top of page

𝐎𝐫𝐢𝐠𝐢𝐧 𝐎𝐟 𝐓𝐡𝐞 𝐒𝐤𝐮𝐥𝐥 : 𝙻𝙴𝙶𝙴𝙽𝙳 𝙾𝙵 𝚃𝙷𝙴 𝙶𝚄𝙰𝚁𝙳𝙸𝙰𝙽𝚂 ( Preface )

Writer's picture: DRS COMICSDRS COMICS





𝐀𝐍𝐆𝐄𝐋


ඇලෙක්සා ඩාහන් පිට මැදට තරම් දිගැති අගින් ලා රෝස පැහැයක් වර්ණ ගැන්වූ සුදු පැහැති වරලසක් හිමි පිරිපුන් උස අඩි පහකුත් අඟල් හතරක් පමන වන වයස අවුරුදු විසි තුනක තරුණියක් විය. සෙසු යුදෙව් තරුණියන් මෙන් යුධපුහුනුව ලැබ දක්ෂ ලෙස ඉළක්කයට වෙඩි තැබීමත් ආත්මාරක්ෂක සටන් කලා කිහිපයක නිපුණත්වයත් ඇයට හිමිව තිබිණ. ඇයගේ වයසෙහි සෙසු තරුණියන් ගෙ ජීවිතයට වඩා ඇයගෙ ජීවිතය බෙහෙවින් වෙනස් විය.


කුඩාකල සිට අති සුඛෝපභෝගී දිවියක් හිමිව තිබුනත් එවන් දිවියක් තිබුනු තරුණියන්ට වඩා ඇය බෙහෙවින් වෙනස් විය. සිය පියා ඊශ්‍රායලේ තෙවැනි විශාලතම අපනයන සමාගමේ හිමිකරු වූ නමුත් ඇය පියාගේ මුදල් රිසිසේ භාවිතා කිරීම තරයේ ප්‍රතික්ෂේප කලාය. ඒ වෙනුවට ඇය පියාගෙන් ණය මුදලක් ලබාගෙන වයස අවුරුදු දහහතරක් පමණ වන විට තමාගේම විලාසිතාගාරයක් ආරම්භ කල අතර වසරක් ඇතුළත් සිය පියාගෙන් ලබාගත් ණය මුදල පියවාදමා තමා යටතේ ලොව නම ගිය විලාසිතාකරුවන් කිහිප දෙනෙකුම සේවය කරන තත්වයට පත්වූවාය. එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයකින් ව්‍යාපාර පිළිබඳ උපාධියක්ද ඇය සතුවිය.


නමුත් ඇගේ පියාගෙ තත්වය එන්න එන්නම නරක් වෙමින් පැවතිනි. ඇලෙක්සාගෙ වයස අවුරුදු පහළොවක් වන විට කේන් ඩාහන් මහතා සහ කේසි ඩාහන් මහත්ම්ය සහභාගීවූ ප්‍රීතී සම්භාෂණයකට මැර ප්‍රහාරයක් එල්ලවිනි. ප්‍රහාරය අතරතුර උදරයට වෙඩි වැදීම නිසා රෝහල් ගතකල කේසි ඩාහන් අධික රුධිර වහනය හේතුවෙන් මිය ගියාය.එදාපටන් සිය කල්ක්‍රියාව සම්පූර්ණයෙන්ම වෙනස් කල කේන් ඩාහන් මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ අතර ඔහුගේ ව්‍යාපාරවල තත්වය එන්න එන්නම දරුණු විය. සිය ආයතන කඩාවැටෙනවා දුටු කේන් ඩාහන් සෑම ව්‍යාපාර කටයුත්තකින්ම ඉවත්වූයේ සියලු වගකීම් සිය දියණියට සහ කළමනාකරුවන්ට භාරදෙමින්.


