කෑලි කැපිය හැකි අඳුරක් පැතිර තිබුණු කාමරයේ රහස් දොර වැසී යත්ම දකුණු පස බිත්තියේ තිබුනු පන්දමක් දැල්විනි. පන්දම බිත්තියෙන් ගලවා එක් අතකට ගත් ඩේමියන් තම කටහඬ අවදි කිරීමට අවස්තාවක් , කතාවේ පටන් ගැන්මක් සිහි කලේය. සැනින් ඔහු ගේ ඇස් පන්දම් ආලෝකයෙන් පැහැදිලිව පෙනෙන සිතුවමක් ලඟ නතර විය.
" හොඳයි කවුරු හරි මේ වචනය ගැන දන්නවද ? " ඔහු සිතුවමට උඩින් ඇති වචනයක් දෙස සිය ඇඟිල්ල යොමු කලේය. " ('קַרקֶפֶת') - හිස්කබල ඇයි ඕක ඔතන ගහලා තියෙන්නේ " ගැල් විස්මයට පත් වෙමින් විමසුවේ සිය පියාගේ කාර්යාල කාමරයේ මේසය මත තිබූ එම සළකුණ සහිත ලිපිගොනු පියා සැඟවූ අකාරය සිහිපත් කරමින්.
පිළිතුරු දීමට කලබල නොවූ ඩේමියන් පන්දම ආධාරයෙන් ඉටි පන්දමක් පත්තු කලේය. ඉන් පසු කාමරය වටා තිබුනු ඉටිපහන් රුක් සියල්ලගෙම ඉටිපන්දම් දැල්වීම ඔහු ඇරඹුවේය. " මට ඔයාලා හැමෝටම කියන්න දිග කතාවක් තියනවා. ඒවගේම තව ආරංචි කිහිපයක් ඔයාලට දැනුම් දෙන්නත් තියනවා. ඔයාලා මට සමාවෙන්න අපි චාරිත්‍ර මුලින් අනුගමනය කරන්න ඕනේ ඒක මගෙ තාත්තා මගෙන් ගත්ත පොරොන්දුවක්. " බැරෑරුම් මුහුනක් දක්වමින් ඇලෙක්සාද සිය හඬ අවදිකලාය. " මේක දැන් ඇති මිස්ට ඩේමියන්. ඔය මගුල නවත්තලා මට මගෙ තාත්තා ගැන කියන්න එයා හොඳින්ද...? මට තමුන්ගෙ බයිලා අහන්න වෙලාවක් නෑ .. " ඇගේ කට එක්වරම වැසුනේ ජේකබ්ගේ පිහිතුඩ ඇගේ නිකටෙහි ස්පර්ශවීම හේතුවෙනි. " එයාට කතාව ඉවරකරන්න දෙන්න .. " කිනිස්ස සිය කබා සාක්කුවට දමාගනිමින් ජේකබ් කී අතර ඇලෙක්සාද සඟවාගෙන සිටි පිස්තෝලය මත තැබූ අත ඉවතට ගත්තාය. " ඔව් තාත්තලා... අපි ඒ ගැන කතාකරමු ඊට කලින් හිස්කබල ගැන ඔයාලා දන්න දේවල් මට කියන්න. නෑ...එපා... මම ම කියන්නම්.....
මේක අපේ වංශ හතර අතර පවතින රහසක්. අපි තමයි මේ රට ගොඩනැගුවේ. අපි තමයි මේ රට ආරක්ෂා කළේ. අපි ඒක එදත් කළා අදත් කරනවා හෙටත් කරනවා ඒකට තමයි මේ නමක් එක්ක අපි හෙවනැලි අස්සෙ හැංගිලා රැස්වෙලා ඉන්නේ. අපේ රටේ අනාගතය වෙනුවෙන්.... " වීදුරුවේ තිබූ වයින් ඉවරවන තුරු උගුරට වත් කරගත් ඔහු කෝප්පය මේසය මත තැබුවේය.
" සමාවෙන්න. මගෙ ආචාර්ධර්මනම් අන්තිමයි. ඔයාලා වාඩි වෙන්න. හාට් එකක් ඇඳපු පුටුව මිස් ගැල්ට. ස්පේඩ් පුටුව මිස් ඇලෙක්සාට ඒවගේම මිස්ට ජේකබ් ඔයාට ක්ලබ්ස් පුටුව. " මේසය මත වූ ඉටිපහන් රුකෙහි ආලෝකයෙන් රන් පැහැයෙන් දිලිසෙන පුටුවල තරුණයා සහ තරුණියන් අසුන් ගත් සැනින් සිය කතාව ඩේමියන් නැවත ඇරඹුවේය.
