top of page

𝐎𝐫𝐢𝐠𝐢𝐧 𝐎𝐟 𝐓𝐡𝐞 𝐒𝐤𝐮𝐥𝐥 : 𝙻𝙴𝙶𝙴𝙽𝙳 𝙾𝙵 𝚃𝙷𝙴 𝙶𝚄𝙰𝚁𝙳𝙸𝙰𝙽𝚂 : Chapter 03



GHOST ( DAMIAN )


" ඒ කෙල්ල ඉස්සරහට එන දේවල්වලට කොහොම මූණ දෙයිද කියන එක මට ප්‍රශ්නයක් ජූද්. මිස්ට කොහේන්ගේ ෆියුනරල් එකේ වැඩ කොහොමද ? ඩේමියන් විමසුවේ රාජකාරි කෝටියක් මැද උනත් කොහේන් මහත්මයාගෙ අවමගුල් උත්සවයෙ වැඩකටයුතු බලාගන්න එක ගාඩියන් කෙනෙක් විදිහට ඔහුගෙත් යුතුකමක් බැවිනි.


" හැමදේම ලැස්තියි මාස්ටර් ඩේමියන් තවමත් ගැල් මෙනවිය පියවි සිහියට ඇවිත් නෑ. සිහිය ආපු ගමන්ම මම අන්තිම කැමැත්ත ගැන බලලා අදාල දේවල් ලෑස්ති කරන්නම්. "


" ඒක හොඳයි ජූද් ඔයා ඒ ගැන බලන එක මට ලොකු සහනයක්. මම අගමැතිතුමාට කතාකරන්න ඕනේ . ශාලෝම් " ඩේමියන් දුරකතනය විසන්ධිකලේ තවමත් අගමැතිතුමාගෙ ඇමතුමක් නොමැතිවීම ගැන කෝපය ආයාසයෙන් මැඩපවත්වගනිමිනි.මේ පරක්කුවෙන හැම තත්පරයක්ම එල්ඩර්ගාඩියන් වරුන්ට කරන අපහාසයක් බව ඔහුගේ හිත පැමිණිලි කරන්නට විය. නැවත ඔහුගේ දුරකතනය නාද වුනේ තවත් නොහඳුනන දුරකතන අංකයකින් පැමිනෙන ඇමතුමකිනි. තවත් කණගාටුව ප්‍රකාශ කිරීමක් වෙන්න ඇති බව සිතමින් ඔහු ඇමතුමට සම්බන්ධ විය.


" මට දැනගන්න ලැබුනා ඔබගේ අහිමිවීම ගැන D, මට කණගාටුයි කියනවට වඩා දෙයක් ඔයාට කියන්න තියනවා. මට බාධා නොකර මේ හැමදේම අහගන්න. ඔයාලාගෙ බලයේ සංකේතය ඒකියන්නේ වංශයේ පාරම්පරික මුද්ද හොයා ගන්න එකයි ඔයාලගෙ පරික්ෂාව. දැනටමත් ඔයා පරීක්ෂණ ගණනාවක් මැදින් ගියා කියන්න මම දන්නවා. ඒත් H, S සහ C තවමත් සම්පූර්ණයෙන්ම සූදානම් නෑ.දැනට සියවසක් තිස්සේ රහස් ගබඩාව ඇතුලට ගාඩියන් කෙනෙක් පයතියලා නෑ. ඔවුන් සියළුදෙනා ජුබිලියට පෙර මියගිහින්. නමුත් මම හිතනවා ඔයාලගෙ පරම්පරාව 1850 හිටපු කණ්ඩායම වගේ වේවි කියලා. මොකද ජුබිලිය සමරද්දි අඩුම වයසක් තිබුණේ ඔවුන්ට. ඊළඟ ජුබිලිය එළැඹෙන්නේ 2044 දී. ඔව් 2044 හත්වෙනි මාසයේ හත් වෙනිදා ඊශ්‍රායල් වෙලාවෙන් දහවල් පස්වෙනි පැයේදි මැලේසියාවෙදි හමුවෙමු. මතක ඇතුව ඔයාලාගේ මුදු හොයාගන්න මුදු තමයි රහස් සේප්පුවෙ යතුරු. අවුරුදු 150කට කලින් වැලලුනු ඉතිහාසය දැනගන්න තියන එකම අවස්ථාව. තව දෙයක් කොල්ලය සහ අස්වැන්න හැම අවුරුද්දකම එවියයුතු ආකාරය මම දැනුම් දෙන්නම් මීට වඩා ආරක්ෂිත ක්‍රමයකට."