වයස අවුරුදු විස්ස සම්පූර්ණ වූ පසු ඇලෙක්සා ඉශ්‍රායලයේ හත්වන විශාලතම අපනයන සමාගම් ජාලයේ වගකීම් භාරගත් අතර නැවත සිය සමාගම් ජාලය ඉහළට ගෙන ඒම ඇගේ ඒකායන බලාපොරොත්තුව විය. තමාගේ වයස අනෙක් තරුණිය සමාජ මාධ්‍යවල සැරිසරද්දි ඇය කොටස් වෙළඳපොළ සහ මුදල් වෙළඳපොළ අධ්‍යනකලාය , තම වයසේ තරුණියන් පෙම්වතුන් හා කාලය ගතකරද්දි ඇය ව්‍යාපාරයට සම්බන්ධ අයවලුන් සමඟ වැදගත් රැස්වීම් පැවැත්වූවාය. අතිශය කාර්යබහුල ජීවිතයකට හුරුවීමට ඇයට සිදුවූ අතර එයද ඉතාම කෙටි කළකින් වෙනස් විය.


කේන් ඩාහන් මහතාගෙ මොළයේ සිරවූ ලේ කැටියක් ඉවත් කිරීමට සිදු කල සැත්කමකින් පසු ඔහු ඔත්පල වූ අතර ඇලෙක්සා සිය පියාගේ කටයුතුවලට මූලික ස්ථානය ලබාදී විශ්වාසවන්ත කලමනාකාරුවන්ගෙන් සැදුම්ලත් කමිටුවකට සම්පූර්ණයෙන් ව්‍යාපාර සියල්ල බාර දුන්නාය. සියලු වගකීම්වලින් නිදහස් වී සිය මිතුරන් හමුවීම පමණක් සිදුකරමින් සිටි කේන් මහතා එක් දිනක් වැදගත් රැස්වීමක් බවට පවසමින් මැලේසියාව බලා තනිවම පිටත් වූයේ ඇලෙක්සාගේ කනස්සල්ල තඹේකට මායිම් නොකරමිනි. ඔහුව රැගෙන යෑමට පැමිනි මිනිසුන්ගේ හැසිරීමෙහිද අමුත්තක් තිබූ අතර වසර අටකින් නිවසින් පිට නොවූ ඔහු තමා සමඟ මැලේසියාව බලා ඒමට ඇලෙක්සාට තහනම්ද කලේය.


කලකට පසු ලැබුනු විවේකය ඵලදායිලෙස ගතකරීමට සිතූ ඇය ව්‍යාපාරවල තත්වය විමසීමට ප්‍රධාන කාර්යාලය බලා පිටත්වීමට මොහොතක් තිබියදී ඇයව කණස්සල්ලට පත් කරන දුරකතන ඇමතුමක් ලැබිනි.


" හෙලෝ සුභ උදෑසනක්!

මේ ඇලෙක්සා ඩාහන් මෙනවියද? "

නුහුරු කටහඬක් ඇගේ පෞද්ගලික දුරකතනයෙන් ගලා ආවේ ඇගේ කුතුහලය අවුස්සමින්.


" ඔව් ඔයා කවුද ? කොහෙන්ද ඔයාට මේ නම්බර් එක? මේක දන්නේ තාත්තා විතරනේ... "


" ඔව් මට මේ අංකය ලබාදුන්නේ කේන් ඩාහන් මහත්මයා. පොඩි කරදරයක් මෙනවිය අපිට මේක දුරකතනයෙන් කතාකරන්න බෑ. ඔබතුමියව එක්කරගෙන යන්න හෙලිකොප්ටරයක් ඒවී කරුණාකරලා අපි හමුවුනාම කතාකරමු ඔව් ඔයාගෙ පියා කිව්වා බෝටේන් (හීබෲ භාෂාවෙන් රටකජු / peanut ) කියන වචනේ කිව්වේ නැත්තන් ඔබ එන්නැතිවෙයි කියලා."


අමුත්තා දුරකතනය විසන්ධි කල අතර බෝටේන් යන්න කුඩා කාළයේදි ඇගේ පියා ඇයට ඇමතීමට භාවිතාකල හුරතල් නාමය වන අතර පසු කාලෙකදී ඔහුගේ හදිසි පනිවිඩයක් කරදරයක් වැනි විටකදී භාවිතාකිරීමට කතිකා කරගත් වචනය විය. විකල්පයක් නැති නිසාම ඇය සඟවාගත් පිස්තෝලයක් සමඟ සිය නිවාස සංකීර්ණයේ වහලය මත නැවැත්වූ හෙලිකොප්ටරයෙහි අසුන්ගත්තාය.......