" අපෙ රටේ හිටපු හොඳම රජතුමා ඩේවිඩ්. අපේ කතාව පටන් ගන්නේ එතනින්. ඩේවිඩ්ගේ පරම්පරාව රකින්න ලේ වලින් දිවුරුම් දීපු වංශ හතරක උරුමක්කාරයෝ තමයි මේ මේසෙ අද රැස් වෙලා ඉන්නේ. අවුරුදු 2500 කට වැඩිය ගෙවුනත් අපි තාම අපේ ලේවලින් ඒ කාරනාව ඉටු කරන්න බැඳිලා ඉන්නවා. අපේ පවුල්වල කුළුදුලන් තමයි ඊළඟ පරපුර වෙනුවෙන් වගකීම් බාරගන්නේ. ඒවගේම ඔබ කාන්තාවක්නම් ඔබෙන් පස්සෙ ඒ වගකීම් ඉදිරියට යන්නේ නෑ ඒ වෙනුවට ඔබගේ සහෝදරයෙකුට හෝ සහෝදරයාගෙ වැඩිමල් දරුවාට වගකීම් පැවරෙනවා. ඔයාලා පවුල්වල එකම දරුවො නිසා නොදැනුවත්ව හරි ඔයාලට කොහෙ හරි සහෝදරයෝ ඇති. ඒක එහෙමයි කවදත් සිද්දවුනේ. අදාල වංශ හතරෙහි නව උරුමක්කරුවන් රහස් සම්මන්ත්‍රණ ශාලාවේ රැස් වුනු පළමු පැයේ අපිට කරන්න චාරිත්‍ර වගයක් තියනවා එකක් දැනටම ඉවරයි ඒ මේ ගින්දර ආලෝකය. ඊළඟ ඒවත් කරන්න ඔයාල අකමැති වෙන්න පුලුවන් ඒවුනත් අපිට ඒවා කරන්නම සිදුවෙනවා.
මෙතුවක් කාලයකට අපෙ මුතුන් මිත්තන් කරපු දේවල් දැනට අපිට රහසක් කොටින්ම අපේ පියවරු කරපු කාරණාත් අපිට රහසක් ඒවා දැනගන්නත් මෙතනින් එහාට මේ සංවිධානයේ නායකයො විදිහට පත්වෙන්නත් ඔයාලා එකඟද? මොකද ඒකට එකඟ නැත්නම් අපිට ඉදිරිය පියවරට යන්න බෑ..." අන් අයගෙ පිළිතුරු බලාපොරොත්තුවෙන් ඩේමියන් සිය කතාව නතර කරේ ප්‍රශ්නාර්ථයක් හැඟවෙන මුහුනකිනි.
"එකඟයි" ජේකබ්ගෙ හඬ කාමරයේ දෝංකාර දුන්නා. " ඕක ඉක්මනට ඉවර කරලා දාන්න මමත් එකඟයි " ඇලෙක්සා කීවේ කුතුහලය මුසු හඬකින්. " මට මේක තේරෙන්නෑ මිස්ට ඩේමියන් අපේ තාත්තලා එකම දරුවො අපිනම් අපිව හදලා තියෙන්නෙම මේක වෙනුවෙන්ද....? අපිට වෙන විසඳුමක් නෑ මේක අපෙ දෛවය විදිහට පිළිගන්න ඕනේ එහෙමද....? මට වෙනින් වැඩ තියනවා... වගකීම් තියනවා... මොකක්ද මේ හොල්මන් ගේම් එකක් ප්ලේ කරනවා වගේ ඉටිපන්දම් පත්තුකරන් අපි මේ කරන්නේ ? මේ විසි එක්වෙනි සතවර්ෂය... මේක හරියන්නෑ මම යනවා " ගැල් කොහේන් හුනස්නෙන් නැගිට දොර දෙසට පියමැනීය. ඇගේ ගමන් එක් මොහොතකම නතර වූයේ කොරිඩෝවෙන් එහා රහස් කාමරයේ දොර අසළින් වෙඩි හඬක් නැගීමත් සමඟය. " ඩේමියන්ගෙ මුහුණෙහි කිසිදු වෙනසක් නොවීය. " මිස් කොහේන් ඔයා කියන කතාව ඇත්‍ත අපිට ඔයාව නවත්තගන්න බෑ අපිට ඔයාගෙ තාත්තගෙ විකල්ප පියවර සඳහන් පත්‍රය කියවන්න ඔයා අවසර දෙනවද ? " " තාත්තගෙ මොකක් කියවන්න කිව්වා ඒක මුලින් මම කියවන්න ඕනේ නැතුව වෙන කෙනෙක් නෙවේ..... " ගැල් කොහේන් නැවත මේසය දෙසට පියමැන්නා.
හිටගෙන සිටි ස්ථානයෙන් දියමන්තියක් කැටයම් කර තිබුනු අසුන වෙත පැමිණ අසුන් ගත් ඩේමියන් තියුණු ලෙස ගැල් දිහා බලා , " සමාවෙන්න මිස් කොහේන්.... ඒක ගාඩියන්ස්ලට අයත් වස්තුවක් ඒක පිට කෙනෙක්ට දෙන්න බෑ... කියවන්න නම් ඔයත් මේකේ කොටස් කාරයෙක් වෙන්න ඕනේ..." යි අවධාරණය කලේය. " ඒ කියන්නේ මට වෙන විසඳුමක් ඇත්තෙම නෑ නේද? මාත් එකඟයි එකතුවෙන්න. " නැවත ගැල් කොහේන් හදවතක් කැටයම් කර තිබුනු අසුනේ අසුන් ගත්තාය.
Author : Deneth Rajapaksha
Comments