" මට කියනවද කවුද තමුන් කියලා ? " ඩේමියන් ඔහුට නැගුනු එකම පැනය විමසුවේය.


" D තවමත් ලිපිගොනු කියවන්න වෙලාවක් ලැබෙන්න නැතුව ඇති නේද මම තමයි පස්වෙනි පහන. මට කණගාටුයි Jack of D ගැන ඒ වගේම හැම Jack කෙනෙක් ගැනම. අපි හමුවෙන්න පැය බාගයයි ඉතුරුවෙලා තිබුනේ... "


පස්වෙනි පහන දුරකතනය විසන්ධිකලේ ඩේමියන්ට හිතන්න තවත් දේවල් ඉතිරි කරමින්.

ඒත් සමඟම ආරක්ෂකයෝ පිරිවරාගෙන අගමැතිතුමා බැරන් මැදුර ඉදිරියට පැමිණීම ඩේමියන්ගේ හිතේහි බර අඩු කිරීමට සමත් විය. අගමැති ආරක්ෂකයන් ඩේමියන්ව සහ නිවස පරීක්ෂා කිරීම සඳා අවසර පැතුවත් ඊට අගමැතිගේ අවසරය හිමිවුනොවිනි. නමුත් ඩේමියන් බලෙන්ම ආරක්ෂකයින්ව නිවසට පිටත් කලේ බැරන් මැදුරතු අගමැතිගෙ ආරක්ෂාවත් ඔහුගේ වගකීමක් වූ බැවිනි. ඉන් පසු ඔහු අගමැතිතුමාව අමුත්තන්ගේ කුටියට කැටුව ගියේ ආරක්ෂකයින්ට පිටත රැදීසිටින්නයි සන් කරමින්. අගමැතිතුමන්ට වයින් වීදුරුවක් පිලිගැන්වූ පසු අගමැතිතුමාම සිය හඬ අවදි කලේ පසුතැවීමක් ගැබ් වෙන හඩකින්.


" මට සමාවෙන්න ඩේමියන් මහත්මයා මට සිමියොන් මහත්මයගෙ මරණය ගැන දැනගත් වහාම එන්න ඕනෙ වුනා. නමුත් මම හිටියේ යුධකටයුතු සම්බන්ධ වැදගත් සාක්ච්ඡාවක ඒක අතරමැද මෙතනට එන එක ගාඩියන්වරුන්ට කරන අගෞරවයක් කියලා මට හිතුනා. මොකද ගාඩියන්ලා හැම වෙලේම කිව්වේ පළමුවත් රට දෙවනුවත් රට තෙවනුවත් රට ඉන්පසුවට අනෙක් කටයුතු කියලා...."


"ඔබතුමා වචන භාවිතා කරන්න ගොඩක් දක්ෂයි නේද. ඒකට කමක් නෑ ස්තූතියි. ඔබ දැනටම දන්නවා ඇතිනේ ගාඩියන්ස්ලා හතරදෙනාට උන දේ... මම මගෙ තාත්තා වගේ නෙවෙයි. මේ හැමදේම පැත්තක දාලා මේ ලෝකෙන් යන කෙනෙක් නෙවෙයි මම.ඔබතුමාට අපි ගැන තවමත් විශ්වාස කරන්න පුලුවන්. දැන් පැය තුනකට කලින් ෆෝලන්ස්ලා හයදෙනෙක් ඔබතුමා කොහේන් ෆැමිලි එකට දීලා තිබ්බ ස්කොඩ් එකේ හිටියා.ගැල්ගේ ස්කොඩ් එකම මැරුනා එතන ජීවිත 25ක්. එතනින් හයදෙනෙක් ෆෝලන්ස්ලා කොහොමද මෙහෙම දෙයක් වෙන්න ඉඩ තිබ්බේ ඔබතුමන්ලා. මොකද අවුරුද්දකට සැරයක් රටේ ආදායමෙන් 4%ක් පිට යන එක වලක්වගන්නවත් හිතුනද." ඩේමියන් විමසුවා.