𝐖𝐑𝐀𝐓𝐇


ගැල් කොහේන් සිය අඳුරු කාමරයේ පරිඝනක තිර කිහිපයක් ආධාරයෙන් විවිධ රාජාකාරි කිහිපයක එක්වර යෙදෙමින් සිටියාය. එක්වරම ඇගේ නෙත ගැටුනේ සිය පියා ගමන් ගත් ගුවන් යානය සම්මත ගුවන් මාර්ගයෙන් පිටපැන ඇතිබවට එක් පරිඝනක තිරයක් මත අනතුරු ඇඟවීමක් ලෙස දක්වා තිබුණු ආකාරයයි.


වසර ගණනකට පෙර සිය පියා සහභාගීවූ උත්සව කිහිපයකටම ත්‍රස්තප්‍රහාර එල්ලවීම නිසාම පියා යන එන තැන් ගැන අවධානයෙන් පසු වීම මේවනවිටත් ඇගේ ජීවිතයේම එක් කොටස්කව පැවතිනි. තම අනෙක් වැඩ පසෙක තැබු ඇය ගුවන්නියමුවා සහ ගුවන්තොටුපොළ සමඟ වන සංවාදයට ක්ෂණයකින් සම්බන්ධ වූවාය.නමුත් ඇගේ බය තීව්‍ර කරමින් ගුවන්තොටුපළෙහි සේවකයාගෙ කටහඬ පමණක් ඇයට ශ්‍රවනය විය. ගුවන් නියමුවන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත.


එක්වරම ගුවන් යානයේ සංඥා සියල්ල අතුරුදහන්විය. ඇයට ඇමරිකාව සතු ඕනෑම චන්ද්‍රිකාවකට සම්බන්ධවීමට අවසරය සහ හැකියාව තිබින. ඇය වහාම චන්ද්‍රිකාවක් ආධාරයෙන් ගුවන් යානයේ සංඥා අතුරුදහන් වූ ප්‍රදේශය පරීක්ෂා කළාය.


ඇය සිතුදේම සිදුවී තිබිනි.මැලේසියානු ගුවන් යානයයි සැකකල හැකි ගුවන් යානයක සුන් බුන් සහ දුම ඇයට චන්ද්‍රිකාව හරහා දැකගත හැකිවිය.


" දෙවියනේ කරුණාකරලා මම හිතන දේනම් වෙන්න එපා.... "


ඇය වහාම ඊශ්‍රායල් ආරක්ෂක අංශයට මේ පිළිඳව සොයාබලන ලෙස දැනුම් දුන්නාය.


එක්වරම ඇගේ පෞද්ගලික දුරකතනය නාද විය. ඇය ඇමතුමට සම්බන්ධ වූයේ විකල් වූ මනසකිනි.


" කොහේන් මෙනවිය මම බැරන් මැදුරේ සේවක ජූද් කතාකරන්නේ මට ඔබතුමියට යමක් කියන්න තියනවා .... "


එම වචන ගලා ඒමට ගතවූ කාළය අතරතුර පරිඝනකය තිරය දුරකතන ඇමතුම ගලා එන ප්‍රදේශය පෙන්වූ අතර ඒ බැරන් මැදුරම බව ඇය එයින් සනාත කරගත්තාය.


" සමාවෙන්න ජූද් මම කාර්යබහුලයි..මම පස්සෙ කතාකරන්නම් ... "


ගැල්ගෙ හඬට ඉහළින් නැවත ජූද් සිය හඬ අවදිකලේය.


" මේ ඔයාගෙ තාත්තා ගැන..... "


මේ වදන් ඇසූ සැනින් ඈ සියලු කාර්යන් නවතා දමා නැවත දුරකතනය ඇගේ පූර්ණ අවධානය යොමුකලාය.


" එයාට ප්‍රශ්නයක් නෑ නේද .... "


"නෑ... බය වෙන්න එපා.කොහේන් මහත්තයට ප්‍රශ්නයක් නෑ.... මේ ගැටළුව දුරකතනයෙන් කතාකරන්න බෑ ඒකෙන් වෙන දේ මටවඩා ඔබතුමී දන්නවනේ ඉක්මනින් බැරන් මැදුරට එන්න පුලුවන්වද ඔබතුමීට....."


