නොවීය.


ඒ මොහොතේදි විසිවෙනි වතාවටත් ඇයගේ ආරක්ෂකයින් ඇයව ඇමතුවේ ඇයට යාමට මගක් ඇතිබව ඇයට සිහිකරමිනි.


" මැඩම් අපේ වාහනවලට කවුදෝ බෝම්බ සවිකරලා බෝම්බ නිෂ්ක්‍රීය අංශයෙන් ඇවිත් බෝම්බනම් නිෂ්ක්‍රීය කලා. නමුත් අපෙ අයගෙන් ප්‍රශ්න කිරීම් කරනවා කාටවත් පිටවෙන්න අවසරයක් නෑ.... "

ඇලෙක්සාගේ කම්පනය දෙගුණ විය.

" කොහොමද දන්නේ බෝම්බ තිබුණා කියලා..." ඇලෙක්සා විමසුවේ තම ජීවිතයද නැතිවන්නට ඉඩ තිබුනා නොවේදැයි කල්පනා කරමින්.


" දවස් දෙකකට වතාවක් CCTV රෙකෝඩ් පරීක්ෂාකරන්න කියලා කලින්ම අපිට ඩාහන් මහත්මයා අණකරලා තිබුනේ... ඔබතුමිය පිටත්වෙන අවස්ථාවෙදිමයි වාහන ගාව සැකකටයුතු දේවල් ඩාහන් මහත්මයා පිටත්වෙන්න සුළු මොහොතකට කලින් සිදුවෙලා තියන බව පරීක්ෂාකරපු කෙනා දැනුම් දුන්නේ. අපි ඔබතුමියව සම්බන්ධ කරගන්න උත්සහා කලා නමුත් අපි එය අතහැර දැම්මා ඔබතුමියගේ ව්‍යාපාරික රැස්වීම්වලදි බාධාවෙනවාට ඔබතුමිය කැමති නැති නිසා. දැනුත් මම පොලිස් අවසරය යටතේ ඔබතුමියට කතාකරන්නේ.... " ප්‍රධාන ආරක්ෂකයා ඇලෙක්සාට පැවසුවේ හුස්මක්වත් නොගනිමින්.


"හොඳයි මිස්ට බැරන්ව දන්නවනේ ... ඔහුගේ ගෙදරට එන්න කොච්චර වෙලා යාවිද... "


"සමාවෙන්න මැඩම් තව පැය දෙකක්වත් ප්‍රශ්න කිරීම් වෙයි.... "


එලෙස ඇයගේ අවසාන බලාපොරොත්තුවත් නිවී ගියේ ඇයට නිවසට යෑමටවත් ක්‍රමයක් ඉතිරි නොකරමින්.

නමුත් එවිටම ඇය ඉදිරියේ මෝටර් බයිසිකලයක එන්ජිමෙන් නැගෙන ශබ්ධය පරයා කෑගසන ජේකබ්ගේ හඬ ඇසිණි. ඔහු අතේ තවත් ආරක්ෂක හිස්වැස්මක් වූ අතර එය ඇය දෙසට දිගු කරගෙන " ඇවිත් නගින්න " ජේකබ් කෑගසුවේය.


ඇය නැවතත් ඒ ගැන සිතා බලන්නට නැවතුනු අතරේ ඇය අසලට ආ ජේකබ් " ඇයි මීට කලින් බයික් එකක ගිහින් නැද්ද" යැයි විමසමින් අවසරයකින් තොරවම ඇයට ආරක්ෂක හිස්වැස්ම පලඳා ඇයව මෝටර් බයිසිකලය ඉදිරියට ආයාසයකින් තොරව කැටුව ගියේය.


මුලින්ම බයිසිකලයට නැගි ඔහු ඔහුගේ අත ඇයට දිගුකරේ ඇලෙක්සාට මෝටර් බයිසිකලයට නැගීමට පහසුවීමටය ඇය නුහුරු ලෙස බයිසිකලයට ගොඩවූ අතර ඔහු තවමත් අල්ලාගෙන සිටි ඇලෙක්සාගේ අත සිය උරහිස මත තැබූ අතර " හයියෙන් අල්ලගන්න " යැයි පැවසූවා හැර බැරන් මැදුරේ ගේට්ටුවට යන තෙක්ම ඇයට කිසිවක් ඔහු නොකීවේය.


"කොහෙටද යන්න ඕනේ... " සිතියමක් සහිත දුරකතන යෙදවුමක් සහිත දුරකතනයක් ජේකබ් ඇයගේ අතේ තැබූ අතර ඇය සිය නිවස ඇති ස්ථානය එහි සළකුණු කර නැවත දුරකතනය ඔහුට දුන්නාය. ඒත් සමඟම ජේකබ්ගේ මෝටර් බයිසිකලය ආකාරයේම තවත් මෝටර් බයිසිකල් පහක් ඔවුන්ගේ ඉස්සරහට පැමිනි අතර " ඔස්ත්‍රෝ මේක ගන්න අරින්න යන්න එපා පරිස්සම් කරන් ලොකේශන් එකේදි ආපහු දෙන්න " යයි පවසමින් ජේකබ් බයිසිකලයේ සිටි පුද්ගලයෙක් අත ලිපිගොනු දෙකක් තැබූ අතර සිතන්නටවත් වේලාවක් නොතබා ප්‍රධාන මාර්ගයට යතුරුපැදිය හරවාගත් ඔහු වේගයෙන් ඉදිරියට ඇදෙන්න විය.


" මොකක් එතන තාත්තගෙ ෆයිල් එකත් තිබුනා නේද " ඇයට ලිපිගොනු ගැන බියක් දැනුනද එය මොහොතකින් පහවූයේ ඔවුන්ට එහාපසින් ගමන්ගන්නා යතුරුපැදියේ පිටුපස සිටින්නා අත සුරක්ෂිතව ලිපිගොනු තිබෙන ආකරය දැකීමෙනි.


කරදර වගකීම් සහ මියගිය පියා පිළිබඳ නැගෙන ශෝකය අතර අවසන් තරඟයක අවසන් වටයකදී හරියටම ඉළක්කයට වෙඩි තැබූවිට ඇයට දැනෙන කුල්මත් හැඟීමට සමාන හැඟීමක් ඇගේ ගත දවටාගෙන ඇදෙන වේගවත් සුළං ධාරාව ඇයට ගෙනාවේය.

 
 
 

תגובות


follow us
  • Dark Reveal Studios
  • Dark Reveal Studios
  • Dark Reveal Studios YT

Thanks for submitting!

Meet Charlotte
Loves Needles and Threads ,
A Challenge, Dancing in the Rain, A Cool Glass of Beer, All Thing Shiny & Sparkly  

© 2023 by DO IT YOURSELF. Proudly created with Wix.com

bottom of page