" මම ඒක ගැන දැනුවත් නෑ ඩෙමියන් ෆෝලන්ස්ලා බුද්ධි අංශනිළධාරීන් ආරක්ෂාකරන්න යොදවන එක මම හිතාමතාකරයි කියලා හිතනවද ඔබතුමා. සියොනිස්ම් සහ සියොනිස්ට්ලා පිටිපස්සේ සෙවනැලි අස්සේ ඉදන් යුදෙව්වන්ට අවශ්‍ය කරන මූල්‍යම සහ දේශපාලනමය සහයෝගය ලැබුනේ ඔබතුමන්ලගේ ආදිපියවරුන්ගෙන් කියලා මම දන්නවා ඒ වගේම ලෝක යුද්ධ කාලවලදි යුදෙව්වන්ව ඔබතුමන්ලා ගලවගත්ත විදිහ , ෆෝලන්ස්ලා අතින් විනාස වෙන්න ගිය මේ ජාතියේ අනාගතේ ආරක්ෂාකරපු කෙනෙක්ට ඒ පවුලකට මම ද්‍රෝහිවෙන්නේ නෑ. මම කියන්න ආවේ ඉස්සර වගේම අවශ්‍යකරන සෑම සහයෝගයක්ම අපි දෙනවා මාධ්‍යයෙන් වගේම ජාත්‍යන්තරෙනුත් මේ පිටිපස්සෙ තියන දේවල් අපි පිරිසිදුකරන්නම් ඩේමියන්.ඒවගේම ෆෝලන්ස්ලා සම්බන්ධව කිසිම දෙයක් රජය හරහා සිදුවෙන්න මම ඉඩතියන්නේ නෑ මේක පොරොන්දුවක් " අගමැතිතුමා අසුනෙන් නැගීසිටියේ " ඩේමියන් මම යන්න ඕනෙ මම අවමඟුලට එකතු වෙන්නම් තව වැඩ ගොඩක් තියනවා " යැයි කියමින්.


" සමාවෙන්න මෙච්චර ඉක්මනින් ඔබතුමා යනවද තවම සංග්‍රහය සූදානම් වෙනගමන්... "

" රාජ්‍ය ගෞරව සහිතව අවමගුල් උත්සවය කරමු ඩේමියන්. මම ඒ වැඩ ටිකත් ලෑස්තිකරවන්නම්. පස්සෙ දවසක සංග්‍රහයක් රසවිඳිමු අපි අපි අඳුරගන්නත් එක්ක." අතට අත දී සමුගන්නා අතර අගමැතිතුමා පැවසුවා.

අග්‍රාමාත්‍යවරායාගේ පිටවයාමෙන් මොහොතකට පසු නැවතත් ජූද් ඩේමියන් හා දුරකතනයෙන් සම්බන්ධ වුනා.


" මාස්ටර් , ඩාහන් මහත්මයා හැර අනිත් සියලුදෙනා ගාඩියන්වරුන්ගේ සොහොනේ තමන්ව තැන්පත් කරන්න කියලයි අන්තිම කැමති පත්‍රයේ කියලා තියෙන්නේ... ඩාහන් මහත්මයා තමන්ව බිරිඳ ලඟින්ම මිහිදන් කරන්න කියලා ලියලා තියෙන්නේ. "

"කතාකරාවගේම විශේෂ මිනීපෙට්ටි ලැස්ති කරන්න ජූද් ගැල්ගේ තත්වය කොහොමද...."