" ඇත්තම නේද මම ප්ලේන් ක්‍රෑශ් එක දැක්කා ..... " ගැල් ඉකි බිඳුමක් සඟවා ගත්තාය.


" නෑ නෑ බයවෙන්න එපා ඔබතුමී ඉක්මනින්ම එන්න. තව කට්ටියකුත් ඉඳීයි ඔබතුමී එක්ක...."


" යන්තම් තාත්තා බේරිලා ඒ ඇති " ඇය සැනසුම් සුසුමක් හෙලා රජය විසින් ඇයට සපයා තිබූ අරාක්ෂක නිළධාරීන් සහ වාහන පෙරටුකරමින් බැරන් මැදුර වෙත පිටත්විය.....


𝐁𝐄𝐀𝐒𝐓


කෝපයෙන් දැවෙන ඇස් සහිත තරුණයෙකු තමා අසල ඇති පන්චින් බෑගයක් තලමින් සිටියේ ජීවිතයේ තමාට එම බෑගය තරම් හතුරෙක් නැති ලෙසකටය. සේවකයෙකු ඔහුගේ පහර දීම් වලට බාධාකලේ දුරකතන ඇමතුමක කිසිවෙක් ඔහුව අපේක්ෂාකල නිසාය.

"ඔව් කියන්න" තුවායකින් සිරුරේ ගලන දහඩිය පිසදමින් තරුණයා දුරකතන සංවාදයට ප්‍රවේශ විය.


" යන්ග් කින් අපෙ මනුස්සයෙක්ව ඔයාගෙ කට්ටිය උස්සලා තියනවා. මේක අපේ එකඟතාවලට විරුද්ධයි. " දුරකතනයෙන් ගලා ආවේ භිය මුසු ආඩම්බරකාර කටහඬක්.


" එකඟතා හහ් එකඟතා... තමුන්ලට මතකද මම කියපුවා. පොඩි උන්ට බඩු දෙන්න බෑ. කිඩ්නැප් කරපු ගෑනු මෙහෙ විකුනන්න බෑ... මතකද ඒවා... " තරුණයාගෙන් පිට වුනේ තර්ජනාත්මක හඬක්.


" සමාවෙන්න කින්ග් අපේ එකාව දෙන්න. ආයෙ මෙහෙම දෙයක් නොවෙන්න අපි...."

අමතන්නාගේ කතාව නැවතුනේ නැවත තරුණයාගෙ කෝපය පිරුණු හඬ නිසාවෙනි.


" සෙමට්‍රියේ කෙළවර ඉඳියි ආයේ මෙහෙම උනොත් උට කලින් උඹෙ ඔලුව කුඩුපට්ටම් වෙන්න මූනිස්සම් තුන හතරක් බස්සනවා මමම. එච්චරයි... ඔස්ත්‍රෝ ඕකව සෙමට්‍රියට ගිහින් අතාරිනවා... "


පසෙක සිටි ඔස්ත්‍රෝ සෙමෙන් පන්චින් බෑගය බිමට ගෙන කාය වර්ධන මධ්‍යස්තානයෙන් පිට වෙන්න සුදානම් වූවා පමණකි සිදුවූයේ ඉතාලි පාතාල නායකයෙකු අතින් කිසිදා සිදු නොවිය යුතු වරදකි. " කාළකන්නි බැ&%ගෙ පුතා පොඩි එකෙක් උනාට උගෙ කට " දුරකතනයෙන් ඇසිණි....දුරකතනය දෙස නැවත වරක් බැලූ තරුණයා මේසය මත තිබූ ගිනි අවිය ගෙන පන්චින් බෑගයට සිව් වතාවක් වෙඩි තැබීය." දැන් ගිහින් සෙමට්‍රියට දානවා ඕක. මගෙ ඇඳුම ලෑස්ති කරන්න කියන්න මම තනියමයි යන්නේ".


දුරකතනය විසන්ධි කිරීමට අමතකවූ පාතාල නායකයා සිය කට නිසා තම ආයු කාළය කෙටි කලගත් බව නොදැන තම දිවා බොජුන් ඉතාලියේ පිහිටි ඔහුගේ සුවිසාල මැදුරට වී බුක්ති විඳින්නට විය.


" බොස්, කැස්ව මරලනේ ගෙනත් දාලා තියෙන්නේ .' ඉතාලියේ ප්‍රධාන පාතාල කල්ලි නායකයෙකු වන බෙන්ජමින්ගේ දුරකතනයට පණිවිඩයක් ලැබිනි.


සාමාන්‍යයෙන් young king තම වචන වෙනස් නොකරන්නෙකි. එසේනම් ඇයි කැස් මිය ගිහින් ?බෙන් වික්ෂිප්ත වුනි. නමුත් ඒ වන විටත් ඔහුගේ කුතුහලය නිවාදැමීමට මාරයා ඔහුගේ මන්දිරය වෙතට පැමිණ තිබිනි.


මෝටර් සයිකල් ධාවකයින් අඳින ආකාරයේ ඇඳුමකට සමාන ලෙස නිර්මාණය කරන ලද සැහැල්ලු නමුත් අධි ආරක්ෂිත වෙඩි නොවදින ඇඳුමකින් සන්නද්ධව ජේකබ් ඇග්‍රන් කළු පැහැති මෝටර් සයිකලයෙන් බැස විශාල මැදුර වෙත පියමැන්නා.යමෙක් ඉදිරි ගේට්ටු ආරක්ෂකයින් පසු කර ඒනම් ඔවුන් සතුව ගිනි අවියක් නොමැතිව ඇතුල් කිරීම ආරක්ෂයින්ගේ රාජකාරියයි.එම නිසා ඇතුළට රිදී ඔටුන්නක ආකාරයේ කාඩ්පතක් රැගෙන එන්නා අතැතිව ගිනි අවි නොමැති බව ආරක්ෂයින් අනුමාන කරගෙන සිටි අතර රිදි පැහැ ඔටුන්න සහිත අයෙක් පැමිණියේනම් ප්‍රශ්න නොකර තමා ලඟට එවිය යුතුයැයි බෙන් කල අණ පරිදි කිසිදු සේවකයෙකු අමුත්තාගෙ හිස්වැස්ම ගලවන්නැයි බලපෑම් ඇති නොකරීම සේවකයින්ගේ ජීවිතයේ ජීවත් වන දින ගණන අඩුවීම වලක්වාලන ලදි.


බෙන්ගේ කාමරයට ඍජුව ඔහු ඇතුල් වන විට බෙන් සමඟ යහනේ අඩ නිරුවතින් වැතිරී සිටි තරුණියෝ යම් තිගැස්මකට ලක්වුනු නමුත් සයනෙන් බැසයාමටවත් ඔවුන් කටයුතු නොකලේ මෙලෙස මිනිසුන් පැමිණීම නිතර සිදුවන දෙයක් බැවිනි.


" මොකක්ද පණිවිඩය " දහඩියෙන් නෑවී සිටින තරමක් තරබාරු රෝස පැහැ ගෝරිල්ලෙකු සේ පෙනෙන බෙන් විමසූවේ තවත් එක් පණිවිඩකරුවෙකු පැමිනි බව සිතමින්.


" Young King කියන්න කිව්වා ඔබතුමාට බැල්ලිගෙ පුතා උඹෙ කට සදහටම වහන්න ආවා කියලා ... " සාක්කුවකින් එලියට ගත්ත සයිලන්සරයක් සවිකරන ලද පිස්තෝලයේ පතොරම් හතරක් බෙන් ගේ හිස්කබල සිදුකල අතර කෑගසමින් අඩනිරුවතින් සයනයේ වැතිරසිටි තරුනියෝ හිස් ලූලූ අත දිවගියෝය. උණ්ඩ අවසන්ව ඇති බව දක්වමින් තුවක්කුව පත්තු නොවී ක්ලික් හඬක් නංවන්නට විම නිසා ඔහු ගිනි අවිය ක්‍රියාත්මක කරන එක නතර කරන ලදි.


uzi වර්ගයේ ගිනි අවි දෙකක් සඟවාගෙන තිබූ සාක්කුවෙන් එලියට ගත් ඔහු තවත් උණ්ඩ කිහිපයක් පාතාල නායකයාගේ හිස්කබල සිපගැනීමට නිදහස් කර කලබලෙන් කාමරය දෙසට දිව එන ආරක්ෂයන්ගෙන් පිරුනු කොරිඩෝවට පිය නැගී අතර සිය ගිනි අවියෙන් ආරක්ෂයන් රැසකගේද දිවි තොර කලේය.ඔහු දෙසට එල්ල වූ කිසිදු ගිණිඅවියක් නොවෙන්නට වගබලාගත් ඔහු නැවත සිය මෝටර් සයිකලයට පැමිණි පසු තරුණයාගෙ පෞද්ගලික දුරකතනට නාද විය.