" ඇය හිටියටත් වඩා ශක්තිමත් වගේ මාස්ටර්. තව ටිකකින් ඇයට ඉස්පිරිතාලයෙන් පිටවෙන්න පුලුවන් වෙයි.. "


"ඒක හොඳයි ඩේමියන්.ඇයව බලන්න අවමඟුලේ වැඩකරන්න වෙන කිසිම කෙනෙක් ආවේ නැද්ද.අඩුම පෙම්වතෙක්වත්.... "


" නෑ මාස්ටර් නෑදෑයෙක්, යාලුවෙක්, පෙම්වතෙක් කිසිම කෙනෙක් නෑ. ආ ඇය සමඟ එකට වැඩකරන හමුදා නිළාධාරින් නිළධාරිණියන් කිහිප දෙනෙක් ආවා. මම ඇතුල් වෙන්න දුන්නේ නෑ.අවධානමක් ගන්න බැරි නිසා... "


" හොඳයි එහෙම කරපු එක. ජූද් අවමඟුල්වල අනිත් වැඩකටයුතු අගමැති කාර්‍යාලය බලාගනියි. හෙට රෑ පිටත්වෙන්න සූදානම් වෙන්න කියන්න ජේකබ්ට සහ ගැල්ට. ඔයත් එන්න දැන් විවේකයක් ගන්න ජූද්. ආ තව අර අත්සන් පත්‍රය මම බෝතලයක දාලා ඔබේ කාමරයෙන් තිබ්බා. ඉතුරු ටික ඔබේ වගකීමක්."


" බයවෙන්න එපා මාස්ටර් මේ අවමඟුල් වැඩකටයුතු ඉවර උනාම. මම මගෙ අතින්ම ඕක අරන් ගිහින් රතුමුහුදේ ගිල්වනවා. "


"තව පැය දෙකකින් සිරුරු කොටස් එනවා ජූද් මගෙ හිස කකියනවා.මම පොඩි වීවේකයක් අරගන්න ඕනේ. පැය හතරකින් විතර සිරුරු අපිට භාරදෙයි. "


" හොඳයි මාස්ටර්" ජූද් දුරකතනය විසන්ධි කලා.


ඩේමියන් ඇඳ උඩට වැටුනේ ඇඳ සිටි කමිසය කාමරයේ එක් පසකට විසිකරමින්. ඔහු දීර්ඝ දිනයක් ගතකර තිබුනා. පැය ගාණකට පෙර තමන්ව උණුහුමට වැලඳගත් පියා හඳුනාගතවත් නොහැකි අඟුරු ගොඩක් ලෙස තමන් ලඟට පැමිණීමට තව පැය හතරක පමණ කාළයක් ඉතුරුව තිබුනා. නව ගාඩියන් වරු රැස්කර ලේවලින් පොරොන්දු ලේඛන අත්සන් කරවගැනීම, ගුවන්‍යානයේ සිදුවීමට ඉඩ ඇති දේවල්හි සම්භාවිතාවය කල්පනාකිරීම , අධික ලෙස වයින් පානය ඔහුගේ හිසෙහි වේදනාවට හේතුව වෙන්න ඇති බව ඔහු කල්පනා කරා.

නමුත් මේ කාරණාවලට අමතරව ඔහු කලබලයට පත්කරන තව සිදුවීමක් පැය කිහිපයකට පෙර සිදුවුනා. නව ගාඩියන්වරු විසිර යන මොහොතේ ඔහු ඉදිරිපිට ගැල් කොහේන් දැඩිලෙස ශ්වසන අපහසුතාවයකට ලක් වුනා. ඔහු සිතාගන්නත් පෙර ක්‍රියාත්මක වී ඇයව දෑතින් ගෙන එළියේ ඇයගේ ආරක්ෂකයින්ගේ සිරුරු රැගෙන යාමට පැමිනි ගිලන් රථයකට ඇයව රැගෙන ගිය ආකාරයත් එහිදී ඇයට වහා ශ්වසනාධාරක උපකරණයක් සවිකල ආකාරයත් ගලවා විසිකල කමිසයේ තිබූ ඇයගේ වියළි කැස්ස සමග ආ රුධිර පැල්ලම දැකීමෙන් සිහියට නැගි ඩේමියන් ඉතාම ඉක්මනින් සුවනින්දකට පත්වුනා.

 
 
 

Comments


follow us
  • Dark Reveal Studios
  • Dark Reveal Studios
  • Dark Reveal Studios YT

Thanks for submitting!

Meet Charlotte
Loves Needles and Threads ,
A Challenge, Dancing in the Rain, A Cool Glass of Beer, All Thing Shiny & Sparkly  

© 2023 by DO IT YOURSELF. Proudly created with Wix.com

bottom of page