................


" හේලෝ මාස්ටර් ජේකබ්. බැරන් මැදුරට හැකි ඉක්මනින් එන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා... ඔබගේ පියා කියන්න කිව්වා පණිවිඩය අගට ක්‍රැබ් කියන්න කියලා... "


"මම ඉතාලියේ ඉන්නේ පැය බාගයකින් පිටත් වෙනවා ජූද් " ජේකබ් ඇග්‍රන් තරුණයා පිළිතුරු දුන්නා.


𝐆𝐇𝐎𝐒𝐓


ලන්ඩනයේ කුඩා අතුරු මාවතක් දිගේ තරුණයෙක් තනිව ගමන් කරමින් සිටියේ ලන්ඩනයේ තවත් එක් සීතල හිමිදිරියක බැහැරයාමට පිටත් වූ අයෙකු මෙන් අලසකමිනි. මාර්ගයේ බංකුවක අසුන්ගෙන පත්තරයක් කියවමින් සිටි අයෙක් එක්වරම රිවර්ස් ඔෆ් බැබිලෝන් ගීයේ තනුව ආකාරයට සිවුරුහන් බාමින් නැගී සිටියේය.


තරුණයාද නැගිට ගිය මිනිසා හිඳ සිටි බංකුවේ අනෙක් කෙළවරේ අසුන්ගත් අතර බංකුවේ පහළ කෙලවරෙහි තැබු ඔහුගේ අතට කුඩා කඩදාසි කැබැල්ලක් හසුවිය.මාර්ගයේ වෙනකෙක් නැති බව සැකහැරගත් දැනගත් ඔහු කඩදාසිකැබැල්ල දිග හැරියේය. පිරිසිදු හීබෲ බසින් එහි මෙසේ ලියා තිබිනි.


" පියා ජුබිලියට පිටව යාමට සුදානමින් ඔබේ පැමිණීම අපේක්ෂා කරයි. "


තරුණ ඩේමියන් බැරන් ඔහු නතර වී සිටි හෝටල් කාමරයෙන් ඔහුගේ ඇඳුම් බෑග සියල්ල රැගෙන එදිනම ඊශ්‍රායලය බලාපිටත් වූවේය.

......................................................


වසර එකහමාරකට පසු පිය පුතු දෙපල හමුවු අතර දිගු කාළයක් ඔවුන් වැළඳගෙන සිටියෝය.


" තාත්තෙ ඇත්තටම මම එන්න එපාද "


පියාට පුතු විසින් පැවසූ අවසාන වදන එය වූ අතර


" මම කියපුවා මතක තියාගන්න...වගකීම් හරියට ඉෂ්ටකරන්න. අම්මා වෙනුවෙන් මට කරන්න බැරි උන දේ කරාට ස්තූතියි පුතා. මට ඔයාගැන ආඩම්බරයි. දෙවියන්වහන්සෙ කැමතිනම් ආපහු හමුවෙමු "


පියා විසින් පුතුට තෙපලූ අවසන වදන් ඒවා විය.


වසර 50කට පසු ආරක්ෂකයින් සිය රහස් ගබඩාවෙහි එක්‍ රැස් වීම වෙනුවෙන් මැලේසියාව බලා සිමියොන් බැරන් පිටත් විය.


පැය කිහිපයකට පසු නිවසෙහි ප්‍රධාන සේවක ජූද් ඩේමියන්වෙත පැමිණි අතර "මාස්ටර් ටිකකට විසිත්ත කාමරයට එන්න පුලුවන්ද " යැයි විමසුවේය.

...............................

.........................

................

..........

......


ඩේමියන් එදා සිටි වීදි කෙළවරේ පාළු නිවසක තියුණු කැපුම් තුවාල සහිතව මියගොස් සිටි මිනිසුන් දෙදෙනෙකු ලන්ඩන් පොලිසියට හමුවන විට තවත් දින දෙකක් ගතවී තිබූ අතර තවත් දිනකට පසු මියගොස් සිටියවුන් ඊශ්‍රායල් ප්‍රභූ කාන්තාවන් කිහිපයක් මරාදැමූ ත්‍රස්තයින් දෙදෙනෙකු බවත් හඳුනා ගනු ලැබිනි.




.............. " මාස්ටර් ඩේමියන් අඳුනගන්න මේ ඉන්නේ ඇලෙක්සා ඩාහන් මෙනවිය , එතකොට මේ ජේකබ් ඇග්‍රන්, අයිසැක් ඇග්‍රන් මහත්මයාගේ වැඩිමහලු පුතා. අවසාන වශයෙන් මේ ගැල් කෝහෙන් මෙනවිය ". බැරන් මැදුරේ වසර හතලිහකට වඩා සේවය කල මහලු එහෙත් හැඩිදැඩි ශක්තිමත් සිරුරකට උරුමකම් කියන බට්ලර් වරයා රදළ පරම්පරා හතරක යොවුන් වියේ පසුවන නමුත් ඊළඟ පරම්පරාවේ කුළුදුලන් ලෙස විශාල වගකීම් රැසකට උරදීම දෛවයවූ යෞවනයන් සිව් දෙනක් මුල්ම වතාවට එකිනෙකාට හඳුන්වාදෙන ලදි.


" හඳුනාගැනීම සතුටක්. කරුණාකරලා මට විනාඩියක් දෙන්න. ජූද් මට ටිකක් කතාකරන්න ඕනේ. " ආචාරශීලීව අමුත්තන්ගෙන් මොහොතකට සමුගත් ඩේමියන් බැරන් පුළුල් විසිත්ත කාමරයේ එක් කොනකට තමා පසුපස එන්නයි ජූද්ට සන් කරමින් ගියේ කැළඹුනු මුහුන අමුත්තන්ගෙන් සඟවමින්.


ඩේමියන් - ජූද් ඇයි මෙයාලා එකපාරටම මෙහෙ ඇවිත් තියෙන්නේ ? කාත් එක්කද එයාලා මෙහාට ආවේ ? මොකද්ද ඔය මූණ ඇද කරන් ඉන්න හේතුව..


ජූද් - මාස්ටර් ඩේමියන් , මෙයාලට එන්න කිව්වේ මමයි. ඔයාලා හතරදෙනා දැනගන්න ඕන දෙයක් තියනවා. ඔයාලගෙ දෙමව්පියෝ සේරම මැලේසියානු ගුවන්‍ යානා අනතුරකින් මිය ගිහිල්ලා.


ඩේමියන් -මොකක් හතර දෙනාම එක සැරේම ? මේ එහෙම වුන දෙවනි වතාව ? මුදුවලට මොකද වෙලා තියෙන්නේ ?


ජූද් - අපේ අය හැම තැනම පීරලා තියනවා මුදුවල කිසිම ළකුනක් නෑ. කලින් සැරේම දේද කියලත් මට සැකයි මාස්ටර්.


ඩේමියන් - හැමෝම මැරිලා කියලා විශ්වාසද මළ සිරුරු කොහොමද අදුනගෙන තියෙන්නේ.


ජූද් - මේ වතාවේ සිමියොන් මාස්ටර්ටත් ගැලවෙන්න බැරිවෙලා කියලා මගෙ හිත කියනවා මාස්ටර් ඩේමියන්.


විසි හය හැවිරිදි තරුණයාගේ මුහුනෙන් පෙනුනු භාවයන්ගේ කිසිම වෙනසක් ජූද් හඳුනාගත්තේ නැත. හැඳිනීමට තරම් වෙනසක් ඒ මුහුණෙහි සිදු වූයේ නැත. කිසිවක් නොවුනා සේ අමුත්තන් වෙතට නැවත ගිය ඔහු සිය හඬ අවදි කලේය.


" නෝනාවරුණි මහත්වරුනි මම හිතන්නේ අපි කතාකළ යුතු දෙයක් තියනවා.හැබැයි මෙතන ඉදන් නෙවෙයි. මම සතුටුවෙනවා ඔයාලත් මාව අනුගමනය කළානම්. කරුණාකරලා "

ඩේමියන් නිවස තුළට සිය ගමන ඇරඹුවේය.

බාගෙට කළිසමට යටකල කමිසයේ එක් කොනක් කලිසමෙන් පිට පැන අත් දිග කමිසයේ එක අතක් පමණක් නවාගෙන අපිළිවල කොණ්ඩක් සහිතව වයින් වීදුරුවක් තොලගාමින් තමන් ඉදිරියෙන් ගමන් කරන ඩේමියන්ගේ අමුතු කඩවසම් පෙනුමක් ඇති බව ගැල් කෝහෙන්ගේ දෑසට අසුවී තිබිණ. නමුත් ජේකබ් සහ ඇලෙක්සා දෙදෙනාට ඩේමියන්ට අවධානයක් යොමු කරනවාට වඩා අවධානය යොමු කිරීමට ප්‍රමාණවත් තෙල් සිතුවම් වලින් ගමන් ගන්නා කොරිඩෝව පිරී තිබිනි. නමුත් පොත් රාක්කයක් ඉදිරියේ ඩේමියන් සිය ගමන නතර කිරීමත් සමඟ සියල්ලන්ගේම අවධානය පොත් රාක්කයට යොමු විනි.


රාක්කය පුරා පිළිවලට අසුරා තිබූ පොත්වල එක්තරා විශේෂත්යක් විය. සෑම පොතක දාරයකම ඉහළ කෙළවරේ එකිනෙකට වෙනස් නමුත් විශාල තනි අකුරක් මුද්‍රයණ කර තිබිණි. ඩේමියන් රාක්කයේ ඉහළම කොටසේ හරි මැදට වෙන්න තිබුනු "D" අක්ෂරය මුද්‍රිත පොත රාක්කයෙන් අඩක් එළියට ඇද අනෙක් රාක්ක කොටස් වලත් විවිධ පොත් රාක්කයෙන් අඩක් ඉවතට ඇද්දේය. පොත් රාක්කය පිටුපසින් තියුණු ලෝහ ගැටෙන ශබ්ධයක් නිකුත් වුනු පසු එතැන සිටි ජූද් පොත් රාක්කය මදක් ඉවතට තල්ලු කලේය. කිසිදු ශබ්ධයක් නොනගා පොත් රාක්කය තල්ලු වී ගිය අතර එතැන රන් රිදී පිත්තල වානේ සහ යකඩ සියල්ලම කැටි කර සාදන ලද ඔලීව් අතු දෙකක් කැටයම් කරණ ලද දොරක් විය.


සිය ගෙලෙහි බැඳි මාලයේ වූ යතුරෙන් දොරටුව විවෘත කල ඩෙමියන් සියල්ලන් සමඟ රහසිගත කාමරයට ඇතුල් වූ පසු ස්වයංක්‍රීයව දොරටුව සංවෘත විය. ජූද් පමණක් කොරිඩෝව තුළ හුදකලා වූ අතර කිසිදු හඬක් නොනගමින් පොත් රාක්කය නැවත තිබූ ස්ථානයටම පත් විය.එලෙසම ඉවතට ඇද තිබූ පොත් සියල්ල නැවත රාක්කය තුල සුපුරුදු පරිදී තිබුණත් වසර හයක් පුරා රැඳී දූවිලි තට්ටුවෙන් පොත් නිසා දූවිලි ඉවත්වූ සළකුණු පනස් දෙකක් රාක්කයේ ඉතිරිව තිබිණ. සිය ලෙන්සුවෙන් දූවිලි පිස දැමූ ජූද් තවත් රාක්කයක් පිටුපස තිබූ ගිණි අවිය දෑතට ගෙන කොරිඩෝවට ප්‍රවේශවන ස්ථානය මුරකිරීමට පටන් ගත්තේය.




ගුවන් යානයේ සිටි වැඩිහිටි ගාඩියන්ස්ලට මොනවද උනේ ? නව ගාඩියන්ස්ලා මොන වගේ අභියෝග වලට මුහුණ දෙයිද ? අභිරහස් මුදු මොනවද ? කියලා දැනගන්න ස්කල් වර්ස් එක යටතේ පලවෙන පළමු කතාමාලාව The Legend Of The Guardians තව නොබෝ දිනක සිට කියවන්න සුදානම් වෙලා ඉන්න....

9 views0 comments

Comments


bottom of page